164. නිරෝධ සමාපත්තියෙන් නැඟිටින විට අරහත්භාවය ලැබේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අෂ්ඨ සමාපත්තිලාභී අනාගාමී වහන්සේලාට සංයෝජන ධර්ම 5 ක් ඉතිරිව තිබියදීත් නිරෝධඵල සමාපත්තියට සමවදින බැවින් ඉන් අවධි වීමේදී අරහත් වන්නේ ද?

A / R. කිසිසේත් ම නැත. ↓

"අෂ්ටසමාපත්ති අනාගාමී හෝ අර්හත් පුද්ගලයා නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති කල්හි විවේකස්ථානයක හිඳ පළමුවෙන් ප්‍ර‍ථම ධ්‍යානයට සමවැදී එයින් නැඟිට ඒ ප්‍ර‍ථමධ්‍යානයට අයත් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ද, දුඃඛ වශයෙන් ද, අනාත්ම වශයෙන් ද විදර්ශනා කරන්නේ ය. ඉක්බිති ද්විතීය ධ්‍යානයට සමවැදී එයින් නැඟිට, එයට අයත් සංස්කාර අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නේ ය. ඉක්බිති තෘතීය ධ්‍යානයට සමවැදී එයින් නැඟිට, එයට අයත් සංස්කාර අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නේ ය. මෙසේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය දක්වා කොට, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට සමවැදී ඉන් නැඟිට නානාබද්ධඅවිකෝපනය, සඞ්ඝපතිමානනය, සත්ථුපක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය යන පූර්ව කෘත්‍යය සතර කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට සමවදින්නේ ය. නේවසඤ්ඤානාසඤ්ඤායතන චිත්තය වරක් දෙකක් ඇති වීමෙන් පසු ඒ පුද්ගලයා කෙරෙහි සිත් ඉපදීම නවතින්නේ ය. එය නිරෝධ සමාපත්තිය ය. නිරෝධයෙන් විසීමට ඉටා ගත් කාලය ඉක්මුණු පසු එයට සමවන් තැනැත්තා අනාගාමි පුද්ගලයෙක් නම් ආනාගාමි ඵල සිත ද, අර්හත් පුද්ගලයෙක් නම් අර්හත් ඵල සිත ද එක් වරක් ඇති වීමෙන් පසු භවාඞ්ගපතනය වේ. ඉන් පසු සිරිත් පරිදි සිත් උපදින්නට වන්නේ ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll