Q. අන්තරාභව? ගන්ධබ්බ අවධිය? තාවකාලික භව?
A. “මේ සත්වයා කූඩැල්ලෙක් වගේ එක භවයක් අත්හැරපු ගමන් අනික අල්ලගන්නව කියලා ...” හින්දු ආගමේ සඳහන් බොහෝ ප්‍රධාන සංකල්ප මත පදනම් වූ උපනිෂද් තුළ දක්නට ලැබෙන සංකල්පයක් මිස, එය බෞද්ධ සංකල්පයක් නොවේ - බ්‍රිහදරන්‍යක උපනිෂද් - 4.4.3 ශ්ලෝකය."
සරලව කිවහොත්, බුදුදහමේ සඳහන් වෙන්නේ - මරණාසන්න අවසාන සිත (චුති සිත) ඉපිද නිරුද්ධ වූ පසු, ඒ (චුති) සිතට කලින් ඇති වූ ජවන සිතෙන් (ජවන් සිත්වලින්) ගත් අරමුණම ගනිමින් ඊළඟ මොහොතේ ම අලුත්/අභිනව භවයක සත්වයා (ප්‍රතිසන්ධි සිත) උපදින/පහළ වන බවයි.
R. "... භවයාගේ අවසාන චිත්තය වන ච්‍යුති චිත්තය උපදී. ඉන් පසු කිසි කලෙක ඒ ශරීරයේ නැවත සිත් ඇති නොවේ. ච්‍යුති චිත්තය ඇති වීම සත්ත්වයාගේ මරණය ය.
ච්‍යුතියෙන් පසු ඒ ශරීරයෙහි නැවත සිත් ඇති නො වන නමුත් සත්ත්වයාගේ සිත් පරම්පරාව නො සිඳේ. ච්‍යුති චිත්තය නිරුද්ධ වනු සමග ම මරණාසන්න ජවනන් විසින් ගන්නා ලද අරමුණ ම ගනිමින් විපාක දීමට ඉදිරිපත් ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් යම් කිසි තැනක දෙවන ජාතියේ පළමු වන සිත වූ ප්‍රතිසන්ධි චිත්තය පහළ වේ. ඒ ප්‍රතිසන්ධි චිත්තය පහළ වීම, මළ සත්ත්වයා ගේ නැවත ඉපදීමය. මැරෙන තැනැත්තාගේ ශරීරයෙන් කිසිවක් අනාගත භවයට නො යන්නේ ය. ප්‍රතිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් එහි ගිය එකක් නොව, එහි ම අලුතෙන් පහළ වූවකි.
ප්‍රතිසන්ධි චිත්තය වර්තමාන භවයෙන් අනාගත භවයට ගිය එකක් නො වතුදු වර්තමාන භවයේ පැවති සිත් පරම්පරාවට ම අයත් දෙයකි. වර්තමාන භවයට අයත් සිත් පරම්පරාව නොවී නම් ප්‍රතිසන්ධි චිත්තයක් ඇති නො වේ. ච්‍යුති-ප්‍රතිසන්ධි දෙක අතර දීර්ඝ කාලයක් ද නැත. ච්‍යුතියට අනතුරුව ප්‍රතිසන්‍ධිය ඇති වීමට ගත වන කාලයත් ජීවත් ව ඉන්නා කාලයේ චිත්ත වීථියක එක් සිතක් නිරුද්ධ වී තව සිතක් ඇති වීමට ගත වන කාලයත් සමාන ය. මිනිසකු මැරී දෙව්ලොව පිළිසිඳ ගත් කල්හි, මේ ලෝකයෙන් දෙව්ලොවට ගිය කිසිවෙක් නැත ද, දෙවියාගේ ප්‍රතිසන්ධි චිත්තය, මිය ගිය මිනිසාගේ සිත් පරම්පරාවට ම අයත් බැවින් මිය ගිය මිනිසාත් ඒ දෙවියාත් එක් පුද්ගලයකු වශයෙන් කිය යුතු ය."