191. "අව්‍යකෘත ධර්ම" යන්නෙහි අදහස කුමක්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අව්‍යකෘත ධර්මයෝ (අව්‍යකතා ධම්මා) යන්නෙහි අදහස කුමක්ද?

A. අව්‍යාකෘත ධර්මයෝ (අබ්‍යාකතා ධම්මා) යනු කුසල ද නොවූ අකුසල ද නොවූ අනෙක් ධර්මයෝ යි. එනම් විපාක, ක්‍රියා, රූප සහ නිර්වාණය යන ධර්ම කොටස් හතරය.
ඉතා කෙටියෙන් විස්තරයක් සඳහන් කරන්නේ නම් - සතර භූමියෙහි (කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න=ලෝකෝත්තර) විපාක ද, තුන් භූමියෙහි (රූපාවචර, අරූපාවචර, අපරියාපන්න=ලෝකෝත්තර) ක්‍රියා ද, රූපය ද, නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll