Q. භාවනා කරන යෝගියෙකු සෝතාපන්න වී ඇද්ද නැද්ද යන්න එතුමන්ට කමටහන් දෙන ගුරු උතුමන් වහන්සේට පෙනේද?
A / R. “… යෝගාවචරයා හට චතුරාර්‍ය්‍ය සත්‍ය දර්ශනයෙන් තථාගතයන් වහන්සේ සත්‍ය වශයෙන් ම සම්‍යග්සම්බුද්ධ ද? නැත ද? යනාදීන් පවත්නා වූ ශාස්තෲන් වහන්සේ පිළිබඳ විචිකිත්සාවෝ ද, සතර මාර්ග - සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මය ඇද්ද? නැද්ද? බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය නෛර්‍ය්‍යාණිකද? යනාදීන් පවත්නා වූ ධර්මය පිළිබඳ විචිකිත්සාවෝ ද, සතර මාර්ග සතර ඵලයට පැමිණි පුද්ගල සමූහයක් ඇද්ද? නැද්ද? සුප්‍රතිපන්න පුද්ගල සමූහයක් ඇද්ද? නැද්ද? යනාදීන් පවත්නා වූ සංඝයා පිළිබඳ විචිකිත්සාවෝ ද, ත්‍රිවිධ ශික්ෂාවක් ඇද්ද? එයින් ලැබෙන ඵලයක් ඇද්ද? නැද්ද? යනාදීන් පවත්නා වූ ශික්ෂාත්‍රයය පිළිබඳ විචිකිත්සාවෝ ද, අතීතයේ දී මම උපන්නෙම් ද? අනාගතයෙහි උපදින්නෙම් ද? නූපදින්නෙම් දැයි අතීතානාගත ස්කන්ධයන් පිළිබඳ විචිකිත්සාවෝ ද, පටිච්ච සමුප්පාදය පිළිබඳ විචිකිත්සාවෝ ද, තවත් නොයෙක් කරුණු පිළිබඳ විචිකිත්සාවෝ ද, මතු නුපදිනා පරිදි නිරවශේෂයෙන් දුරු වෙති. “
“අධිගම ලාභීහු “මම සෝවාන් වෙමි ය, මම රහත් වෙමිය” යි ලොවට අඬ ගා කියන්නාහු නොවෙති. අධිගමලාභීන් හැඳින ගැනීමට ඔවුන්ගේ විශේෂ ලකුණක් ද නැත. …. බුද්ධකාලයෙහි ශ්‍රාවස්ත්‍යාදී නගරවල ලක්ෂ ගණන් අධිගමලාභී ගෘහස්ථයෝ විසූහ. ඔහු ද සාමාන්‍ය මිනිසුන් සේ ම ගොවිකම් වෙළඳාම් ආදී රැකී රක්ෂා කරමින් අඹු දරුවන් පෝෂණය කරමින් විසුවෝය. කොතෙක් ආර්‍ය්‍යයන් විසුව ද සෝවාන් - සකෘදාගාමි - අනාගාමි පුද්ගලයන් තබා රහතුන් වත් හැඳින ගැනීමට ලකුණක් නම් නැත.”
“බුදුවරයකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙණෙහි ම මඟ ඵල ලබා චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචීරිය ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදීන් වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වෙති. විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමර්ථ පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වෙති. ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම පිළිවිසීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කොට කලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත්හු නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති. කොතෙක් බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට නො සමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති.”
“… ආලෝකය ගැන මුළා වන්නාක් මෙන් ම අව්‍යක්ත යෝගාවචරයෝ ප්‍රීති ආදිය ගැන ද වෙන වෙනම සිතා, මෙයින් පෙර මට මෙබඳු ප්‍රීතියක් ප්‍රශ්‍රබ්ධියක් මෙබඳු අධිමෝක්ෂයක් මෙ බඳු වීර්යයයක් - මෙබඳු සැපයක් - මෙබඳු ඥානයක් - මෙබඳු සිහියක් - මෙබඳු උපේක්ෂවක් - විදර්ශනාව ගැන මෙබඳු ඇල්මක් කිසි කලෙක නුවූයේ ය. මේ විශේෂය සිදු වූයේ මාර්ගයට ඵලයට පැමිණීමෙනැයි තමන් සෝවාන් නොවී ම “මම සෝවාන් වූයෙමි” යි කියා හෝ රහත් නොවීම “රහත් වූයෙමි” යි කියා හෝ අමාර්ගය ම මාර්ගය කොට ද අඵලය ම ඵලය කොට ද ගෙන විදර්ශනා මාර්ගයෙන් බැහැර වන්නාහ.”
උපුටාගැනීම්: විදර්ශනා භාවනා ක්‍රමය - රේරුකානේ චන්දවිමල මහානායක හිමි.