571. 'අශ්වාස ප්‍රශ්වාස නිරෝධය' යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුද්ද දේශනාව තුල ආශ්වාස ප්‍රාස්වාස නිරෝධය කියලා දෙයක් කතා කරනවද? එසේනම් ඒ කුමක්ද?

A. 1. චතුර්ථ (හතරවෙනි) ධ්‍යානයට සමවැදුණු කල නිරෝධවීම, (තාවකාලික) ආවරණය වීමකි.

[“කායසංඛාර නිරෝධය ඇති චතුත්ථධ්‍යානසමාපත්තිය කායමොනෙය්‍ය යැ” -https://pitaka.lk/bjt/newbooks/35/KN8_Page_484.jpg]

[“කායසඞ්ඛාරනිරොධොති ¶ අස්සාසපස්සාසානං නිරොධො ආවරණො, චතුත්ථජ්ඣානසමාපත්තිසමාපජ්ජනං.” - https://tipitaka.app/?a=jn2-256-si]

[“කායසඞ්ඛාරනිරොධො චතුත්ථජ්ඣානසමාපත්ති කායමොනෙය්‍යං” - https://tipitaka.app/?a=en2-142-si / https://tipitaka.app/?a=en13-178-si / https://tipitaka.app/?a=eo1-308-si / https://tipitaka.app/?a=ic11-19-si]

2. (සංඥාවේදයිත) නිරොධ සමාපත්තියට සමවැදුණු කල නිරුද්ධවීම ද, (තාවකාලික) ආවරණය වීමකි / සංසිඳීමකි.

[“යො චායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො තස්සපි කායසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා,” - https://pitaka.lk/main?n=18143&p=457”]

3. අනුපාධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ කල නිරෝධවීම, (සදාකාලික) නිරෝධ වීමකි (- යැයි කිවයුතු නොවේ).

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll