253. රූපස්කන්ධය ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පන්ච උපාදානස්කන්දයේ පළමු අංගය වන රූපස්කන්දය හා අවසන් අංගය වන විඣාණස්කන්දයේ පළමු කොටස වන චක්කු විඣාණය අතර වෙනස පැහැදිළි කරදෙන්න.

A / R. “සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත.”
“ඇස ඉදිරියට රූපයක් පැමිණි කල්හි ඇස ඇසුරු කොට, ඉදිරියට පැමිණියා වූ වස්තුව දැන ගන්නා වූ සිතක් පහළ වේ. එයට චක්ෂුර් විඥානය යි කියනු ලැබේ. ඇස කරණකොට ගෙන ඇස ඉදිරියෙහි වූ වස්තූන් දැන ගැනීම සිතක් වුව ද සාමාන්‍ය ජනයා එයට සිතය යි නොකියා, පෙනීම යයි ද දැකීම යයි ද කියති.”

රූපස්කන්ධය -
http://pitaka.lk/books/rc/Chathurarya_Sathya.htm...

විඥානස්කන්ධය -
http://pitaka.lk/books/rc/Chathurarya_Sathya.htm...


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll