417. අමනුෂ්‍යයින් නොපෙනෙන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අමනුෂ්‍යයින් අපට නොපෙනෙන්නේ ඇයි

A. අපේ ඇස (චක්ඛු ප්‍රසාදය) අපේ පෙර කර්මයෙන් ම හටගත් රූපයක් (කර්මජ චක්ඛු දශකය) බැවින් ඉන් අපට දැකිය හැක්කේ (කාම භූමියේ විපාක වශයෙන්) සීමිත පරාසයක් පමණි. එබැවින් (ප්‍රේත / දේවාදී) අමනුෂ්‍යයන් ඊට (අපේ ඇසට) අරමුණු නොවේ.
කුසල් වැඩීමෙන් (සිත දියුණු කිරීමෙන්) කර්මජ රූප (දියුණු / තියුණු වී) වෙනස් වීමෙන් මසැසින් ම ද අමනුෂ්‍යයන් අරමුණු කළ හැක.

[A. “භින්නෝන්මාදය” නමැති රෝගයට ද එසේ  අමනුෂ්‍යයින් ආදී හෝ නොයෙක් දෑ (මනෝ විකාර = Hallucinations) පේනවා.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll