301. නිරෝධ සමාපත්තිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නිරෝධ සමාපත්තියට සමවැදීමේදි කාය..වචී..මනෝ සංස්කාර අතහැරෙන නමුත්..ආයුෂය..උෂ්ණත්වය වගේ දේවල් ඉතුරුවනවා...එවිට කය විනාශ කලත් නැවත නැගි සිටිය හැකි වන්⁣නේ ආයුෂ..උෂ්ණය වැනි කරුනු ඉතිරි වන නිසාද ...නැත්නම් නිරෝධ සමාපත්තියට සමවැදීමේ ආනිශංසයක් ලෙසද? කරුනු පහදා දෙන්න...වරදක් ඇත්නම් නිවැරදි කරන මෙන් කාරුනිකව ඉල්ලිමි.

A / R. නිරෝධ සමාපත්තියෙන් ඉන්නා කාලය තුළ කයට කිසිදු විපතක් නොවීම “සමාධිවිප්ඵාර සෘද්ධිය” යි.

{… “ගෘහපතිය යමෙක් මළේද, කළුරිය කළේද, ඔහුගේ කාය සංස්කාරය නිරුද්ධවූයේය. සංසිඳුනේය, වචී සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය, චිත්ත සංස්කාරය නිරුද්ධවූයේය, සංසිඳුනේය. ප්‍රාණය නිරුද්ධවිය, උෂ්ණය සංසිඳුනේය, ඉන්ද්‍රියයෝ බිඳුනාහ. ගෘහපතිය, යම් මේ භික්ෂුවක් වනාහි සංඥාවෙදයිත නිරෝධයට සමවැදුනේද, ඔහුගේද කාය සංස්කාරය නිරුද්ධ වූයේය, සංසිඳුනේය. වාක් සංස්කාරයද නිරුද්ධවූයේය, සංසිඳුනේය. චිත්ත සංස්කාරයද නිරුද්ධවූයේය, සංසිඳුනේය. ප්‍රාණය නිරුද්ධ නොවීය. උෂ්ණය නොසංසිඳුනේය. ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. ගෘහපතිය, යමෙක් වනාහි මළේද කාලක්‍රියා කළේද, යම් මේ භික්ෂුවක් සංඥා වෙදයිත නිරෝධයට පැමිණියේද මේ ඔවුන්ගේ වෙනසයයි” ….

“ගෘහපතිය, සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නාවූ භික්ෂුවට පළමුව චිත්ත සංස්කාරය උපදී. ඊට පසු කාය සංස්කාරය උපදී.” …

https://pitaka.lk/?node=24166&coll=cs,aps}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll