Q. උදා-උපන් වාට්ටුවේදී ළමයෙකු මාරු වීම හා එම ළමයා වැඩි වියට පත් වීමෙන් පසු නියම පියා බව නොදැන (මරනීය චේතනාවෙන්) පුද්ගලයෙකු(නියම පියා) මරනයට පත් කිරීම. *මොහු කිසිවිටක මරනයට පත් කරන තැනැත්තා තම නියම පියා බව නොදනී*
ප්‍රශ්නය- ආනන්තරීය පාපයක් සිදු නොවේද? සිදු වේද? එයට සම්බන්ධ අකුසලයක් සිදු වේද?
A. ආනන්තරිය පාප කර්මය සිදු වේ.
R. "මා පියන් මැරීම
මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය වූ ම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නො වැරදී ම විපාකය ලබන්නට සිදු වන බැවින් ආනන්තර්‍ය්‍ය කර්ම නම් වූ මාතෘඝාත පීතෘඝාත කර්ම සිදු වේ. සමහර කෙනකුට මාපිය දෙදෙනාගෙන් එකෙක් තිරිසන් විය හැකි ය. මනුෂ්‍ය ජාතික දරුවා විසින් ඒ තිරශ්චීන මව හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු නොවේ. තිරිසන් දරුවකුට මනුෂ්‍ය වූ ම හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. එයින් ඔහුට බරපතල අකුශලයක් පමණක් වේ. මනුෂ්‍යයකු විසින් නො දැන ස්වකීය මව හෝ පියා හෝ මැරුයේ ද, ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. මේ කරුණ පැහැදිලි කිරීම පිණිස ඒලක චතුෂ්කය ය, චෞර චතුෂ්ක ය ය, සංග්‍රාම චතුෂ්කය ය, පලාල චතුෂ්කය ය යන චතුෂ්ක සතර දක්වා තිබේ.
යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි. මව හෝ පියා මරන්නට සිතා රාත්‍රියේ ගොස් පහර දුන් කල්හි එතැන මව හෝ පියා නො සිට එළුවකු සිට ඒ පහර වැදී මිය ගියේ ද, පහර දුන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මයක් නොවේ. මා පියන් මරමියි සිතා මා පියන් මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. එළුවකැයි සිතා එළුවකු මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මේ ඒලක චතුෂ්කය යි.
රාත්‍රී කාලයේ දී සොරෙකැ යි සිතා මව හෝ පියා මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මාපියෝ යයි සිතා සොරකු මරන්නා හට ද සොරෙකැයි සිතා සොරකු මරන්නා හට ද ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මා පියෝ යයි සිතා මා පියන් මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මේ චෞර චතුෂ්කය යි.
යුද්ධයක දී සතුරු පක්ෂයේ පියා සිටිනු දැක අන්‍යයන්ට පහර දුන් කල්හි පියා පලායෙති’ යි සිතා අන්‍යයන්ට පහර දෙන කල්හි, පියාට පහර වැදී මළේ ද එයින් ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. පහර දීම පියා මරනු පිණිස කරන ලද්දක් නොවන හෙයිනි. සතුරු පක්ෂයේ පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරකුට විද්ද කල්හි, හීය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාට ද වැදෙන බව දැන, ඉදිරියේ සිටින සතුරාට විද්ද කල්හි, ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මළ හොත් ආනන්තර්‍ය්‍ය කර්මය වේ.
ආයුධය සුද්ධ කර ගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කල්හි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේ ද, ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. යම් කිසිවකු පිදුරු යට සැඟ වී සිටින බව දැන ඔහු මරමි යි පිදුරු ගොඩට ඇන්න කල්හි පියා හෝ මව එහි සිට මළේ වේ නම් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු වේ."