380. අම්මයි, තාත්තයි = අවිද්‍යාවයි, තණ්හාවයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධර්මයට අනුව "දෙමව්පියෝ" යනු කවුරුන් ද?
"According to The Dhamma, who are parents?"

A / R. "දෙමව්පියෝ" අවිද්‍යාව හා තණ්හාව ලෙස මෙම අදහස ධම්මපද ගාථා වලින් ආ එකකි; ධර්මයට අනුව මව් පියන් යනු මෙසේ යැයි ගැනීම සුදුසු නැත. උපමා දැක්වීමක් බව වටහා ගත යුතුයි.

"294. මාතරං පිතරං හන්ත්වා, රාජානො ද්වෙ ච ඛත්තියෙ;
රට්ඨං සානුචරං හන්ත්වා, අනීඝො යාති බ්‍රාහ්මණො.
294. මවද පියාද ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනාද නසා අනුවරයන් (අයකැමියා) සහිතවූ රටත් නසා ක්‍ෂීණාශ්‍රවතෙම නිදුක්ව නිවන් පුරයට යන්නේය.
295. මාතරං පිතරං හන්ත්වා, රාජානො ද්වෙ ච සොත්ථියෙ;
වෙයග්ඝපඤ්චමං හන්ත්වා, අනීඝො යාති බ්‍රාහ්මණො.
295. මවද (තෘෂ්ණාව) පියාද (අස්මිමානය) බ්‍රාහ්මණ රජුන් දෙදෙනාද නසා විචිකිච්ඡා නීවරණය (සැකය) පස් වනුකොට ඇති (නීවරණ) පස නසා ක්‍ෂීණාශ්‍රව තෙම නිදුක්ව නිවන් පුරයට යන්නේය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll