Q. පභංගු සූත්‍රයේ "පංච උපදන්ස්කන්ධයේ ව්‍යුශ්පමයෙක් අසතංගමයෙක් නිරෝධයෙක් ඇත්ද තෙල නොබිදෙන සුළුයි" මෙය පැහැදිලි කර දෙන්න පුලුවන්ද?
"... රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. ..."
https://tipitaka.lk/sn-3-1-1-3-11/sinh
https://pitaka.lk/main?n=231047
A. සරලව, කෙටියෙන් - නිවන (නිර්වාණය) නොබිඳෙන සුළු ය - යන්න යි.
{"පභඞ‍්ගුඤ‍්ච වො ඛො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි අප‍්පභඞ‍්ගුඤ‍්ච. තං සුණාථ. -පෙ-
මහණෙනි, තොපට බිඳෙනසුලු දැය ද දෙසමි, නො බිඳෙනසුලු දැය ද දෙසමි. එය අසව.
කිඤ‍්ච භික්ඛවෙ, පභඞ්ගු, කිං අප‍්පභඞ‍්ගු:
මහණෙනි, කුමක් නම් බිඳෙනසුලු වේ ද, කුමක් නම් නො බිඳෙනසුලු වේ ද:
රූපං භික්ඛවෙ, පභඞ්ගු. යො තස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. වෙදනා පභඞ්ගු. යො තස්සා නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. සඤ්ඤා පභඞ‍්ගු යො තස්සා නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප‍්පභඞ‍්ගු, සඞ‍්ඛාරා පභඞ්ගු. යො තෙසං නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. විඤ්ඤාණං පභඞ්ගු. යො තස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප‍්පභඞ‍්ගූති.
මහණෙනි, රූපය බිඳෙනසුලු වෙයි. ඒ රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. වේදනාව බිඳෙන සුලු යැ, ඒ වෙදනාව පිළිබඳ යම් නිරොධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙනසුලු වෙයි. සංඥාව බිඳෙන සුලු වෙයි. ඒ සංඥාව පිළිබඳ යම් නිරොධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද තෙල නො බිඳෙන සුලු වෙයි. සංස්කාර බිඳෙන සුලු වෙයි. ඒ සංස්කාර පිළිබඳ යම් නිරොධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. විඥානය බිඳෙනසුලු වෙයි. ඒ විඥානය පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද තෙල නො බිඳෙනසුලු වෙයි."
"සාවත්ථිනිදානං. ‘‘පභඞ්ගුඤ්ච, භික්ඛවෙ, දෙසෙස්සාමි අප්පභඞ්ගුඤ්ච. තං සුණාථ. කිඤ්ච, භික්ඛවෙ, පභඞ්ගු, කිං අප්පභඞ්ගු? රූපං , භික්ඛවෙ, පභඞ්ගු. යො තස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. වෙදනා පභඞ්ගු. යො තස්සා නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. සඤ්ඤා පභඞ්ගු... සඞ්ඛාරා පභඞ්ගු. යො තෙසං නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. විඤ්ඤාණං පභඞ්ගු. යො තස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගූ’’ති. එකාදසමං.
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, තොපට බිඳෙන ස්වභාවය ඇති ධර්මයද, නොබිඳෙන ස්වභාවය ඇති ධර්මයද, දේශනා කරන්නෙමි. එය අසව්. බිඳෙන ස්වභාවය ඇති ධර්මය කුමක්ද? නොබිඳෙන ස්වභාවය ඇති ධර්මය කුමක්ද?
“මහණෙනි, රූපය බිඳෙන ස්වභාවය ඇත්තේය. ඒ රූපයාගේ යම් නිරෝධයක්, විනාශයක්, සංසිඳීමක් ඇත්තේද? එය නොබිඳෙන ස්වභාවය ඇත්තේය.
“වේදනාව බිඳෙන ස්වභාවය ඇත්තේය. වේදනාවේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාවය ඇත්තේය.
“සංඥාව බිඳෙන ස්වභාවය ඇත්තේය. සංඥාවේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය.
‘සංස්කාරයෝ බිඳෙන ස්වභාවය ඇත්තාහුය. සංස්කාරයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය.
“විඤ්ඤාණය බිඳෙන ස්වභාවය ඇත්තේය. විඤ්ඤාණයේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, ඒ නොබිඳෙන ස්වභාව ඇත්තේය."}