Q. ගාථාවන්, පාලියෙන්ම කියන්න ඔනිද? මම පාලි දන්නෙ නැහැ. සිංහලෙන් කියන එක වැරදිද?
A / R. “… ගාථා කීමේ සිරිත මෑත කාලයේ ඇති වූවකි. තේරුමක් නො දැන ගාථා කීම එතරම් පලක් ඇති වැඩකැයි නො කිය හැකි ය. තේරුම දැන ගෙන ගාථා කියනවා නම් එසේ කරන්නා හට වචනයක් පාසා කුශල් ඇති වේ. ගාථා කියන පින්වතුන් ඒවායේ තේරුම දැන ගන්නටත් උත්සාහ කළ යුතු ය. …. වැඳුම් පිදුම් කිරීමේ දී රත්නත්‍රය ගුණ කී පමණට පින් සිදු වන බව සැලකිය යුතු ය.”
A / R. පාළි ගාථාවල අර්ථය නොදන්නේ/නොහැඟෙන්නේ නම් (පමණක්) > “ … වැඳුම් පිදුම් කිරීමේ දී සිය බසින් ගෙතුණු තුනුරුවන් ගුණ පාඨ භාවිත කිරීම වඩාත් හොඳ බව කිය යුතු ය. …”
A. මෙහිදීද සටහන් කළ යුතු විශේෂ කරුණු ඇත - තථාගතයන්වහන්සේගේ (ඇතැම්/ගැඹුරු) ධර්මය, භාෂා විෂය අතික්‍රාන්තය (භාෂා විෂය ඉක්මවා සිටී); එසේ තිබියදී පවා, ලොව භාෂා සිය දහස් ගණනක් අතුරින් උන්වහන්සේ(ලා?) පාළි භාෂාවෙන් ම ධර්මය දේශනා කිරීමේ හේතුව, එය අනෙක් භාෂාවන් පරයා අරුත් විවරණ ගෙන දීමට පොහොසත් ගැඹුරු භාෂාවක් වීමය.
එසේම තථාගතයන්වහන්සේගේ ශ්‍රීමුඛ දේශනාවල අකුරක් පවා භාෂා විද්‍යාත්මකව, ශබ්දාර්ථ විද්‍යාත්මකව හා ව්‍යාකර්ණානුකූලව පරිපූර්ණ ය (Linguistically, semantically & grammatically Perfect) “... සාත්‌ථං සබ්‍යඤ්‌ජනං, කෙවලපරිපුණ්‌ණං ...”, එමෙන්ම අතිශයින් භාම්භීරය.
එසේ “ස්වාක්ඛාත” වූ ද අර්ථ භාම්භීර වූ ද ශබ්ද භාම්භීර වූ ද ධර්මය, වෙනත් භාෂාවකට පෙරළීමේදී, ඉහත කී කාරණා හා පිරිත්/ගාථා ආදී “ගෙය්‍ය”/“ගාථා” කොටස්වලට ඇතුළත් කළ හැකි දෑ වල ‘ගණ පිහිටුවීම’, උච්චාරණය ආදී ශබ්ද විද්‍යාත්මක කරුණු කෙරෙහි ද සූක්ෂම අවධානය අත්‍යවශ්‍ය ය.
කෙසේ වෙතත්, පාළි භාෂාව හා එකී භාෂා පද-බන්ධන අනෙක් භාෂා හා මුළුමණින් ම සමකොට හෝ අනෙක් භාෂා හා ලඝු/සුළු/අවතක්සේරු කොට සැළකිය නොහැකිය. එබැවින් ඒවා පරිවර්තනය හා පරිහරණය සෑම කෝණයකින්ම විශද ලෙස බලා, ඉතා සැළකිල්ලෙන් හා අර්ථසම්පන්නව ම කළ යුතුය.
{ඉහත දක්වා ඇත්තේ මාගේ පෞද්ගලික අදහසයි. මා නැවත ද කියමි (I repeat) - ඉහත දක්වා ඇත්තේ මාගේ පෞද්ගලික අදහසයි.}