Q. මා ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරන පුද්ගලයෙක් මා හට පැවසුවා
නිවන කළුවර බව . එම කියමන පිළිබඳ මා දැඩි ලෙස විරුද්ද වුවා .
මන්ද නිවන යනු එසේ ලව්කීකව විස්තර කල හැකි දෙයක් නොවේ .
සහ එක වචනයකින් කිසිසේත්ම විස්තර කල නොහැක.
නමුත් එම පුද්ගලයා දිගින් දිගටම එය සතයක් බව පවසනවා.
ආලෝකය නොමැති නිසා ශක්ති ප්‍රබව කිසිවක් නොමැති නිසා අන්ධකාර බව පවසනවා .
මේ ගැන අදහස් දක්වන්න.මමනම් මේ ගෙන දැඩි සේ ව්රුද්ද වේ
නමුත් මට දැනගන්නට ඕනේ මේ මගින් වෙන මම නොදන්නා දෙයක් අදහස් කිරීමට ඔහු උත්සහ කලාද යන්න .
A. “... නිර්වාණය ඇත. නිර්වාණය මනසින් දත යුතු වූ මනොවිඤ්ඤෙය්‍ය වන්නේ ය. ආර්යඅෂ්ටාංගිකමාර්ගයෙන් මනා කොට පිළිපන්නා වූ ආර්යශ්‍රාවකයන් වහන්සේ විශුද්ධ වූ ප්‍රණීත වූ සෘජු වූ අවිද්‍යාවරණ විරහිත වූ තෘෂ්ණාමිෂ විරහිත වූ අර්හත්ඵලමානසින් අමෘතමහා නිර්වාණය දක්නාසේකැ” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, උපමා විසින් දැක්විය යුතු වූ විද්‍යමාන වූ ඒ නිර්වාණය වනාහි කෙබඳු ද? ඇති ස්වභාව වූ නිර්වාණය යම් යම් ප්‍රකාරයකින් උපමා විසින් දැක්විය යුතු වේ ද, ඒ ඒ ප්‍රකාරයෙන් මට කාරණයා විසින් අඟවා වදාළ මැනැවැ” යි කීහ.
“මහරජානෙනි, වාතය නම් ඇද්ද?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීන් වහන්ස, ඇතැ” යි කීහ. “මහරජානෙනි, එසේ වී නම් ඒ වාතය මට තෙපි නීලපීතාදි වර්ණයකින් හෝ සණ්ඨානයකින් හෝ ක්ෂුද්‍ර ය යි කියා හෝ ස්ථුල ය යි කියා හෝ දීර්ඝය යි කියා හෝ හ්‍රස්ව ය යි කියා හෝ දක්වා ලව” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘වාතය මෙබඳු ය’ යි කියා දක්වන්නට නො හැක්කේ ය. ඒ වාතය හස්ත ග්‍රහණයට හෝ මර්දනය කොට අල්වා ගැණීමට හෝ නො පැමිණෙන්නේ ය. එසේ ද වුවත් වාතය ඇතැ” යි කීහ. “ඉදින් මහරජානෙනි, වාතය දක්වාපියන්ට නො හැක්කේ වේ ද, එහෙයින් ම වාතය නැද්ද?” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම වාතය ඇතැ යි කියා ම දන්නෙමි. මාගේ හෘදයෙහිත් පිහිටා පවත්නේ ය. ශරීරයෙහිත් වැද යන්නේ ය. මහාවනාන්තරයන් ද අඹරවා ගෙණ යන්නේ ය. මම ඒ වාතය දක්වා පියන්නට නො හැක්කෙමි” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම අමෘතමහානිර්වාණයත් ඇත්තේ ම ය. මහරජානෙනි, අනන්තලොකධාතුවෙහි ඇති තාක් දුක් ඉක්ම සිටියා වූ අනන්තලොක ධාතුවෙහි ඇති තාතක් සියලු සැපතින් අග්‍ර ව සිටියා වූ ඒ අමෘතමහානිර්වාණය වර්ණයකින් හෝ ලක්ෂණාදිසණ්ඨානයකින් හෝ මෙබඳු ය යි කියා දක්වන්නට නො හැක්කේ ය”
https://pitaka.lk/books/milinda-prashnaya/75.html
A. “ආකාශය ද නිර්වාණය ද යන මේ දෙදෙන අකර්මජ වූහ. අහෙතුජ වූහ. අනුතුජ වූහ. මහරජානෙනි, නිර්වාණය වනාහි කර්මජ ය යි කියා හෝ හෙතුජ ය යි කියා හෝ සෘතුජ ය යි කියා හෝ උපන්නේ ය යි කියා හෝ නූපන්නේ ය යි කියා හෝ උපදනේ ය යි කියා හෝ අතීත ය යි කියා හෝ අනාගත ය යි කියා හෝ වර්තමාන ය යි කියා හෝ චක්ඛුවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ සොතවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ ඝාණවිඤ්ඤෙය්‍ය ය යි කියා හෝ දිවට දැනෙන්නේ ය යි කියා හෝ කායවිඤ්ඤෙය්‍යය ය යි කියා හෝ, නො කිය යුත්තේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් ඒ අමෘතමහා නිර්වාණය සිතට දැනෙන්නා වූ මනොවිඤ්ඤෙය්‍ය ය නම් වන්නේ ය. මනා කොට පිළිපන්නා වූ ඒ ආර්යශ්‍රාවකයන් වහන්සේ යම් මේ අමෘත මහානිර්වාණය විසුද්ධ වූ ඤාණයෙන් දක්නාසේකැ” යි වදාළසේක.”
https://pitaka.lk/books/milinda-prashnaya/76.html
A. “නිර්වාණය අසදෘශ ය, නිර්වාණයාගේ නීලපීතාදී රූපයක් හෝ සටහනක් හෝ වයසක් හෝ ප්‍රමාණයක් හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හෙතුවකින් හෝ ක්‍රමයකින් හෝ දක්වාපියන්නට නො හැකි වන්නේ ය”
https://pitaka.lk/books/milinda-prashnaya/90.html
https://pitaka.lk/books/milinda-prashnaya/89.html
https://pitaka.lk/books/milinda-prashnaya/88.html
https://pitaka.lk/books/milinda-prashnaya/91.html