252. අමතක වෙන්නෙ නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ප්‍රිය පුද්ගලයන්ට ඇලෙන ස්වභාවය අඩු කර ගැනීම සදහා ක්‍රියා කල යුතු දර්මනුකුල සහ ප්‍රයෝගික ක්‍රමය කාරුණිකව පහදා දෙන්න.

A / R. “ … මට කාම කල්පනාවක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ කාම කල්පනාව උපන්නීය. ඒ කාම කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතියි. අන්‍යයා හටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. …”
http://pitaka.lk/211811/cs,aps
http://pitaka.lk/18119/cs,aps
http://pitaka.lk/252118/cs,aps
http://pitaka.lk/181110/cs,aps
http://pitaka.lk/2410104/cs,aps

“මහණෙනි, අකුශල විතර්ක කල්පනා නොකරව්, ඒ කවරහුද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක (යනුයි) ඊට හේතු කවරේද? මහණෙනි, මේ විතර්කයෝ අර්ථය පිණිස පවත්නාහු නොවෙති. මාර්ගබ්‍රහ්මචර්යාවටවට මුල් වන්නාහු නොවෙත්. කළකිරීම් පිණිසද, නොඇලීම පිණිසද, නිරොධය පිණිසද, සංසිඳීම පිණිසද විශෙෂයෙන් දැනීම පිණිසද මනා අවබොධය පිණිසද නිවන් පිණිසද නොපවතිත්.

“තෙපි වනාහි කල්පනා කරන්නාහු නම් මේ දුකයයි කල්පනා කරව්. මේ දුක්ඛ සමුදයයි කල්පනා කරව්. මේ දුක්ඛ නිරොධයයි කල්පනා කරව්. මේ දුක්ඛ නිරොධ ගාමිනී ප්‍රතිපදාව යයි කල්පනා කරව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ කල්පනාවෝ අර්ථය පිණිස පවත්නාහුය. මේ කල්පනාවෝ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව මුල් වෙති. මේ කල්පනාවෝ කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරොධය පිණිසද, සංසිඳීම පිණිසද, විශෙෂයෙන් දැනීම පිණිසද, මනා අවබොධ පිණිසද, නිවන් පිණිසද පවතිත්.”

{https://www.wikihow.com/Forget-a-Person
https://www.wikihow.com/Forget-About-Someone-Important}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll