639 - ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආනාපානසතිය වඩන්නවුන්ට වැටහෙන ආනාපාන ප්‍රතිභාග නිමිත්ත යනු කවරක් ද?

A / R. “මේ ආනාපාන භාවනාව සිහි නුවණින් යුක්තව කියන ලද පරිදි ක්‍ර‍මය නොඉක්මවා කර ගෙන යන්නා වූ යෝගාවචරයා ගේ සන්තානයෙහි ක්‍ර‍මයෙන් සමාධිය හා ඥානය වැඩෙන්නේ ය. කාමච්ඡන්දාදි නීවරණයෝ තුනී වන්නාහ. සමාධි ප්‍ර‍ඥාවන්ගේ වැඩීම හා නීවරණයන්ගේ තුනීවීම නිසා ඒ යෝගාවචරයා හට යම් කිසි දිනකදී ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත වැටහෙන්නේ ය. අනුබන්ධන ක්‍ර‍මයෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව අනුව සිත ගමන් කරමින් සිටින්නා වූ යෝගාවචරයා හට ඒ වායුව පළමු වැටහෙමින් තිබූ ආකාරයට වෙනස් වූ දීප්තිමත් වූ අතිශයින් ප්‍රියංකර වූ ආකාරයකට වැටහෙන්නේ ය. ප්‍ර‍තිභාග නිමිත්තය යි කියනුයේ ඒ වැටහෙන දෙයට ය. එය ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව නො වේ. ඒ වායුව නිසා යෝගාවචරයා ගේ සිතට ඇති සැටියට දැනෙන සත්‍ය වශයෙන් නැති දෙයකි. එය යෝගාවචරයා විසින් කලින් ලෝකයෙහි දැක තිබෙන සෑම වර්ණයකට ම වඩා ශෝභන අතිශයින් ප්‍රියංකර වර්ණයෙකි. එහි ඇති අධික ප්‍රියංකරත්වය නිසා යෝගාවචරයාට බලවත් ප්‍රීතිය ඇති වේ. අධික ප්‍රීතිය හේතු කොට ඇති වන කම්පනය නිසා සමහර විට එකෙණෙහි ම ඒ නිමිත්ත යෝගාවචරයා ගෙන් අතුරුදහන් වෙයි.”
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/3-2.html

A / R / T. [“ආනාපාන ප්‍ර‍තිභාග නිමිත්ත කසිණ ප්‍ර‍තිභාග නිමිති සේ සෑම දෙනාට ම සමාන ව වැටහෙන්නක් නො වේ.”
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/3-2.html]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll