636 - කර්මෙ ද? - කරුමෙ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පෙර කර්මානුරූපව මේ ආත්මයේදී ලැබෙන දේ මොනවාද?

A. 1. (හොඳ තැනක හෝ නරක තැනක) ඉපදීම.
2. සිත - කය - ස්ත්‍රී හෝ පුරුෂ භාවය ලැබීම.
3. ඇස - කණ - නාසය - දිව ලැබීම.
4. සැප-දුක් ලැබීම.
5. ජීවත්වීම හෝ මරණය ලැබීම.
(මෙය ඉතා ම සරල විග්‍රහයකි - කර්ම හා කර්ම විපාක අතිශයින් සංකීර්ණ වූ ද විචිත්‍ර වූ ද විෂය කි.)

A / T. "කර්ම විපාක" - https://pitaka.lk/books/karma-vipaka/index.html
A / R. “ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය, චක්ෂුඃ ප්‍ර‍සාදය යන රූප දශය එක් වීමෙන් සෑදෙන කලාපය චක්ෂුර් දශක කලාප නම් වේ.

ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය යන මේ නවයට ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ශ්‍රෝත්‍ර‍ දශක කලාප නම් වේ.
ඒ නවයට ඝ්‍රාණ ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ඝ්‍රාණ දශක කලාප නම් වේ.
ඒ නවයට ජිහ්වා ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ජිහ්වා දශක නම් වේ.
කාය ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය කාය දශක නම් වේ.
ස්ත්‍රී භාව රූපය එක්වීමෙන් සෑදෙන කලාපය ස්ත්‍රීභාව දශක නම් වේ.
පුරුෂ භාව රූපය එක් වීමෙන් සෑදෙන කලාපය පුම්භාව දශක නම් වේ.
හෘදය රූපය එක් වීමෙන් සෑදෙන කලාපය වස්තු දශක නම් වේ.
අවිනිබ්භෝග රූප අටට ජීවිත රූපය එක් වීමෙන් සෑදෙන කලාපය ජීවිතනවක නම් වේ.
මෙසේ කර්‍මජ කලාප නවයක් වේ.”

https://pitaka.lk/books/abhidharma-margaya/7-8.html

https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/10-3.html
https://pitaka.lk/books/abhidharma-margaya/7-9.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll