688. ස්වයංවින්දනය අකුසලයක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ස්වයංවින්දනය සිදු කිරීමෙන් අකුසලයක් සිදුවේද?

A. “අකුසලයක්/අකුසල්/අකුසල කර්ම(යක්)” සිදු වේ; “අකුසල් කර්ම පථයක්/අකුසල් කර්ම පථ” සිදු නො වේ.

☛ “කර්ම පථ” ඍජුව ම හොඳ හෝ නරක උපතක් ලබා දීමට හේතු වන අතර, “කර්ම” ඍජුව ම සැප හෝ දුක් ගෙන දීමට හේතු වේ.

(කරුණාකර, “වක්‍ර විපාක” හා “අවශ්‍ය සෙස්ස” පහත උපුටනයෙන් ගම්‍ය/මතු කර ගැනීමට දක්ෂ වෙන්න.)
[උපකාරකය: ප්‍ර‍තිසන්ධිය = උපත.]

“>කර්මපථය< යි කියනු ලබන්නේ ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍ර‍තිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට >කර්ම< යන නාමය පමණක් කියනු ලැබේ.” ☚

“කර්මයන්ගේ විපාක, ප්‍ර‍තිසන්ධි විපාක ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.

ප්‍රාණඝාත (ආදී) කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.”

https://pitaka.lk/books/bauddhayage-athpotha/9-1-7.html
https://pitaka.lk/books/bauddhayage-athpotha/9-12.html

{“කාම මිථ්‍යාචාරයේ විපාක.
කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/9-3-2.html}

> Q. ලිංගික (ස්වයංවින්දනය - නිත්‍යානුකූල / ධාර්මික කාම සේවනය - සමලිංගික සේවනය - වැරදි කාම සේවනය - ආදී) චර්යාවලින් දුගතිගාමී විය හැකි චර්යා මොනවා ද? දුගතිගාමී විය නො හැකි චර්යා මොනවා ද?
[මෙහිදී, “කර්ම” = ලෝභ /ද්වේෂ / මෝහ අකුසල් ක්‍රියා; “කර්ම පථය” = දස අකුසල් / ඉන් එකක් හෝ.]

A. ඉහත චර්යාවලින් “කර්ම” පමණක් වන චර්යා මඟින් (“කර්ම” පමණක් වන අයව / පාර්ශව) දුගතියට පමුණුවන බව අපැහැදිලි ය - එය සිදුවන්නේ මෙසේය: ඉහත (ඕනෑම) චර්යාවක් හෝ ඒ (ඕනෑම) චර්යාවක් සඳහා අදාළ වූ තමා හෝ අනුන් හෝ තමාගේ හෝ අනුන්ගේ හෝ ශරීරය, ශරීර කොටසක් (අඟ-පසඟ), ශරීර අනුකොටසක්, රූප-ශබ්දාදිය, අවස්ථා ආදිය, සිත්-සිතුවිලි ආදිය, සංසර්ගය-වින්දනය ආදී ක්‍රියා, චිත්තරූප-මනෝ සංකල්ප, උපකරණ, සිත්-සිතුවිලි ආදියෙන් (නිමිති - අනුනිමිති වලින්) කුමක් හෝ මරණාසන්න වෙලාවේ දී තමාට අරමුණු වුවහොත් (කර්ම - කර්ම නිමිති), ඒ අරමුණ උපාදානය වී ලෝභ සිත් (ලෝභ මූල) හෝ තරහ සිත් (ද්වේශ මූල) හෝ මුලා සිත් (දිට්ඨි සිත් හා පළමු මෝහ සිත) ඇතිවී, දැඩි ලෝභය (අභිධ්‍යා) හෝ දැඩි තරහව (ව්‍යාපාද) හෝ දැඩි මුලාව (මිත්‍යා දිට්ඨි) “කර්ම පථයක්” ඇති කොට එමඟින් දුගතිගාමී වේ - බොහෝ දෙනා දුගතිගාමී වීමට මෙම සංසිද්ධිය ප්‍රධාන හේතුවකි.

ඉහත චර්යාවලින් “කර්ම පථය” වන චර්යා මඟින් දුගතියට පමුණුවන බව පැහැදිලි ය.

එසේ නම්,

1. “අකුසල කර්ම පථ” මඟින් ඍජුව ම දුගතිගාමී වන බවත්,

2. “අකුසල කර්ම” මඟින් වක්‍රව දුගතිගාමී වන බවත්, පැහැදිලි විය යුතු ය.

{එසේ ම “අකුසල කර්ම පථ” හා “අකුසල කර්ම” යන කර්ම කොටස් දෙකෙන් ම “දුක් විපාක” (දුගතිගාමී වීම හා දුකසේ ජීවත් වීම / දුක් විඳීම) ඇති කරන බව ද පැහැදිලි විය යුතු ය.} <

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll