[Watch in 4K — Recommended Resolution.]


981. ආර්ය සීලයේ අංග අට දන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආර්ය කාන්ත ශීලයේ අංග අටක් තියෙනවා ද?

A. "අරිය කන්ත‍ෙහි = ආර්යයන් හට ප්‍රියවූ ද, මනාප වූ ද අයුරින්, වෙනත් භවයකට ගියාවූ හෝ ආර්යයෝ පන්සිල් නම් කඩනොකරති. මෙසේ ඔවුන් (ආර්යයන්) හට ප්‍රිය වූ එම පන්සිල් සඳහාම කියන ලදී. 1 අඛණ්ඩ‍ෙහි යනුවෙන් පෙර කී කරුණට සමාන යයි කියන ලදී. (බඳුනක) මුව ගැටියෙහි එක් තැනක් කැඩුණේ නම් “ඛණ්ඩ” යයි කියනු ලැබේ. 2 මැද කැඩෙන්නේ නම් “ජිද්ද” යයි ද, 3 එක් පෙදෙසක් කැඩුණේ නම් විවිධ වර්ණ සහිත ගව දෙනක සේ පෙනෙන බැවින් “සබල” යයි ද, 4 විවිධ තැන්හි බින්දු අයුරින් විවිධාකාර ලෙස කැඩුනේ නම් “කම්මාස” යයි ද කියනු ලැබේ. මෙසේම පිළිවෙළින් මුල හෝ අග හෝ කැඩුණ සීලය “ඛණ්ඩ” නම් වේ, මැද කැඩුණ සීලය “ඡිදද” නම් වේ, යම් කිසි තැනෙක දෙපොළක් හෝ තුන් පොළක් පිළිවෙළින් කැඩුණා සීලය “සබල” නම් වේ. තැනින් තැන කැඩුණා සීලය “කම්මාස” නම් වේ. එම දෝෂ නැති වීමෙන් “අඛණ්ඩ සීල” නම් වේ යන ආදී වශයෙන් දත යුතුය. 5 භුජිස්සෙහි = වහල් බවෙන් නිදහස් කර ගන්නා තැනැත්තා විසින් 6 විඤ්ඤප්පසත්‍ථ‍ෙහි = බුද්ධාදී ප්‍රාඥයන් විසින් පසසනු ලැබූ අය විසින් 7 අපරාමට්ඨෙහි = ඔබ විසින් මෙය කරන ලදී. මෙය විතර්ක කරන ලදී යනුවෙන් මෙසේ දැඩි සිතින් කීමට නොහැකි අය විසින් 8 සමාධි සංවත්තනිකෙහි = අර්පණ සමාධිය හෝ උපචාර සමාධිය පැවැත්වීමට අසමත් අය විසින්.
අරියකන‍්තෙහීති අරියානං කන‍්තෙහි පියෙහි මනාපෙහි. පඤ‍්ච හි සීලානි භවන‍්තරගතාපි අරියා න කොපෙන‍්ති, එවං තෙසං පියානි. තානි සන්‍ධායෙතං වුත‍්තං. අඛණ‍්ඩෙහීතිආදි සදිසවසෙන වුත‍්තං. මුඛවට‍්ටියඤ‍්හි ඡින‍්නෙකදෙසා පාති ඛණ‍්ඩාති වුච‍්චති, මජ‍්ඣෙ භින‍්නා ඡිද‍්දාති, එකස‍්මිං පදෙසෙ විසභාගවණ‍්ණා ගාවී සබලාති, නානාබින්‍දුචිත‍්තා කම‍්මාසාති, එවමෙව පටිපාටියා ආදිම‍්හි වා අන‍්තෙ වා භින‍්නං සීලං ඛණ‍්ඩං නාම, මජ‍්ඣෙ භින‍්නං ඡිද‍්දං, යත්‍ථ කත්‍ථචි ද‍්වින‍්නං වා තිණ‍්ණං වා පටිපාටියා භින‍්නත‍්තා සබලං, එකන‍්තරං භින‍්නං කම‍්මාසං. තෙසං දොසානං අභාවෙන අඛණ‍්ඩාදිතා වෙදිතබ‍්බා. භුජිස‍්සෙහීති භුජිස‍්සභාවකරෙහි. විඤ‍්ඤුප‍්පසත්‍ථෙහීති බුද‍්ධාදීහි විඤ‍්ඤූහි පසංසිතෙහි. අපරාමට‍්ඨෙහීති “ඉදං නාම තයා කතං, ඉදං වීතික‍්කන‍්ත”න‍්ති එවං පරාමසිතුං අසක‍්කුණෙය්‍යෙහි. සමාධිසංවත‍්තනිකෙහීති අප‍්පනාසමාධිං උපචාරසමාධිං වා සංවත‍්තෙතුං සමත්‍ථෙහි."

A. "1 අඛණ්ඩ වූ 2 අච්ඡිද්‍ර‍වූ 3 අශබල වූ 4 අකල්මාෂ වූ 5 භූජිස්‍ය වූ 6 විඥ ප්‍ර‍ශස්ත වූ 7 අපරාමාෂ්ට වූ 8 සමාධියට හිතව වැටෙන ආර්‍ය්‍යකාන් ශීලයෙන් සමන්වාගත වෙයි. මෙ සතර සොත්පත්ති අඞ්ගයෙන් සමන්වාගත වෙයි.
අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති, 1 අඛණ‍්ඩෙහි 2 අච‍්ඡිද‍්දෙහි 3 අසබලෙහි 4 අකම‍්මාසෙහි 5 භුජිස‍්සෙහි 6 විඤ‍්ඤූප‍්පසත්‍ථෙහි 7 අපරාමට‍්ඨෙහි 8 සමාධිසංවත‍්තනිකෙහි ඉමෙහි චතුහි සොතාපත‍්තියඞ‍්ගෙහි සමන‍්නාගතො හොති."

A. "මුලැ හෝ අගැ නොබුන් සිකපද ඇති, මැදැ නොබුන් සිකපද ඇති, පිළිවෙළින් දෙක තුන බැගින් නොබුන් සිකපද ඇති, අතරතුරැ නොබුන් සිකපද ඇති, තෘෂ්ණාදාසත්වයෙන් මිදුණු බුද්ධාදි විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නො කරන ලද, සමාධිය පිණිස පවත්නා, ආර්යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්විත වෙයි.
අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො හොති අඛණ‍්ඩෙහි අච‍්ඡිද‍්දෙහි අසබලෙහි අකම‍්මාසෙහි භුජිස‍්සෙහි විඤ‍්ඤුප‍්පසත්‍ථෙහි අපරාමට‍්ඨෙහි සමාධිසංවත‍්තනිකෙහි."

["අරියකන්තෙහීති ¶ අරියානං කන්තෙහි පියෙහි මනාපෙහි. පඤ්ච හි සීලානි භවන්තරගතාපි අරියා න කොපෙන්ති, එවං තෙසං පියානි. තානි සන්ධායෙතං වුත්තං. අඛණ්ඩෙහීතිආදි සදිසවසෙන වුත්තං. මුඛවට්ටියඤ්හි ඡින්නෙකදෙසා පාති ඛණ්ඩාති වුච්චති, මජ්ඣෙ භින්නා ඡිද්දාති, එකස්මිං පදෙසෙ විසභාගවණ්ණා ගාවී සබලාති, නානාබින්දුචිත්තා කම්මාසාති, එවමෙව පටිපාටියා ¶ ආදිම්හි වා අන්තෙ වා භින්නං සීලං ඛණ්ඩං නාම, මජ්ඣෙ භින්නං ඡිද්දං, යත්ථ කත්ථචි ද්වින්නං වා තිණ්ණං වා පටිපාටියා භින්නත්තා සබලං, එකන්තරං භින්නං කම්මාසං. තෙසං දොසානං අභාවෙන අඛණ්ඩාදිතා වෙදිතබ්බා. භුජිස්සෙහීති භුජිස්සභාවකරෙහි. විඤ්ඤුප්පසත්ථෙහීති බුද්ධාදීහි විඤ්ඤූහි පසංසිතෙහි. අපරාමට්ඨෙහීති “ඉදං නාම තයා කතං, ඉදං වීතික්කන්ත”න්ති එවං පරාමසිතුං අසක්කුණෙය්‍යෙහි. සමාධිසංවත්තනිකෙහීති අප්පනාසමාධිං උපචාරසමාධිං වා සංවත්තෙතුං සමත්ථෙහි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll