Q. ශ්‍රද්ධාව යනු කුමක් ද? - නියම ශ්‍රද්ධාව ඇති වන්නේ තෙරුවන් කෙරෙහි පමණ ද? නැතහොත් මව්පියන් දෙවියන් රජුන් ආදීන් කෙරෙහි ද ඇති විය හැකි ද?
[මෙය ද කියවන්න.]
A. “මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම මේ මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අතිඋතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබොධ කළසේක. භාග්‍යවත්හ යනුවෙන් සැදැහැ ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුදුබව අදහයිද, මහානාම, මෙපමණකින් උපාසකතෙම සැදැහැයෙන් යුක්තවූවෙක් වෙයි”
‘‘කිත්තාවතා පන, භන්තෙ, උපාසකො සද්ධාසම්පන්නො හොතී’’ති? ‘‘ඉධ, මහානාම, උපාසකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. එත්තාවතා ඛො, මහානාම, උපාසකො සද්ධාසම්පන්නො හොතී’’ති.
"... මේ ධර්මයෝ පස්දෙන මේ ආත්මයෙහි දෙවැදෑරුම් විපාක ඇත්තාහු වෙති. ඒ පස්දෙන කවරහුද? ශ්‍රද්ධාව, රුචිය, පරම්පරාගත කථාව, යහපත් කල්පනාව හරි අදහස ඇතිකර ගැනීමේ කැමැත්ත, යන මොවුහුයි. භාරද්වාජය, මේ පඤ්ච ධර්මයෝ මේ ආත්ම භාවයෙහි දෙවැදෑරුම් විපාක ඇත්තාහු වෙත්. භාරද්වාජය, යලිදු මනාව අදහන ලද්දක්වේද, එයද හිස්වූ මුසාවක් වෙයි. ඉදින් මනාව නොඅදහන ලද්දේවේද, එය ඇත්තාවූ සත්‍යය වෙනස් නොවන්නක් වෙයි. යලිදු භාරද්වාජය, මනාව කැමතිවන ලද්දක් වේද එයද හිස්වූ බොරුවක් වෙයි. ඉදින් මනාව කැමති නොවන ලද්දක් වේද, එයද ඇත්තාවූ සත්‍යවූ වෙනස් නොවන්නක් වෙයි."
[‘‘සෙය්‍යථාපි, භාරද්වාජ, අන්ධවෙණි පරම්පරාසංසත්තා පුරිමොපි න පස්සති මජ්ඣිමොපි න පස්සති පච්ඡිමොපි න පස්සති; එවමෙව ඛො, භාරද්වාජ, අන්ධවෙණූපමං මඤ්ඤෙ බ්‍රාහ්මණානං භාසිතං සම්පජ්ජති - පුරිමොපි න පස්සති මජ්ඣිමොපි න පස්සති පච්ඡිමොපි න පස්සති. තං කිං මඤ්ඤසි, භාරද්වාජ , නනු එවං සන්තෙ බ්‍රාහ්මණානං අමූලිකා සද්ධා සම්පජ්ජතී’’ති? ‘‘න ඛ්වෙත්ථ, භො ගොතම, බ්‍රාහ්මණා සද්ධායෙව පයිරුපාසන්ති, අනුස්සවාපෙත්ථ බ්‍රාහ්මණා පයිරුපාසන්තී’’ති."
“භාරද්වාජය, යම්සේ උණගස්වලින් කළ අත්වැල අල්ලාගෙන ගමන් ගත්තාවූ කන්නු මුළින් යන්නා නොදකියිද, මැදින්යන්නා නොදකියිද අගින් යන්නා නොදකියිද, භාරද්වාජය, මෙපරිද්දෙන් ආදිමයාද නොදක්නාවූ මධ්‍යමයාද නොදක්නාවූ අන්තිමයාද, නොදකින්නාවූ බමුණන් කියන ලද්ද ‘අන්ධ වේණු’ උපමාවඇතිකෙරේයයි හඟිමි. භාරද්වාජය, ඒ කිමැයි හඟිනෙහිද? මෙසේ ඇතිකල්හි බමුණන්ගේ අමූලිකවූ ශ්‍රද්ධා ඇතිවෙන්නේ නොවේද?” “භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණෝ ශ්‍රද්ධාවම ඇසුරු නොකෙරෙති. බමුණෝ මෙහි පරම්පරාගත කථාද ඇසුරු කෙරෙත්”]
[‘‘අත්ථි පන වො, ගහපතයො, කොචි මනාපො සත්ථා යස්මිං වො ආකාරවතී සද්ධා පටිලද්ධා’’ති? ‘‘නත්ථි ඛො නො, භන්තෙ, කොචි මනාපො සත්ථා යස්මිං නො ආකාරවතී සද්ධා පටිලද්ධා’’ති
“ගෘහපතියෙනි, යමෙකු කෙරෙහි නුඹලා විසින් කරුණු සහිතවූ ශ්‍රද්ධාවක් ලබන ලද්දීද, තොපට එබඳුවූ මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් ඇත්තේද?”
“ස්වාමීනි, යමෙකු කෙරෙහි අප විසින් කරුණු සහිතවූ ශ්‍රද්ධාවක් ලබන ලද්දීද, අපට එබඳුවූ මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් නැත්තේය.”]
["යස්ස කස්සචි, භික්ඛවෙ, ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්‍යඤ්ජනෙහි තථාගතෙ සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා, අයං වුච්චති, භික්ඛවෙ, ආකාරවතී සද්ධා දස්සනමූලිකා, දළ්හා; අසංහාරියා සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං."

“මහණෙනි, යම් කිසිවෙකුට, ශාස්තෲන්වහන්සේ පරීක්ෂා කරන මේ ක්‍රමවලින්, මේ පදවලින්, මේ ව්‍යඤ්ජනවලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියාද, (සෝවාන් මාර්ගයට පැමිණීම් වශයෙන්) හටගත් මුල් ඇත්තීද, මහණෙනි, මේ ශ්‍රද්ධාව වනාහි කරුණු සොයා පිළිගත් හෙයින් කරුණු සහිතයයිද සෝවාන්මාර්ගය මුල්කොට ඇත්තීයයිද, ස්ථිරයයිද, ශ්‍රමණයෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලොකයෙහි කිසිවෙකු විසින් හෝ පැහැරගත නොහැකියයිද කියනු ලැබේ."]
{" බුද්ධාදීන් කෙරෙහි විශ්වාසය, බුද්ධ ගුණාදිය පිළිගන්නා ස්වභාවය සද්ධා නම් වේ. එයට ශ්‍රද්ධාව යයි ද කියනු ලැබේ. “පැහැදීමය” යි ද කියනු ලැබේ. මේ ශ්‍රද්ධාව කුසල් කිරීමේ දී මහා බලයෙකි. එය කුසලයන් ගන්නා ස්වභාවයෙන් අතක් වැනිය යි ද, සියලු සම්පත් ලබා දීම් වශයෙන් ධනයක් වැනිය යි ද, සියලු කුශලයන්ට මුල් වන බැවින් බීජයක් වැනිය යි ද කියා තිබේ."
"සද්ධින්ද්‍රිය යනු ශ්‍රද්ධා චෛතසිකය ය. ... ‘ශ්‍රද්ධාව’ බුද්ධාදි වස්තූන්හි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට අධිපති වේ."
"විරුද්ධ ධර්මයන් මර්දනය කරන බැවින් ද, විරුද්ධ ධර්මයන් විසින් නො සෙලවිය හැකි බැවින් ද ශ්‍රද්ධාදීහු බල නම් වෙති. දෘෂ්ටි - විචිකිත්සාදීහු ශ්‍රද්ධාවට විරුද්ධයෝ ය. ඒ ධර්මයන් විසින් සෙලවිය නො හෙන බැවින් ශ්‍රද්ධාව බලයෙකි."}