744. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. විදර්ශනාවේදී මේ සියල්ල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යනුවෙන් වඩයි.
අනාත්ම බැවින් පුනුරුත්පත්තියේදීත් මම හෝ මගේ ආත්මයක් නැවත නූපදී.

මගේ මරණයෙන් මතු උපදින සත්වයාද, මම, මගේ හෝ මගේ ආත්මය නොවන බැවින් මතු භවයක විඳවීම්ද මට හෝ මගේ ආත්මයට සිදු නොවේ.

එසේ නැවත උපදින්නේ මම හෝ මගේ ආත්මය නොවේ නම් නිවන් දැකිය යුතු වන්නේ ඇයි?
යම් දිනෙක නිවන් දකින්නේ නම් ඒ නිවන් දකින්නේද මම හෝ මගේ ආත්මය නොවේ නේද?

A. සසර / අතීත භවවල සහ මේ භවයේ කරපු-කියපු-හිතපු (ඇතැම් / බොහෝ) කර්මවල විපාක විදිහට අපි දැන් (මේ භවයේ) සැප-දුක් විඳිනවා-විඳවනවා වගේ ම සිද්ධියක්-සිද්ධිදාමයක් තමා ඉදිරි සසර (භවවලත්) වෙන්නේ.

[මේ සිද්ධිදාමය කෙළවරක් නැති නිසා වගේම, පොඩි සැපක් ඇතත් - විඳින ඒ පොඩි සැපත් වෙනස්වෙලා යන (අනිත්‍ය) නිසාත්, දුක් ගොඩාක් (අනත්ත-අප්‍රමාණ දුක්) විඳින්න-විඳවන්න වෙන නිසාත්, නිවන් සැප ස්ථිර (නිත්‍ය) නිසාත් තමා නිවන් දකින්න ඕන - පුද්ගල භාවයෙන් ගන්නවා නම්, නිවන් සැප විඳින්නෙත් නිවන් දැකපු පුද්ගලයා / කෙනා ම තමා.]

මගේ, මම, මගේ ආත්මය කියලා දකිනකොට කෙළවරක් නැති භවයන්ට මාරු වෙවී, දුක් ගොඩාක් (අනත්ත-අප්‍රමාණ දුක්) විඳ-විඳ (සසර) යන්න වෙනවා; මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා දකින කොට නිවන් දකින්න පුළුවන් වෙනවා.

{සාමාන්‍ය කාරණා, දාර්ශනික කාරණා එක්ක හරි - සම්මුති කාරණා, පරාමාර්ථ කාරණා එක්ක හරි - ඒ කාරණා කොටස් දෙකම / හතරම පටලවා (එකිනෙක / කවලං) කර ගත්ත වෙලාවට ඔය වගේ ප්‍රශ්න පැන නඟිනවා.}

T / R. "නිවන් සුවය හා පුද්ගලයා

පිරිනිවන් පානා රහතන් වහන්සේලා මතු නූපදනා බැවින් නිවනට පැමිණීමෙන් සත්ත්වයා නැති වන්නේය. නිවන කොතරම් වටිනා දෙයක්ය කියතත් එය ලබා ගත් තැනැත්තා නැති බැවින් නිවන පලක් නැති, බිය විය යුතු දෙයකැයි සමහරු සිතනුයේ සත්ත්ව තත්ත්වය නො දැනීමෙනි. නිවනෙහි නිවන් සුවය විඳිමින් සිටින සත්ත්වයකු නැති බව නම් සත්‍යයකි. සත්ත්වයකු නැත්තේ නිවනෙහි පමණක් නො වේ. නිවනෙන් පිටත ද පරමාර්ථ සත්‍ය වශයෙන් ස්කන්ධ ම මිස කොතැනකවත් සත්ත්වයෙක් නැත. ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේ ය. එහි රූපය ද සත්ත්වයා නො වේ. වේදනාව ද සත්ත්වයා නො වේ. සංඥාව ද සත්ත්වයා නො වේ. සංස්කාරයෝ ද සත්ත්වයා නො වේ. විඤ්ඤාණය ද සත්ත්වයා නො වේ. ස්කන්ධ පංචකය හැර සත්ත්වයෙක් ද නැත. එ බැවින් ව්‍යවහාර මාත්‍ර‍ය හැර සත්ත්වයාය කියා කිසිවක් නැති බව දත යුතු ය.

සූර්‍ය්‍යයාගේ ගමන නිමිත්ත කොට දවසය යන ව්‍යවහාරය පවතිනු මිස ඇත්ත වශයෙන් දවසය කියා කිසිවක් නැත. හිරු ද දවස නො වේ. හිරු එළිය ද දවස නො වේ. අඳුර ද දවස නො වේ. ඒවා හැර දවසය කියා ගත හැකි අන් දෙයක් ද නැත. හුදෙක් දවසය යනු ව්‍යවහාර මාත්‍ර‍යකි. දවසය කියා කිසිවක් නැතත් ව්‍යවහාරය පුරුදු වීමෙන් සෑම දෙනාට ම දවසය කියා දෙයක් ඇති සේ වැටහී තිබේ. සත්ත්වයා යනු ද එසේ ම ඇති සේ වැටහී තිබෙන නැති දෙයකි. ඒ පරිකල්පිත සත්ත්වයා හෙවත් පුද්ගලයා ඇති සැටියට ගෙන ලෝක ව්‍යවහාරයාගේ වශයෙන් කියත හොත් ස්කන්ධ පංචකයාගේ හිමියා වූ ඒ සත්ත්වයා ම නිර්වාණ සුඛයාගේ හිමියා බව ද ඒ සුවය ලබාගෙන සිටින තැනැත්තා බව ද කිය යුතු ය. ස්කන්ධ දුඃඛය යමකුගේ නම්, දුඃඛ නිරෝධ සංඛ්‍යාත විමුක්ති සුඛයත් ඔහුගේ ම ය. ඒ බැවින් නිවනෙහි සත්ත්වයකු නැතය කියා නො බිය විය යුතු ය."

https://pitaka.lk/books/chathurarya-sathya/11-7.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll