588. ආමිස පූජා - ප්‍රතිපත්ති පූජා - ස්තුති පූජා - ජීවිත පූජා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රුවන්වැලි මහ සෑ වහන්සේට ජිවිතය පූජා කරන්නේ කෙසේ ද?

A. බුදුරදුන්ට / ධර්මයට / සඟුනට / සීලයට / ... පූජා කරන්නාක් මෙන් ම,

>>> මාගේ ජීවිතය රුවන්වැලි මහා සෑ රදුන් (/ සෑ රජාණන් වහන්සේ) හට පූජා කරමි, පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!! <<<

ලෙස තෙවරක් සැදැහෙන් කියා පූජා කළ යුතු යැයි සිතේ.

මෙහි දී වැදගත් ම දේ වනුයේ, එසේ පූජා කළ පසු, අකුසල් මාත්‍රයකින් පවා තිදොර ම සංවර කර ගැනීමයි - මන්ද එසේ පූජා කළ පසු එම ජීවිතය පූජනීය පාරිශුද්ධ “පූජා වස්තුවක්” වන බැවිණි යැයි ද සිතේ.

(කෙසේ වෙතත්, පෞද්ගලික අදහසකි.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll