730. සමලිංගික ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යමෙකු සමලිංගිකයෙකු වී ඉපදීමට පෙර කර ඇති අකුසල කර්මයන් කවරේද... මෙම ආත්මයේදී එම තත්වයෙන් මිදීමට කළ යුතු පින් දහම් මොනවද...?
(මාගේ මිතුරෙකුගේ ගැටලුවකි... කරුණාවෙන් පිළිතුරු ලබා දෙන්න...) තෙරුවන් සරණයි..!!!

A. එසේ වීමට,
1. කාමයේ වරදවා හැසිරීම.
2. කාමයේ හැසිරීමේ දී හෝ කාමයේ වරදවා හැසිරීමේ දී විකෘති (ප්‍රකෘති නොවන) ලෙස හැසිරීම.
3. කාමයේ හැසිරීමේ දී හෝ කාමයේ වරදවා හැසිරීමේ දී විකෘති ලෙස ගුණයෙන් වැඩි අය සමඟ හැසිරීම.
4. විකෘති කාම සිතිවිලි ඇතිකර ගැනීම - ඒ හා සබැඳි (කායික-වාචසික-මානසික) ක්‍රියා.
5. ගුණයෙන් වැඩි අය ගැන විකෘති කාම සිතිවිලි ඇතිකර ගැනීම.
.... ආදිය දැක්විය හැක.

ඉන් මිදීමට,
1. ඉහත (කායික-වාචසික-මානසික) ක්‍රියා නොකර සිටීම.
2. ඒවා සඳහා කිසිවෙකු පොළඹවා නොගැනීම / පෙළඹ නොවීම.
3. ඒවා සඳහා යොමු වූ අය (ඒ වැරදි ඇබ්බැහි / පුරුදුවලින්) මුදවා ගැනීම.
4. අශුභ භාවනාව වැඩීම.
5. (විශේෂයෙන් ම ත්‍රිවිධරත්නය උදෙසා,) හැකිතාක් පිං / කුසල් කිරීම (හා තමාට අවශ්‍ය ප්‍රාර්ථනා(ව) කිරීම).
.... ආදිය දැක්විය හැක.

සමලිංගික ද? (මෙය ද කියවන්න)

> Q. ලිංගික (ස්වයංවින්දනය - නිත්‍යානුකූල / ධාර්මික කාම සේවනය - සමලිංගික සේවනය - වැරදි කාම සේවනය - ආදී) චර්යාවලින් දුගතිගාමී විය හැකි චර්යා මොනවා ද? දුගතිගාමී විය නො හැකි චර්යා මොනවා ද?
[මෙහිදී, “කර්ම” = ලෝභ /ද්වේෂ / මෝහ අකුසල් ක්‍රියා; “කර්ම පථය” = දස අකුසල් / ඉන් එකක් හෝ.]

A. ඉහත චර්යාවලින් “කර්ම” පමණක් වන චර්යා මඟින් (“කර්ම” පමණක් වන අයව / පාර්ශව) දුගතියට පමුණුවන බව අපැහැදිලි ය - එය සිදුවන්නේ මෙසේය: ඉහත (ඕනෑම) චර්යාවක් හෝ ඒ (ඕනෑම) චර්යාවක් සඳහා අදාළ වූ තමා හෝ අනුන් හෝ තමාගේ හෝ අනුන්ගේ හෝ ශරීරය, ශරීර කොටසක් (අඟ-පසඟ), ශරීර අනුකොටසක්, රූප-ශබ්දාදිය, අවස්ථා ආදිය, සිත්-සිතුවිලි ආදිය, සංසර්ගය-වින්දනය ආදී ක්‍රියා, චිත්තරූප-මනෝ සංකල්ප, උපකරණ, සිත්-සිතුවිලි ආදියෙන් (නිමිති - අනුනිමිති වලින්) කුමක් හෝ මරණාසන්න වෙලාවේ දී තමාට අරමුණු වුවහොත් (කර්ම - කර්ම නිමිති), ඒ අරමුණ උපාදානය වී ලෝභ සිත් (ලෝභ මූල) හෝ තරහ සිත් (ද්වේශ මූල) හෝ මුලා සිත් (දිට්ඨි සිත් හා පළමු මෝහ සිත) ඇතිවී, දැඩි ලෝභය (අභිධ්‍යා) හෝ දැඩි තරහව (ව්‍යාපාද) හෝ දැඩි මුලාව (මිත්‍යා දිට්ඨි) “කර්ම පථයක්” ඇති කොට එමඟින් දුගතිගාමී වේ - බොහෝ දෙනා දුගතිගාමී වීමට මෙම සංසිද්ධිය ප්‍රධාන හේතුවකි.

ඉහත චර්යාවලින් “කර්ම පථය” වන චර්යා මඟින් දුගතියට පමුණුවන බව පැහැදිලි ය.

එසේ නම්,

1. “අකුසල කර්ම පථ” මඟින් ඍජුව ම දුගතිගාමී වන බවත්,

2. “අකුසල කර්ම” මඟින් වක්‍රව දුගතිගාමී වන බවත්, පැහැදිලි විය යුතු ය.

{එසේ ම “අකුසල කර්ම පථ” හා “අකුසල කර්ම” යන කර්ම කොටස් දෙකෙන් ම “දුක් විපාක” (දුගතිගාමී වීම හා දුකසේ ජීවත් වීම / දුක් විඳීම) ඇති කරන බව ද පැහැදිලි විය යුතු ය.} <

☛ “කර්ම පථ” ඍජුව ම හොඳ හෝ නරක උපතක් ලබා දීමට හේතු වන අතර, “කර්ම” ඍජුව ම සැප හෝ දුක් ගෙන දීමට හේතු වේ.

(කරුණාකර, “වක්‍ර විපාක” හා “අවශ්‍ය සෙස්ස” පහත උපුටනයෙන් ගම්‍ය/මතු කර ගැනීමට දක්ෂ වෙන්න.)
[උපකාරකය: ප්‍ර‍තිසන්ධිය = උපත.]

“>කර්මපථය< යි කියනු ලබන්නේ ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍ර‍තිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට >කර්ම< යන නාමය පමණක් කියනු ලැබේ.” ☚

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll