152. නිශ්ශබ්ද නැත්තං භාවනා කරන්න ම බැරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සියලු ම භාවනා සඳහා නිශ්ශබ්දතාවය අවශ්‍ය ම ද?

A. අවශ්‍ය ම නොවේ - මන්ද, ශබ්දය ද භාවනා අරමුණක් ලෙස යොදාගත හැකි බැවිණි. එහෙත්, (මුල් කාලයේ දී) සිත තැන්පත්වීම / සමාධිය සඳහා නිශ්ශබ්දතාවය බෙහෙවින් ම උපකාරී වේ.

{AR. "විවේකය බුදු දහමේ ත්‍රිවිධාකාරයකින් දක්වා තිබේ:

1. කාය විවේකය

2. චිත්ත විවේකය

3. උපධි විවේකය"

R. “විවෙක” යනු කාය විවේක චිත්ත විවේක උපධි විවේක යන තුනයි. කාය විවේකය කවරේද, මේ ශාසනයෙහි මහණතෙම අරණ්‍ය, වෘක්ෂමූල, පර්වත කඳු බෑවුම්, සොහොන්, කැලෑබද ස්ථාන, අභ්‍යවකාශ පිදුරු බිසි යන විවේක සෙනසුන් භජනය කරයි. කයින්ද විවේකව වසයි. හෙතෙම තනිව ගමන් කරයි. තනිව සිටියි. තනිව වැඩ හිඳියි. තනිව සයනය කරයි තනිව ගමට පිඩු පිණිස හැසිරෙයි. තනිව ආපසු එයි. තනිව රහසිගතව වැඩහිඳියි. තනිව සක්මනට බසියි. තනිව හැසිරෙයි. වාසය කරයි. ඉරියව් පවත්වයි පාලනය කරයි. යැපෙයි මේ කාය විවේකයයි.

චිත්ත විවේකය කවරේද? ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුට නීවරණයන්ගෙන් සිත මිදුනේවෙයි. ද්විතීය ධ්‍යානයට සමවැදුනහුට විතර්ක විචාරයන්ගෙන් සිත විවේක වෙයි. තෘතීය ධ්‍යානයට සමවැදුනහුට ප්‍රීතියෙන් සිත විවේක වෙයි. චතුර්ථධ්‍යානයට සමවැදුනහුට සුඛ දුක්ඛයන්ගෙන් විවේකවූයේ වෙයි.

ආකාසානඤ්චායතනට සමවැදුනහුට රූප සඤ්ඤාවෙන් පටිඝ (ක්‍රොධ) සඤ්ඤාවෙන් නානත්ත සඤ්ඤාවෙන් සිත විවේක වූයේ වෙයි. විඤ්ඤානඤ්චායතනයට සමවැදුනහුට ආකාසානඤ්චායතනයෙන් සිත විවේක වූයේ වෙයි. ආකිඤ්චායතනයට සමවැදුනහුට විඤ්ඤානඤ්චායතන සංඥාවෙන් සිත විවේකවූයේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනහුට ආකිඤ්ඤායතන සංඤ්ඤා වෙන් සිත විවේකවූයේ වෙයි සෝවාන්වූවහුට සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දිට්ඨානුසය විචිකිච්ඡානුසය හා එයට හේතුවූ ක්ලෙශයන්ගෙන් සිත විවේකවූයේ වෙයි සකෘදාගාමි වූවහුට ඕලාරිකවූ කාමරාග සඤ්ඤොජනයෝද පවිස සඤඤොජනයෝද ඕලාරික කාමරාගනුසයයෝද පටිඝානුසයයෝද එයට හේතුවූ කෙලෙස්වලින්ද සිත විවේකවෙයි. රහත්වූ ඔහුට රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා මානානුසය භවරාගානුසය අවිජ්ජානුසය යන මෙයින්ද එයට හේතුවූ කෙලෙස් වලින්ද පිටත සියලු නිමිතිවලින්ද සිත විවේක වූයේවෙයි. මේ චිත්ත විවේකයයි.

උපධි විවේකය කවරේද? ක්ලෙශයෝද ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද උපධියයි කියත්. අමෘතවූ නිර්වාණයට උපධි විවේකයයි කියයි. යමෙක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙළෙස් නැතිකළේද තෘෂ්ණා ක්ෂයවූයේද නොඇලීම් ඇතිවූයේද බැඳුම් නැතිවූයේද එය නිවණයි. මේ උපධි විවේකයයි නෛෂ්කාම්‍යයෙහි ඇළුනාවුන්ට ශරීරාශා ඈත්කළවුන්ට කාය විවේකයද පිරිසිදු සිත් ඇත්තන්ට අතිශය පීරිසිදු බවට පැමිණියවුන්ට චිත්ත විවේකයද සංස්කාරයන්ගෙන් මිදුන පුද්ගලයින්ට කෙලෙස් නැතියවුන්ට උපධි විවේකයදවේ."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll