Q. කාය විඥ්ඥප්තියත් කාය සංකාරයත් අතර වෙනස මොකද්ද?
A. කාය සංස්කාර = කයින් කරන කර්ම.
කාය සංස්කාර = ආශ්වාස-ප්‍රශ්වාස.
(මෙතැනදී කයෙන්) [බොහෝ අවස්ථා වලදී] යමක් කිරීමට ආදළ ප්‍රධාන ‘නාම කොටස’ ‘චේතනා චෛතසිකය’ වන අතර, ඒ හා උපදින ප්‍රධාන ‘රූප කොටස’ (‘රූප කොටස’ = මහා භූතයන්ගේ ස්වරූපය අවශ්‍ය පරිදි වෙනස් කරන, සිතින් ම උපන් වායු බලය) ‘කාය විඤ්ඤත්ති රූපය’ බවයි මාගේ පෞද්ගලික අදහස.
A / R. “ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කීදෙනෙක්ද?”
“ඇවැත්නි, විසාඛයෙනි, මේ සංස්කාරයෝ තුන්දෙනෙකි. කාය සංස්කාරය, වාක් සංස්කාරය, චිත්ත සංස්කාරය” (යන තුනයි.)
“ආර්‍ය්‍යාවෙනි, කාය සංස්කාරය කවරේද? වාක් සංස්කාරය කවරේද? චිත්ත සංස්කාරය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාරයෝයි විතර්ක විචාරයෝ වාක් සංස්කාරයෝ වෙත්. සංඥාවත්, වේදනාවත් චිත්ත සංස්කාරයයි.”
“ආර්‍ය්‍යාවෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයින් කාය සංස්කාර නම් වේද? විතර්ක විචාර දෙක කවර හෙයින් වාක් සංස්කාර නම් වේද? සංඥා වේදනා දෙක කවර හෙයින් චිත්ත සංස්කාර නම් වේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ වනාහි කයෙහි හටගත්තාහුය. මේ ධර්මයෝ වනාහි කය පිළිබඳය (හෙවත් කය ඇතිකල්හි මිස නැති කල්හි ඇති නොවන්නාහ.) එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාර නමි. ඇවැත් විසාඛයෙනි, පළමුකොටම කල්පනා කොට විචාරණය කොට, පසුව වචන කථාකරනු ලැබේ. එහෙයින් විතර්ක විචාරයෝ වාක් සංස්කාරයි, සංඥාවත් වේදනාවත් සිතෙහි හටගන්නාහුය. මේ ධර්මයෝ සිත පිළිබඳය, (සිත ඇති කල්හි ම හටගන්නාහුය.) එහෙයින් සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයි.”
එබැවින් කාය සංස්කාරය ලෙස හුස්ම (ආශ්වාස-ප්‍රශ්වාස) ද වචී සංස්කාරය ලෙස විතක්ක-විචාර හා මනෝ සංස්කාරය ලෙස සංඥාවත්-වේදනාවත් දක්වන තැන් වල දී (කය/වචනය/සිත හා) “බැඳී පවතින” යන අරුතින් ඒවා දක්වන බවත්, එසේ නොවන විටදී කුසලාකුසල චේතනා ප්‍රමුඛව ම දක්වන බවයි මාගේ පෞද්ගලික අදහස. (විමසිය යුතු යි.)
{ඇතැම් තැනක සංස්කාර සඳහා 1. සම්පජාන හා 2. අසම්පජාන යන භේදය ද දක්වා ඇත.
1. සම්පජාන = (අපේ) දැනීමක් ඇතිව, සවිඥානිකව ...
2. අසම්පජාන = (අපේ) දැනීමක් නැතිව, අවිඥානිකව ...
1. සඳහා - සංස්කාරය ලෙස කුසලාකුසල චේතනාවන් ආදිය ...?
2. සඳහා - සංස්කාරය ලෙස හුස්ම (ආශ්වාස-ප්‍රශ්වාස) ද වචී සංස්කාරය ලෙස විතක්ක-විචාර හා මනෝ සංස්කාරය ලෙස සංඥාවත්-වේදනාවත් ආදිය ...?
(විමසිය යුතු යි.)}"
ශරීරාවයව ක්‍රියා කරවන චිත්තජ වායුවේ වේගය ඒ ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ ඒ අතට හරවන බල විශේෂය කාය විඤ්ඤත්තිය නම් වේ. යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයෙන් යුක්ත වන චිත්තය උපදනා කල්හි, ඒ සිතේ බලයෙන් අඳුරු කාමරයක ගිනිකූරක් ගැසූ කල්හි, ඒ කාමරය පුරා ආලෝකයක් ඇති වන්නාක් මෙන්, සොලව්නනට වුවමනා ශරීරාවයව පුරා වායුවක් ඇති වේ. ශරීරාවයව සෙලවෙන්නේ ඒ වායු වේගයෙනි. විඤ්ඤත්ති රූපයත් ඒ වායුව සමගම ඇති වන්නකි. එයින් වුවමනා අතට වායු වේගය මෙහෙයවනු ලැබේ. ශරීරාවයවවල ඉහළ යෑම් පහළට යෑම් ආදිය ක්‍රියාවට වුවමනා පරිදි සිදු වන්නේ ඒ මෙහෙයීම නිසා ය."
A / R. "සංස්කාරයෝ ය යනු ලෞකික කුශලාකුශල චේතනාවෝ ය. පුඤ්ඤාභිසඞ්ඛාරය, අපුඤ්ඤාභිසඞ්ඛාරය, ආනෙඤ්ජාභිසඞ්ඛාරය කියා කුශලාකුශල චේතනා සමූහය තුන් කොටසකට බෙදා තිබේ. කාමාවචර කුශල චේතනා අට හා රූපාවචර කුශල චේතනා පස පුඤ්ඤාභිසඞ්කාර නම් වේ. අකුසල චේතනා දොළොස අපුඤ්ඤාභිසංඛාර නම් වේ. අරූපාවචර කුශල චේතනා සතර ආනෙඤ්ජාභිසඞ්ඛාර නම් වේ. බලවත් සමාධියෙන් යුක්ත වන අරූපාවචර කුශලය ලෙහෙසියෙන් නො සෙලවෙන බැවින් එයට ආනෙඤ්ජාභිසඞ්ඛාරය යි කියනු ලැබේ. කායසඞ්ඛාර - වචීසඞ්ඛාර - චිත්තසඞ්ඛාර කියා ද සඞ්ඛාරය ත්‍රිවිධවේ."
A / R. "එක් ක්‍රමයකින් පුඤ්ඤාභිසංඛාරය, අපුඤ්ඤාභි සංඛාරය, ආනෙඤ්ජාභිසංඛාරය යන තුන ද, තවත් ක්‍රමයකින් කායසංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරය යන තුන ද අවිද්‍යාව නිසා හටගන්නා වූ සංඛාරයෝ ය යි දක්වන ලදී. එහි දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර කුශල චේතනාව හා භාවනාමය වූ රූපාවචර කුසල චේතනාව ද පුඤ්ඤාභිසංඛාර නමි. කාමාවචර වූ අකුශල චේතනාව අපුඤ්ඤාභිසංඛාර නමි. අරූපාවචර කුශල චේතනාව ආනෙඤ්ජාභිසංඛාර නමි.
‘ ආනෙඤ්ජ’ යන වචනයේ තේරුම නො සැලෙන දෙය යනු යි. රූපාවචර කුශලය වනාහි සමාධියට සතුරු වූ ධර්මයන්ට සමීප වූවකි. අරූපාවචර කුශලය වනාහි සමාධියට සතුරු වූ කාමච්ඡන්දාදීන් කෙරෙන් ඉතා දුරට ගිය ධර්මයෙකි. එය කාමච්ඡන්දාදීන් විසින් පහසුවෙන් සෙලවිය හැකි නො වේ. ඒ අරූප කුශලයෙන් උපදවන භවය ද කිසිවෙක නො සැපෙන අතිසූක්ෂ්ම භවයක් වූයෙන් කිසිවක් නිසා නො සැලෙන භවයකි. අරූපාවචර කුශලය වනාහි තමා නො සැලෙන බැවින් හා නො සැලෙන භවයක් ඇති කරන බැවින් ද ආනෙඤ්ජාභි සංඛාර නම් වේ.
කායසංඛාරාදි තුන අතුරෙන් ශරීරය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කර්මය සිදු කරන කුශලාකුශල චේතනාව කායසංඛාර නම් වේ. මලක් පුදන තැනැත්තා එය සිදු කරනුයේ මල අතින් ගෙන පූජාසනයෙහි තැබීමෙනි. අතේ උපකාරය නැතිව මල් පිදීමේ චේතනාවට පමණක් එය නො කළ හැකි ය. එබැවින් අතින් ගෙන මල් පුදන්නා වූ කුශල චේතනාව කාය සංඛාරයකි. සතකු මරන තැනැත්තා එය කරනුයේ අතින් හෝ අතින් ගත් ආයුධයකිනි. ශරීරයේ ආධාරය නැතිව චේතනාවට ම ප්‍රාණවධය නො කළ හැකි ය. එබැවින් සතකු මරන්නා වූ ප්‍රාණඝාත චේතනාව කායසංඛාරයකි. වචනය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කාර්‍ය්‍යය සිදු කරන චේතනාව වචීසංඛාර නමි. කථා කිරීමේ මාර්ගයෙන් ක්‍රියා සිද්ධිය කරන චේතනාවෝ වචීසංඛාරයෝ ය. කයේ හෝ වචනයේ හෝ උපකාරයක් වුවමනා නැති, මෙත් කිරීම් ද්වේෂ කිරීම් ආදි වශයෙන් පවත්නා කුශලාකුශල චේතනාවෝ චිත්තසංඛාරයෝ ය.
මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාරය දෙයාකාරයකින් දක්වන ලද නමුත් ධර්ම වශයෙන් ඒවායේ වෙනසක් නැත. පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර ය යි කී කල්හි ද සංඛාර සියල්ල ම ගැනෙන්නේ ය. කායසංඛාර වචීසංඛාර චිත්තසංඛාරය යි කී කල්හි ද සංඛාර සියල්ල ම ගැනෙන්නේ ය. ශරීරයේ ආධාරයෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයෝ කායසංඛාරයෝ ය. කථාකිරීමෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයෝ වචීසංඛාරයෝ ය. ක්‍රියා සිඬිය සඳහා ශරීරයේ හා කථාවේ ද උපකාරයක් උවමනා නො වන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයන් හා ආනෙඤ්ජාභිසංඛාරයෝ චිත්ත සංඛාරයෝ ය."
R. "රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන ස්කන්ධ පඤ්චකය උපදවා ගැනීම සඳහා ද, පවත්වා ගැනීම සඳහා ද සත්ත්වයන් විසින් කරන්නා වූ කෑම් - බීම් - නෑම් - ඉඳුම් - හිටුම් - යෑම් - නිදීම් ආදි අනේක ප්‍රකාර ක්‍රියාවන් සිදු කරන්නා වූ චේතනාව ප්‍රධාන කොට ඇති චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය යි කියනු ලැබේ.
චේතනාව විසින් අවශේෂ චෛතසිකයන් හා සිත ද සහාය කොට ගෙන ඒ ඒ කායික, වාචසික, මානසික ක්‍රියා සිදු කරනු ලැබේ. එබැවින් සත්ත්වයන් කරන සෑම ක්‍රියාවකට ම චේතනාව ප්‍රධාන වේ. සිතෙහි හා අන්‍ය චෛතසිකයන්ගේ ද සහයෝගය නොමැතිව හුදු චේතනාවටමත් කිසි ම ක්‍රියාවක් සිදු කළ නො හෙන බැවින් එයට අන්‍ය චිත්ත චෛතසිකයන්ගේ සහයෝගය ද වුවමනාය. චේතනාව හා එක්ව ඒ ඒ ක්‍රියා සිදුකරන බැවින් අන්‍ය චිත්ත චෛතසිකයෝ ද, සංස්කාරයෝ ම ය. ක්‍රියා සිදු කරන්නෝ ම ය. එහෙත් චිත්ත, වේදනා, සංඥා යන ධර්ම තුන වෙන් වෙන් වූ ස්කන්ධ තුනක් කොට ගන්නා ලද බැවින්, ඒවාට සංස්කාර යයි නො කියනු ලැබේ. චේතනාව සහිත වූ චෛතසික පනසකට පමණක් සංස්කාරයෝ ය යි කියනු ලැබේ.
චේතනා ප්‍රධාන චෛතසික ධර්ම සමූහය විසින් සිදු කරන්නා වූ ක්‍රියා අතුරෙන් කොටසක් මෙලොව පිණිස ද, කොටසක් පරලොව පිණිස ද සිදු කරනු ලැබේ. කෑම් බීම් ඉඳීම් සිටීම් නිදීම් යෑම් හැඳීම් පැළඳීම් ආහාර පාන වස්ත්‍රාදිය සැපයීම් මුදල් සැපයීම් ආදිය මෙලොව පවත්නා ස්කන්ධපඤ්චකය සඳහා කරන්නා වූ ක්‍රියාවෝය. එයිනුදු ඉරියව් පැවැත්වීම් ආහාර වැළඳීම් ආදිය රූපස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. මිහිරි අහර බුදීම්, ක්‍රීඩා පැවැත්වීම්, නැටුම් බැලීම් ආදිය වේදනා ස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. අකුරු ඉගෙනීම් ආදිය සංඥාස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. ශ්‍රද්ධා ප්‍රඥා වීර්යාදිය වර්ධනය කර ගැනීම සඳහා කරන ක්‍රියාවෝ සංස්කාර විඥානයන් සඳහා කරන ක්‍රියාවෝය. සමහර විටක දී කෑම් බීම් ආදි සියල්ල ම ද ස්කන්ධ පඤ්චකය ම සඳහා කරන ක්‍රියාවෝය. අනාගතයෙහි දෙව් ලොව මිනිස් ලොව ඉපදීම සඳහා කරන දාන ශීලාදි ක්‍රියාවෝ අනාගත භවයෙහි පඤ්චස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. ඒ ඒ ක්‍රියා සිදු කිරීමෙහි චේතනාව ම ප්‍රධාන බැවින් පඤ්චස්කන්ධය සැකෙවින් දක්වන නොයෙක් සූත්‍රවලදී තථාගතයන් වහන්සේ විසින් චේතනාව ම සංස්කාරස්කන්ධය වශයෙන් වදාරා තිබේ."
A. කාය සංස්කාර = කයින් කරන කර්ම.
කාය සංස්කාර = ආශ්වාස-ප්‍රශ්වාස.
(මෙතැනදී කයෙන්) [බොහෝ අවස්ථා වලදී] යමක් කිරීමට ආදළ ප්‍රධාන ‘නාම කොටස’ ‘චේතනා චෛතසිකය’ වන අතර, ඒ හා උපදින ප්‍රධාන ‘රූප කොටස’ (‘රූප කොටස’ = මහා භූතයන්ගේ ස්වරූපය අවශ්‍ය පරිදි වෙනස් කරන, සිතින් ම උපන් වායු බලය) ‘කාය විඤ්ඤත්ති රූපය’ බවයි මාගේ පෞද්ගලික අදහස.
A / R. “ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කීදෙනෙක්ද?”
“ඇවැත්නි, විසාඛයෙනි, මේ සංස්කාරයෝ තුන්දෙනෙකි. කාය සංස්කාරය, වාක් සංස්කාරය, චිත්ත සංස්කාරය” (යන තුනයි.)
“ආර්‍ය්‍යාවෙනි, කාය සංස්කාරය කවරේද? වාක් සංස්කාරය කවරේද? චිත්ත සංස්කාරය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාරයෝයි විතර්ක විචාරයෝ වාක් සංස්කාරයෝ වෙත්. සංඥාවත්, වේදනාවත් චිත්ත සංස්කාරයයි.”
“ආර්‍ය්‍යාවෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයින් කාය සංස්කාර නම් වේද? විතර්ක විචාර දෙක කවර හෙයින් වාක් සංස්කාර නම් වේද? සංඥා වේදනා දෙක කවර හෙයින් චිත්ත සංස්කාර නම් වේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ වනාහි කයෙහි හටගත්තාහුය. මේ ධර්මයෝ වනාහි කය පිළිබඳය (හෙවත් කය ඇතිකල්හි මිස නැති කල්හි ඇති නොවන්නාහ.) එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාර නමි. ඇවැත් විසාඛයෙනි, පළමුකොටම කල්පනා කොට විචාරණය කොට, පසුව වචන කථාකරනු ලැබේ. එහෙයින් විතර්ක විචාරයෝ වාක් සංස්කාරයි, සංඥාවත් වේදනාවත් සිතෙහි හටගන්නාහුය. මේ ධර්මයෝ සිත පිළිබඳය, (සිත ඇති කල්හි ම හටගන්නාහුය.) එහෙයින් සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයි.”
A / C / T. "අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංස්කාර හටගන්නා බව කියන විට දී, (එතැනදීත්) කාය සංස්කාරය ලෙස හුස්ම (ආශ්වාස-ප්‍රශ්වාස) ද වචී සංස්කාරය ලෙස විතක්ක-විචාර හා මනෝ සංස්කාරය ලෙස සංඥාවත්-වේදනාවත් ගතහොත්, කුසලාකුසල චේතනාවන්ට කුමක් සිදුවේද? පරම ගාම්භීර පටිච්චසමුප්පාදය හට කුමක් සිදුවේද? (විමසිය යුතු යි.)