Q. නොකළ යුතු වෙළඳාම් පහ හරි ද?
A. මංසවණිජ්ජා = "මස් පිණිස සතුන් වෙළඳාමය" යන්න අටුවාවට අනුව කරන ලද පරිවර්තනයකි. [මංසවණිජ්‌ජාති සූකරමිගාදයො පොසෙත්වා තෙසං වික්‌කයො - ඌරුන්, මුවන්, ගවයන් ආදී නොයෙක් තිරිසන් සතුන් ගෙන ඇති දැඩි කොට පසුව (මස් කොට - ටීකාව) විකිණීම.]
සත්තවණිජ්ජා = “සතුන් වෙළඳාමය” යන්න අටුවාවට අනුව කරන ලද පරිවර්තනයක් නොවේ. අටුවාවට අනුව සත්තවණිජ්ජා = මිනිසුන් වෙළදාම = (ඒ අනුව, ඇතැමුන් කියන පරිදි එය “වහල් වෙළදාම” ද විය හැක.) (සත්‌තවණිජ්‌ජාති මනුස්‌සවික්‌කයො.)
එහි - http://pitaka.lk/30277/cs,aps “මංස” යනු මස්, මාළු ආදී “සත්ත්ව මාංශය” ලෙස පරිවර්තනය විය යුතු බව “මාගේ පෞද්ගලික අදහසයි”. (“මංසවණිජ්ජා” = මස්, මාළු ආදී “සත්ත්ව මාංශය/මාංශ වෙළදාම”)
එවිට මාගේ පෞද්ගලික අදසේ දිගුව – ‘සත්තවණිජ්ජා’ යනුවෙන් මිනිසුන් වෙළදාම ද වහල් වෙළදාම ද (කුමන හේතුවකට හෝ) “සියලුම” සතුන් වෙළදාම ද අදහස් වන අතර, ‘මංසවණිජ්ජා’ යනුවෙන් මස්, මාළු, බිත්තර ආදී “සියලුම” සත්ත්ව කොටස් වෙළදාම අදහස් වන බව බවයි – (මම නැවත නැවත කියමි) කරුණාකර මෙය “මාගේ පෞද්ගලික අදහස” බව තරයේ සලකන්න.
කෙසේ වෙතත්, අප නිතරම, ත්‍රිපිටකය හා අටුවාව ආදිය අනුව පිළිගත යුතුව ඇත/යුතුය.
[‘‘පඤ්චිමා , භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා - ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයා’’}