Q. "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස" කියන පාඨය විග්‍රහ කරන විස්තරය සඳහන් සූත්‍රයක් තිබෙන තැනක් දන්වන්න පුළුවන්ද?
A. / R. "‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’
A / R. "එවං වුත්තෙ, බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙති -
‘තස්ස’ ඒ භගවතෝ’ භාග්‍යවත් ‘අරහතෝ’ අරිහත් ‘සම්මා සම්බුද්ධස්ස’ සම්මා සම්බුදු රජාණන් වහන්සේට ‘නමෝ අත්ථු’ මාගේ නමස්කාරය වේවා. මෙය පටන් ගන්නේ කොතැනින් ද? එදා බුදුරජාණන් වහන්සේට නමස්කාරය කරපු පිරිසක් විසින් සකස් කරගත්ත පාඨයක්.
‘සාතාගිරෝ නමෝ යක්ඛෝ
තස්ස ච අසුරින්දදො
භගවතෝ මහා රාජා
සන්තෝ අරහතො තථා
සම්මා සම්බුද්ධස්ස මහා බ්‍රහ්මා
එතෙ පඤ්ච පතිට්ඨිතා’
‘සාතාගිරෝ නමෝ යක්ඛෝ’ “සාතාගිර” කියන මේ යක්ෂයා තමයි මුලින් ම ‘නමෝ’ කියල තියෙන්නේ ‘තස්ස ච අසුරින්දො’ අසුරේන්ද්‍රයා තමයි ‘තස්ස’ කියන වචනය කියලා තියෙන්නේ ‘භගවතෝ මහාරාජා’ සතරවරම් දෙවියන් තමයි ‘භගවතෝ’ කියල කියා තියෙන්නේ ‘සන්තෝ අරහතෝ තථා.’ සක්දෙව් රජ්ජුරුවෝ තමයි ‘අරහතෝ’ කියලා කියා තියෙන්නේ. ‘සම්මා සම්බුද්ධස්ස මහා බ්‍රහ්මා’ මහා බ්‍රහ්මයා තමයි සම්මා සම්බුද්ධස්ස කියා කියලා තියෙන්නේ. දැන් පැහැදිලියි සාතාගිර යක්ෂයාගෙන්, අසුරේන්ද්‍රයාගෙන්, සතරවරම් දෙවිවරුන්ගෙන්, සක් දෙවිඳුන්ගෙන්, මහා බ්‍රහ්මයා කියන මේ පස් දෙනාගේ එකතුවෙන් සකස් වුණ පාඨය තමයි ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ කියලා කියන්නේ."
A / R. "එවං වුත්තෙ, බ්‍රහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙති -
‘‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.

‘‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා’’ති.
‘‘අප්පෙව නාම මයං කදාචි කරහචි තෙන භොතා ගොතමෙන සමාගච්ඡෙය්‍යාම? අප්පෙව නාම සියා කොචිදෙව කථාසල්ලාපො’’ති!"
R. "අර්ථය දැනගෙන නමස්කාර පාඨය කියමු.
--------------------------------------------
මා අදහස් කරන්නේ ඔබට අපගේ නමස්කාර පාඨය ඇතිවූ අයුරුත් එහි ඇති වැදගත්කමක් පෙන්වා දීමටයි. මේ නමස්කාර පාඨය ඇතිවූයේ බුදුරදුන් බුදුවීමෙන් පසුව බෝධිය සමීපයේදී සත්සති ගත කරන සමයේදීය
අප සමාජයේ බොහෝ දෙනා ගතානුගතික සිරිත් අනුගමනය කිරීමට පෙළඹී සිටිති. ඇතැම් තැන්වල දක්නට ඇත්තේ විකාර ස්වරූපී වන්දනා කිරීමකි. අප වන්දනා කරන්නේ ඇයි? කුමක් සඳහා වඳින්නේ ද? යන්න දැනගෙන ඉන්නේ කී දෙනෙක් ද?
මුලින්ම ඇති වූ වචනය නමො යන්නයි. එය සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක ‘නරමා’ කියා වන්දනා කළහ. එහි අර්ථය නම් ‘න’ යන්නෙන් කියවෙනුයේ නපුර හෙවත් නරකයෙන්, පාපයෙන් වැළකීමයි. ‘මො’ මොක් පුරට, නිවන් පුරට පමුණුවන අර්ථයෙන් මොක්‍ෂය හෙවත් දුකෙන් මිදීම යන අර්ථයෙන් නමෝ කියා බැඳීමයි. ඒ අනුව දුකෙන් මිදීම සඳහා නමස්කාර කරමියි වැඳිය යුතු ය.
දෙවන වචනය ‘තස්ස’ යන්නයි. එය ප්‍රකාශ කළේ රාහු අසුරේන්ද්‍රයා විසිනි. සුමේධ තාපස කාලයේ පටන් බුද්ධත්වය ලබන තෙක් අති දීර්ඝ කාලයක් සියලු සතුන්වෙත පතළ මහා කරුණාවෙන් කටයුතු කිරීම සළකා එසේම අසුරේන්ද්‍රයාට දහම් දෙසීම තුළින් බුදුරදුන් කෙරෙහි පැහැදී ‘තස්ස’ යන වචනයෙන් වැන්දාහ. එහි තේරුම සර්ව සත්වයන්ට මොක්සුව ලබාදෙන උන්වහන්සේට නමස්කාර වේවා යනුවෙනි.
තෙවන වචනය ‘භගවතෝ’ යන්නයි. මෙයට අර්ථ රාශියක් භාවිතා කෙරෙත්. මේ සියල්ලම කෙටි කර ගැනීමෙන් ‘භාග්‍ය’ යන අර්ථය ගැනේ. ධනය, ඤාණය, යස, කීර්ති, වර්ණ, සීල, සමාධි, ප්‍රඥා, ගුණ යන සියල්ලෙන් සම්පූර්ණ වූ හෙයින්ද උන්වහන්සේ දැන ගත් සියලු ධර්මය බෙදා වෙන්කිරීමට සමත් වූ බැවින් ද සංසාර ගමන දුරු කළ බැවින්ද භගවතො යනුවෙන් සතර වරම් දෙවිවරු බෝධි මූලයේ දී දස මාරපරාජය අවස්ථාවේදී වන්දනා කළහ.
සිව්වන පදය වනුයේ “අරහතො” යන්නයි. මෙයින්ද අදහස් කීපයක් දැක්වේ. ‘අර’ යනු කෙලෙස් ‘හතො’ යනු සිඳීමය. කෙලෙස් නැසීම, සසර බැම් සිඳීම, ඉපදීම නැති කිරීම පිදීමට සුදුස්සෙකු වීම වැඳුම් පිඳුම් ලැබීමට සුදුසුවීම, දෙවියන් සහිත සියල්ලන්ගේ පුද පූජාවන්ට යෝග්‍ය වූ නිසාද ‘අරහතො’ යනුවෙන් සඳහන් කළහ. ආර්යන් විසින් පළඳින ධජය හෙවත් අරහත් චීවරය දැරීමට සුදුසු නිසා ශක්‍ර දේවේන්ද්‍රයා බෝධි මූලයට පැමිණ වන්දනා කළහ.
සම්මා සම්බුදු පදවියට පත් වී ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් ධර්මය දේශනා අවස්ථාවේදී ලෝක සත්ත්වයා කෙලෙස් රජස් වලින් ආකූලව ව්‍යාකූලව සිටින අයුරු දැක ධර්මය දෙසම්ද එය අවබෝධ කිරීම දුෂ්කර යැයි සිතීය. මෙය නුවණින් දුටු සහම්පුති මහා බ්‍රහ්මයා දිගු කළ අතක් වකුටු කරන්නා සේ වකුටු කළ අතක් දිගු කරන්නාසේ බ්‍රහ්ම ලෝකයෙන් චුතව බෝමැඩ වෙත පැමිණ දොහොත් මුදුන් දී මෙසේ ප්‍රකාශ කළහ.
පරරාජ දේශ රහිතව තමාගේ නුවණින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සිටින ඔබතුමා එම ධර්මය ලෝකයාගේ යහපත සඳහා දේශනා කරනු මැනව “සම්මා සම්බුද්ධස්ස” යනුවෙන් නමස්කාර කළහ. මෙසේ බලන විට ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පස්දෙනෙක් අර්ථ රාශියක් ගැබ්වන ලෙස ප්‍රකාශ කළ පාඨක නමස්කාර පාඨය ලෙස එදින පටන් පිළිගෙන තිබෙන උතුම් පාඨයක් මෙය අර්ථ දැනගෙන වන්දනා කරණුයේ නම් සියලු යක්‍ෂ රෝග, සියලු පීඩා, ග්‍රහබලවේග අපල යන කිසිවක් ඇති නොවේ. නමස්කාර පාඨය නිවන් මඟට පිවිසෙන ප්‍රධාන මාර්ගය වේ. මේ ගැන ඔබත් සිතා බලන්න. වඳින්න, කෙලෙස් දිනන්න. සසර ජය ගන්න.
තිසරණ සරණයි!
කේ. සීලාලංකාර හිමි"
R. "නමස්කාරය.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස //
ඒ භග්‍යවත් අරහත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේට නමස්කාර වේවා.
බුද්ධත්වයෙන් දෙවැනි දින මහ බෝමැඩදී අකුරු දහ අටකින් හා පද පහකින් යුක්ත වූ මෙම නම්ස්කාර පාඨය සතාගිරි රාහු අසුරේන්ද්‍ර සිව්වරම් දෙවි සක්දෙවිදු සහම්පති මහබඹු යන යක්ෂ, අසුර, දිව්‍ය, බ්‍රහ්මයන් විසින් කියූ එක් එක් පදය එකතු කොට තනා ගන්නා ලද්දකි.
සාතාගිරි යකුන් "නමෝ" ගුණයට වදින ලද අයුරු
අපා දොර වැසුව සම්බුදු ගුණය කියා
න යන පදය ගොනු කරමින් දහම නියා
මෝ යන පදෙන් නිවණේ ඇති හරය කියා
සතාගිරි යකුන් වැන්දා නමෝ කියා
රාහු අසුරිදු "තස්ස" ගුණයට වදින ලද අයුරු.......
තන්හා බරිත සිතුවිලි හැම දුරලුව
සත්‍ය වචනයෙන් තුන්ලොව සැනසුව
තස්ස යන පදෙන් ඒ බුදු ගුණ කීව
අසුරිදු රාහු වැන්දා සිරිපද ගාව
සතර වරම් දෙවිවරු "භගවතෝ" ගුණයට වදින අයුරු......
නුවණින් අග්‍රවු ගුණයට සිත රන්දා
දන් පිදුමට සුදුසු ගුණයට හිත බන්දා
දුරලු නිසා කෙලෙසුන් මර බල සින්දා
භගවතෝ ගුණෙන් සිව් දෙවි බුදු පා වැන්දා
සක්‍ර දෙවිදුන් "අරහතෝ" ගුණයට වදින ලද අයුරු.......
භව චක්‍රෙයහි අරයන් සන්සිදින ලද
බුදු බව ලබා සිවු සස් දම් දෙසන ලද
සක් දෙවිදුන් බුදුන් ගුණ කද සිතන ලද
අරහතෝ කියා වැන්දා සම්බුදු පාද
මහා බ්‍රහ්මයා "සම්මා සම්බුද්ධස්ස" ගුණයට වදින ලද අයුරු......
නිමා කරන්නට සසරෙහි සියලු දොසා
සම්මා බුදුන් ගුණ මහබඹු දුටුව නිසා
සම්මා සම්බුද්ධස්ස ගුණ කද ඇතුව තොසා
නම්මා සිරස වැන්දා බඹු සතුට නිසා"