402. රාගික / කාමුක සිතුවිලි වැඩියි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රාග සිතුවිලි බහුල අයට සුදුසු භාවනාව මොකක්ද?

A / R. අශුභ භාවනාව. | (නිතර ම පාහේ) අශුභ නිමිත්තක් සිහිකිරීම / අශුභ නිමිති මෙනෙහිකිරීම. |
“... යම්සේ අසුභනිමිත්තක් (රාගය තුනී කරණ අරමුණක්) නිසා නූපන් කාමච්ඡන්දය (පඤ්චකාමයන් කෙරෙහි ආසාව) හෝ නූපදී ද, උපන් කාමච්ඡන්දය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි අසුභ නිමිත්ත නුවණින් මෙනෙහිකරන්නා තුළ (පෙර) නූපන් කාමච්ඡන්දයත් නූපදන්නේය, උපන් කාමච්ඡන්දයත් විනාසයට යන්නේය.”
https://pitaka.lk/main?n=26110&p=16

“... යම් සුභ නිමිත්තක් (රාගය ඇති කරණ අරමුණක්) නිසා නූපන් කාම ආශාව උපදීද, උපන්නාවූ කාම ආශාව නැවත නැවත ඉපදීම හා විශාලලෙස රැස්වීම වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, රාගය ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙණෙහි කරන්නා තුළ නූපන් කාමආශාවක් උපදී, උපන්නාවූ කාමආශාවෙහි බහුලභාවය හා විශාල භාවයත් ඇතිවන්නේය.”
https://pitaka.lk/main?n=26110&p=11

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll