89. "නිර්වාණය" හේතු-ප්‍රත්‍යයන්ගෙන් තොර ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නිර්වාණය හේතුප්‍රත්‍යයන්ගෙන් තොර ද?

A. "මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්නොකළ අසංඛතයාගේ නොහොත් නිර්‍වාණයාගේ මේ ලක්‍ෂණ තුනක් වෙත්. කවර තුනක්ද යත්, ඉපදීම නොපෙනේද, විනාශය නොපෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් නොපෙනේද, මහණෙනි, මේ තුන අසංඛත සංඛ්‍යාත නිර්‍වාණයාගේ ප්‍රත්‍යයෙන් සකස් නොකළ ලක්‍ෂණයෝයි."

R. "තීණිමානි, භික්ඛවෙ, අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි? න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානී’’ති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll