634 - සල්ලි එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපී සල්ලි පස්සෙ හබා යෑම බුදු දහම අනුව කෙලෙස් රෑස් කිරිමක් නේද ? එත් අපට සල්ලි නැතුවත් බැ. එවිට අපි කරන්නේ හරි දෙයක් ද ? වැරැද්දක් ද ? දාර්මිකව දනය රැස් කරනවානම් ප්‍රශ්නයක් නෑ නේද ?

A / R. “කවර සතර දෙනෙක්ද යත්, මට ධර්‍මයෙන්ම භෝගයෝ උපදිත්වා යනු ලෝකයෙහි ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, දුර්‍ලභවූ මේ පළමුවන කාරණයයි. ..."

“මහණෙනි, කෙසේනම් වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම වෙළඳ බඩු දන්නේ වෙයි. මේ මිලට ගත් බඩුව, මේ මිලට විකුණු කල මෙතරම් ඇත්තේයයි දන්නේය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණ ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම බඩු ගැනීමටද, විකිණීමටද දක්‍ෂ වෙයි. මෙසේ වනාහි වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් උදව් උපකාර ඇත්තේ වේද, මහණෙනි, ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් වස්තුව ඇත්තාවූ, යම් ගෘහපතියෝ හෝ ගෘහපති පුත්‍රයෝ වෙත්ද, ඔවුහු යම් වෙළඳකු ගැන මේ පින්වත් වෙළඳ තෙමේ නුවණ ඇත්තේය. නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේය, අඹු දරුවන් පෝෂ්‍ය කරන්ටද, අපටද කලින් කල ලාභය දෙන්නටද සමර්ත්‍ථයයි දැනගන්නාහුය. ඔවුහු ඒ වෙළෙන්දාට, ‘යහළුව මෙයින් අඹු දරුවන්ද පෝෂ්‍ය කරව, අපටද කලින් කල ලාභය දෙව’ යි ධනය දෙන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම උදව් උපකාර ඇත්තෙක් වේ. මහණෙනි, මේ කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් විපුල බවටද පැමිණේ. ..."
https://pitaka.lk/main?n=281110

“මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද, දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. ..."
https://pitaka.lk/main?n=28119

“... ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධර්මයන් නොසැහැසිව වස්තුව සපයයිද, ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින් කරයිද, ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභොග කරයිද, ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු සතරකින් පැසසිය යුතු වෙයි. කවර කරුණු සතරකින් පැසසිය යුතුවෙයිද, ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයිද, මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. සැප විඳියි පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදයි. පින් කරයි යන මේ තුන්වෙනි කරුණින් පැසසිය යුතුවෙයි. ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභොග කෙරෙයි යන මේ සතරවෙනි කරුණින් පැසසිය යුතුවෙයි. ගාමණිය, මේ කාමභොගීතෙම මේ කරුණු සතරින් පැසසිය යුතුවෙයි. ..."
https://pitaka.lk/main?n=241712

“... ව්‍යග්ඝපජ්ජය, මේ ධර්‍ම සතරක් කුල පුත්‍රයාට මෙලොව යහපත පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්? උත්සාහ සම්පත්තිය, ආරක්‍ෂා සම්පත්තිය, යහපත් මිතුරන් ඇතිබව, ආදායමට සමාන ජීවිකාව යන සතරයි.

“ව්‍යග්ඝපජ්ජය, උත්සාහ සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්‍ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.

“ව්‍යග්ඝපජ්ජය, ආරක්‍ෂා සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුල පුත්‍රයාට උඨාන වීර්‍ය්‍යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්‍ෂා කරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ආරක්‍ෂා සම්පදාවයයි කියනු ලැබේ. ..."
https://pitaka.lk/main?n=33154 ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll