669. බුදුන්වහන්සේ දේශනා කරත් පිළිගන්න එපා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q / A. මෙහි ලා, සඳහන් කළ යුතු ම අමතර කරුණක් ද ඇත. එනම් නුවණැත්තන් / ඤාණවන්තයන් / ප්‍රඥාවන්තයන් ලෙසින් ගනු ලබන පුද්ගල කොටස් ලෙස සැලකීමට නිර්දේශ ලෙසින්, මෙකල නොයෙක් උගතුන් / ආගමිකයන් “බුදුන්වහන්සේ පවා දේශනා කරලා තියනවා උන්වහන්සේ දේශනා කරත් පිළිගන්න එපා කියලා” “බුදුන්වහන්සේ පවා දේශනා කරලා තියනවා උන්වහන්සේ දේශනා කරත්, නුවණැත්තන් පිළිගන්නවා ද කියලා බලන්න” වැනි නොමඟ යවන සුළු ප්‍රකාශ ගෙනහැර දක්වයි.

එහෙත්, බුදු-පසේබුදු-අරහත් ආදී "ආර්ය" මහෝත්තමයන් වහන්සේලා හැර, මෙකල තබා කිකලකවත් කිසිදු උගතෙක් / බුද්ධිමතෙක් / නුවණැත්තෙක් / විද්‍යාඥයෙක්, “විඤ්ඤූන්” (නුවණැත්තන් / ඤාණවන්තයන් / ප්‍රඥාවන්තයන් / ...) ගණයට ඇතුළත් නොවේ.

{“විඤ්ඤූහි බුද්ධාදීහි පසත්ථං.”
“විඤ්ඤූහි බුද්ධාදීහි ගරහිතා.”
“බුද්ධාදීහි විඤ්ඤූහි පසත්ථත්තා විඤ්ඤුප්පසත්ථානි.”
“බුද්ධාදීහි විඤ්ඤූහි න පසත්ථත්තා න විඤ්ඤුප්පසත්ථානි.”
“යථාවුත්තගුණපාරිපූරියා බුද්ධාදීහි විඤ්ඤූහි පසංසිතබ්බන්ති විඤ්ඤුප්පසත්ථං.”
“සබ්බෙහි උග්ඝටිතඤ්ඤූආදීහි විඤ්ඤූහි “භාවිතො මෙ මග්ගො, අධිගතං ඵලං, සච්ඡිකතො නිරොධො”ති අත්තනි අත්තනි වෙදිතබ්බොති පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි.”}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll