841. දෙවියන්ට ආරාධනා කරන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බෝධි පූජාවකදී හෝ වෙනත් බුදු රදුන් උදෙසා කරන පූජවිධියකදී ඇයි අපි දෙවියන්ට ආරාධනා කල යුත්තේ? විශේෂ හේතුවක් තියෙනවද ?

A / R / T. "දෙවියන්ට පින් දීම

දෙවියෝ ද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ත්ව කොට්ඨාසයෙකි. කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍ර‍හයක් කිරීම මිනිසුන්ගේ යුතු කමෙකි. දෙවියන්ට සංග්‍ර‍හයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුනට ද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයේ දෙවියෝ අනුකම්පා කරති. දේවතානුකම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතට දියුණුවට බලවත් හේතුවකි. දේවතානුකම්පාව ලැබීම පිණිස ද කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ද පින් කළ සෑම අවස්ථාවක දී ම දෙවියන්ට ද පින් අනුමෝදන් කරවිය යුතු ය.

තමන් වළඳා ඉතිරි වූ බත මසුන්ට දී ගංගා දේවතාවාට පින් දුන් බෝසතාණන් වහන්සේට පින් දීම ගැන සතුටු වූ ගංගා දේවතාවා විසින් බෝසතාණන් වහන්සේගේ ගඟේ වැටුණු මුදල් පොට්ටනිය නැවත ලබා දීමෙන් උපකාර කළ බව මච්චුද්දාන ජාතකයේ දක්වා තිබේ. විස්තර ජාතක පොතෙන් බලනු."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll