529. එහෙම ඉපදුණා නම් එකත් එකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපි මේ ආත්මයේ පන්ච ඉන්දියන් අඩුපාඩු නැතුව ඉපදිලා ඉන්නවා. ඇස් පෙන්නෙ නැති කන් ඇහෙන්නේ නැති අය එවා විදින්න වත් පිනවන්නවත් බෑ. ඇලීම් ගැලීමඩුයී. එයාලා අසරණයී කිව්වට සන්සාරයේ එක් භවයකින් අපිට වඩා එයාලා ගොඩක් වාසනාවන්තයයී නේද?

A / R. (විශේෂ / සුවිශේෂ අවස්ථා නොසළකා හැර ඇත.)

අපි එහෙම හිතුවට, එයාලා අපිට වැඩිය ගොඩාක් අඩු පිනකින් ඉපදිලා ඉන්න නිසා, අපිට වැඩිය ගොඩාක් දුක් විඳිනවා. එයාලගේ හිත ඇතුළේ ගොඩාක් ඇලීම්-ගැටීම්-අවුල් තියනවා; ඒත් ඒවා ලිහාගන්න අපිට තරම් මානසික හැකියාවකුත් නෑ.

{“ජාත්‍යන්ධාදි ඇතැම් හීන මනුෂ්‍යයන්ට ද, භූම්‍යස්ථ දෙවියන් ඇසුරු කරන ඇතැම් විනිපාතික අසුරයන්ට ද කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ප්‍ර‍තිසන්‍ධිය වේ. මේ කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ඉතා දුබල කුශලයක ගේ විපාක වශයෙන් ඇති වන්නකි.

මිනිස් ලොව කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් පිළිසිඳ ගන්නා සත්ත්වයෝ නම් උත්පත්තියෙන් ම අන්ධයෝ ය. බිහිරෝ ය, ගොළුවෝ ය, අඝානකයෝ ය, කෙළතොලුවෝ ය, පිස්සෝ ය, පණ්ඩකයෝ ය, උභතෝබ්‍යඤ්ජනකයෝ ය, නපුංසකයෝ ය, මම්මයෝය යන මොවුහු ය.

අඝානකයෝ නම් ඝ්‍රාණේන්ද්‍රිය නැත්තෝ ය. කෙළතොලුවෝ නම් වම දකුණ පවා නාඳුනන මෝඩයෝ ය. කටේ කෙළ රඳවා ගැනීමට තරම් වත් දැනුමක් ඔවුනට නැති නිසා ඔවුන් ගේ මුවින් කෙළ වැගිරෙයි. එබැවින් ඔවුනට කෙළතොලුවෝ යයි කියති. ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබඳ විපර්යාස ඇතියෝ පණ්ඩකයෝ ය. ස්ත්‍රී පුරුෂ ලිඞ්ග දෙක ම ඇත්තෝ උභතෝබ්‍යඤ්ජනකයෝ ය. ස්ත්‍රී පුරුෂ භාව නැතියෝ නපුංසකයෝ ය. මහත් උත්සාහයෙන් එක අකුර දෙතුන් වර කියමින් කථා කරන්නෝ මම්මයෝ ය.

ඇතැම් සත්ත්ව කෙනකුන්ට ඇතැම් ඉන්ද්‍රියයන් නො ලැබී යාම වනාහි ඔවුන්ගේ ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්‍මයා ගේ දුබල කමින් ද සිදු වේ. යම් කිසි අකුශල කර්‍මයකින් ඉන්ද්‍රිය පහළ වීම වැළැක්වීම නිසා ද සිදු වේ.

ඒ දශකයන් ගෙන් චක්ෂුර් දශකය නො ලැබූවෝ අන්ධයෝ ය. ශ්‍රෝත්‍ර‍ දශකය නො ලැබූවෝ බිහිරෝ ය. භාව දශකය නො ලැබූවෝ නපුංසකයෝ ය. ඝාන දශකය නො ලැබූවෝ අප්‍ර‍සිද්ධයහ.

ඇතැමුන්ට නො ලැබී යන චක්ෂුර් - ශ්‍රෝත්‍ර‍ - ඝාන - භාව දශක සතර ම දුර්ගති අහේතුක, සුගති අහේතුක සංස්වේදජ සත්ත්වයනට සමහර විට නො ලැබී යන්නේ ය.

ඇතැම් දුර්ගති අහේතුක ඕපපාතිකයනට චක්ෂුශ්-ශ්‍රෝත්‍ර‍-භාව දශකයෝ නො ලැබෙති.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll