Q. මුල් ඇරඹීම නැති පටිච්චසමුප්පාදය විශ්වාස කළ හැකි ද?
A. මුලින්ම කියන්න ඕනේ, “අවිද්‍යාව”, “සංස්කාර”, “විඥාන” ... “තණ්හා” ... ආදී ධර්ම, පුද්ගල භාවයෙන් තොරව “පරමාර්ථ ධර්ම” විදිහට අරන් මේ/“පටිච්චසමුප්පාදය” ගැන හිතන්න කියලා.
[ත්‍රිපිටකය (විශේෂයෙන්ම “අභිධර්ම පිටකය”) ගැන අපේ තියන “ධර්ම ඥානය” වැඩි තරමට ම, අපිට තියන “ධර්ම/දහම් ගැටළු අඩු වෙනවා/ලිහා ගන්න ලේසියි. ඒ නිසා ඔබට/හැමෝටම ආරාධනා කරනවා ත්‍රිපිටකය හෝ “පරමාර්ථ ධර්ම” හා “සූ විසි ප්‍රත්‍ය” ගැනවත් තරමක හෝ දැනුමක් ලබා ගන්නා ලෙස - http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=15/ http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=16 තෙරුවන් සරණයි!]
“අවිද්‍යාව” එක්තරා මූල හේතුවක් විනා, එය අහේතුක හෝ එකම මූල ධර්මය/හේතුව හෝ ලොව මුලින්ම ඇති වූ ධර්මය හෝ නොවේ.
“අවිද්‍යාව” එක්තරා මූල හේතුවක් නිසාම, එසේ දේශිත ‘අවිද්‍යා මූලික පටිච්චසමුප්පාදය’ යුක්තියුක්තව ජනප්‍රිය වී ඇත.
අවිද්‍යාව ද හේතු නිසා හටගන්නා ඵලයකි/ධර්මයකි; ආශ්‍රව නිසා අවිද්‍යාව ද, අවිද්‍යාව නිසා ආශ්‍රව ද හට ගන්නා බව “සම්මා දිට්ඨි සූත්‍රය” ගුරුකොට ගනිමින් පෙන්වා දිය හැක. (“ආසවසමුදයා අවිජ්ජාසමුදයො,” - http://pitaka.lk/18109/103/cs,aps - “අවිජ්ජාසමුදයා ආසවසමුදයො,” - http://pitaka.lk/18109/104/cs,aps)
“පටිච්චසමුප්පාදය” ද ඉතා ගැඹුරු විෂයක් බව මේ ලා බරකොට සැලකිය යුතුය.
[http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=17]
R. "මේ පටිච්චසමුප්පාදය අවිද්‍යාව මුල් කොට දේශනා කර තිබෙනුයේ ප්‍රකෘතිවාදීන් කියන ප්‍රකෘතිය මෙන් ද, දේවවාදීන් කියන මැවුම්කාර දෙවියා මෙන් ද, අවිද්‍යාව යම්කිසි හේතුවක් නැතිව ඉබේ ම හටගත් ධර්මයක් නිසා නො වේ. චක්‍රයක් සේ සෑදී තිබෙන ධර්ම සමූහයක් ගැන කියන කල්හි කොතැනකින් වුව ද පටන් ගෙන කිය හැකි ය. පටිච්චසමුප්පාදය ද චක්‍රයක් වී තිබෙන ධර්ම පරම්පරාවකි. එබැවින් එය කොතැනකින් වුව ද පටන් ගෙන නොකිය හැකි නොවේ. පටිච්චසමුප්පාද දේශනා ඇත්තේ ද එකක් ම නොවේ. තථාගතයන් වහන්සේ විසින් පටිච්චසමුප්පාදය දේශිත සූත්‍ර ධර්‍ම නිදානවග්ගසංයුත්තකයේම සිය ගණනෙකි. විභංග පාළියේ ද පටිච්චසමුප්පාද දේශනා බොහෝ ගණනෙකි. තවත් නොයෙක් තැන්වල නොයෙක් අයුරින් පටිච්චසමුප්පාදය දේශනා කර තිබේ. මෙහි දක්වන ලදුයේ විභංගප්‍රකරණයේ එන අවිද්‍යාමූලික ප්‍රතීත්‍යසමුත්පාදයකි.
ප්‍රතීත්‍යසමුත්පාදාංගයන් අතුරෙන් අවිද්‍යා - තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකි. ප්‍රධාන ධර්ම දෙකකි. සුරාපානයෙන් මත් වූ තැනැත්තා විසින් තමාට අහිත වූ දෑ කරන්නාක් මෙන් අවිද්‍යාවෙන් මූඪ වූ සත්ත්ව තෙමේ තමාට අහිත වන්නා වූ ප්‍රාණඝාතාදි පාපකර්මයන් කරන බැවින් අවිද්‍යාව දුර්ගතිගාමී කර්මයට විශේෂ හේතුවක් වේ. භවතෘෂ්ණාවෙන් මඩනා ලද සත්ත්ව තෙමේ මතු සුගතියෙහි ඉපදීමට පින් කරන බැවින් තෘෂ්ණාව සුගතිගාමී කර්මයට විශේෂයෙන් හේතුවෙයි. මෙසේ දුර්ගති - සුගතිගාමී කර්මයන්ට විශේෂයෙන් හේතු වන බැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකැ යි ද ප්‍රධාන ධර්ම දෙකකැ යි ද කියනු ලැබේ.
අවිද්‍යා - තෘෂ්නා දෙක මෙසේ මූල ධර්ම වශයෙන් හා ප්‍රධාන ධර්ම වශයෙන් සැලකිය යුතු බැවින් තථාගතයන් වහන්සේ සමහර තැනක දී අවිද්‍යාවෙන් පටන් ගෙන ද, සමහර තැනක දී තෘෂ්ණාවෙන් පටන් ගෙන ද, පටිච්චසමුප්පාදය දේශනා කළ සේක. එයින් අවිද්‍යාවේ හෝ තෘෂ්ණාවේ අහේතුක බවක් හෝ ලෝකයෙහි මුලින් ම ඇති වූ බවක් හෝ අදහස් කරනු නො ලැබේ. ඒවා සංස්කාරාදීන් මෙන් ම හේතුවෙන් හට ගන්නා ධර්මයෝ ය. මේ සංසාර චක්‍රය සිඳ දුකින් මිදී නිවනට පැමිණිමට කළ යුත්තේ ද අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය කිරීම ය. ඒ දෙක ප්‍රහාණය කළ කල්හි සංසාර චක්‍රය සිඳේ. එය ද ඒ දෙක මුල් කොට දේශනා කිරීමේ එක් කාරණයකි."