Q. මළ ගිය නෑයන්ට පිං අනුමෝදන් කිරීමේදී එම පිං අනුමෝදන් විය හැක්කේ පරදත්තූපජීවී ප්‍රේතයින්ට පමණක් නම් දෙවියන් පිං අනුමෝදන් වන්නේ කෙසේද?
A. මළගිය නෑයන්ට මෙන් ම, දෙවියන්ට ද පිං අනුමෝදන් කළ යුතු ය.
දෙවියෝ ද [පරදත්තුපජීවික ප්‍රේතයෝ ද, විමාන ප්‍රේතයෝ (වේමානික ප්‍රේතයෝ) ද, විනිපාතික අසුරයෝ ද] පිං අනුමෝදන්ව එකෙණෙහි ම ආනිශංස / ඵල ලබන බව දක්වා තිබේ.
{“තඤ්හි උද්දිසකං කත්වා දෙවතානංවා පරදත්තුපජීවිපෙතානංවා වෙමානිකපෙතානංවා විනිපාතිකාසුරානංවා දින්නං අනුමොදිතඤ්ච තෙසං තඞ්ඛණෙඑව දිට්ඨධම්ම වෙදනීයං ජාතන්ති.”}
“සෙස්සන්ට සුදුසු අවස්ථාවල දී ලැබේ.” ලෙස රේරුකානේ හිමියන් විසින් ද දක්වා තිබේ.
{“එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන්ට සුදුසු අවස්ථාවල දී ලැබේ.”}
https://pitaka.lk/books/bauddhayage-athpotha/10-7.html
A. “දෙවියෝ ද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ත්ව කොට්ඨාසයෙකි. කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍රහයක් කිරීම මිනිසුන්ගේ යුතු කමෙකි. දෙවියන්ට සංග්‍රහයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුනට ද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයේ දෙවියෝ අනුකම්පා කරති. දේවතානුකම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතට දියුණුවට බලවත් හේතුවකි. දේවතානුකම්පාව ලැබීම පිණිස ද කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ද පින් කළ සෑම අවස්ථාවක දී ම දෙවියන්ට ද පින් අනුමෝදන් කරවිය යුතු ය.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/10-6-4.html
A. “තවද මහානාමය, කුලපුත් උත්ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භොගයෙන් යම් පමණ පුද පිළිගන්නා දෙවියෝ ඇත් නම්, ඔවුනට (අග්‍ර යාගුභක්තාදීන්) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනා කෙරෙයි. පූජා කෙරෙයි සත්කාර ලත් ගුරුකාර ලත් මානනා ලත් පූජා ලත් පුද පිළිගන්නා දෙවියෝ “සැරදෙ, දිගා පල්නේ යැ”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, දෙවතාවන් විසින් අනුකම්පිත කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.”
https://tipitaka.lk/an-5-2-1-8/11-2/sinh
T / C. “පරෙහි දින්නාය පත්තියා අනුමොදනං අත්තමනතාපවෙදනං පත්තා නුමොදනංනාම. අදින්නස්ස පුඤ්ඤස්ස අනුමොදනං පන අනුමොදනමෙව හොති. න පත්තානුමොදනං. පත්තියාඑව අභාවතො. පත්තිච දුවිධා උද්දිසිකා අනුද්දිසිකාති. තත්ථ අත්තානං උද්දිසිකං අනුමොදන්තස්සෙව දිට්ඨධම්මවෙදනීයං ජාතන්ති වෙදිතබ්බං. ඉදං පන ද්වයං දානපුඤ්ඤෙසුඑව විසෙසතො පාකටං. තඤ්හි උද්දිසකං කත්වා දෙවතානංවා පරදත්තුපජීවිපෙතානංවා වෙමානිකපෙතානංවා විනිපාතිකාසුරානංවා දින්නං අනුමොදිතඤ්ච තෙසං තඞ්ඛණෙඑව දිට්ඨධම්ම වෙදනීයං ජාතන්ති.” (පරමත්‌ථදීපනී සඞ්‌ගහමහාටීකාපාඨ.)
https://tipitaka.app/?a=rb7-109-si
““ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකවාසී දායකයෝ දන් දී තමන්ගේ මිය පරලොව ගියා වූ, ඥාතිප්‍රෙතයන්ට ‘මේ දානයෙහි පින්පෙත් ඒ අපගේ ඥාතිප්‍රෙතයන්ට පැමිණේව’ යි කියා පින් දෙන්නාහු ය. කිමෙක් ද, ඒ පින් දුන් කාරණයෙන් මදක් වුවත් විපාකයක් ඒ ඥාතිප්‍රෙතයෝ ලබන්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සමහර ප්‍රෙත කෙනෙක් ලබති, සමහර ප්‍රෙත කෙනෙක් නො ලබන්නාහු ය” යි වදාළසේක. “ස්වාමීන් වහන්ස, කවර කෙනෙක් ලබන්නාහු ද? කවර කෙනෙක් නො ලබන්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, එක්සිය සතිස් මහනරකයෙහි උපන්නා වූ නිරිසත්වයෝ පින්පෙත් හා දුන් බත් නො ලබති. ස්වර්ගලොකයට පැමිණියා වූ දෙවියෝත් නො ලබන්නාහ. තිරශ්චීන යොනිගතසත්වයෝත් නො ලබන්නාහු ය. ප්‍රෙතයොනිගත වූ චතුර්විධප්‍රෙතයන්ගෙන් අනෙකවර්ෂශතසහස්‍රයෙහි මහදුක් අනුභව කෙරෙමින් ඒ ඒ තන්හි වමන ගර්භමාලාදිය අනුභව කෙරෙමින් වසන්නා වූ වන්තාසික නම් ප්‍රෙතයෝ ද, අනෙකබුද්ධාන්තරයෙහිත් යැපෙන ආහාර පානයක් නොලදින් සාපිපාසායෙන් පෙළෙන්නා වූ ඛුප්පිපාසික ප්‍රෙතයෝ ද, ජීර්ණ වූ රුක්සිදුරු ඇවිළ ගත් ගිනි සෙයින් ඇතුළු කුක්ෂියෙහි ඇවිළ දවන්නා වූ වහ්නිජ්වාලාවෙන් දැවී (373) මහදුක් අනුභව කරන්නා වූ නිජ්ඣාමතණ්හික නම් ප්‍රෙතයෝ ද යන මේ ත්‍රිවිධ වූ ප්‍රෙතයෝත් ඒ පින් පෙත් නො ලබති. ඥාතිමිත්‍රාදීන් විසින් දුන් දෙයින් යැපෙන්නා වූ ප්‍රෙතයෝ ඒ පින්පෙත් ලබති. ඒ පරදත්තූපජීවී වූ ප්‍රෙතයෝ ද සිහි කරන්නාහු ම ලබන්නාහු ය” යි වදාළසේක.” (ඥාතිප්‍රෙත පින්පෙත් ප්‍රශ්නය.)
https://pitaka.lk/books/milinda-prashnaya/84.html
"පෙත්තිවෙසයිකා එව හි පරදත්තූපජීවිනො හොන්ති, න අඤ්ඤෙසං පරෙහි දින්නං ¶ උපකප්පති."
https://tipitaka.app/?a=ij13-14-si
"“වෙමානිකපෙතාපී”ති අත්තනො පුඤ්ඤනිබ්බත්තං දිබ්බවිමානං යෙසං අත්ථි, තෙ වෙමානිකා. තෙ පන පුඤ්ඤාපුඤ්ඤමිස්සක කම්මෙන නිබ්බත්තත්තා කෙචි දිවා දිබ්බසුඛං අනුභවන්ති, රත්තිං පෙතදුක්ඛං. කෙචි රත්තිං දිබ්බසුඛං අනුභවන්ති, දිවා පෙතදුක්ඛන්ති. පරෙහි දත්තං දින්නං පුඤ්ඤප්ඵලං උපනිස්සාය ජීවන්තීති පරදත්තූපජීවිනො."

A."දෙවියන්ට පින් දීම
අපේ ඇස්වලට නො පෙනෙන්නේ වී නමුත් ගස් කඳු ගෙවල් දේවාලය වැව් ගංඟා ආදිය ඇසුරු කොට වෙසෙන නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන දේව කොට්ඨාශයක් ඇති බව බුදු දහම අනුව කිය යුතු ය. ඒ දේවියන් සතුටු කළ පමණට ඔවුන්ගේ කරුණාව වඩ වඩා ලැබිය හැකි ය. කැවුම් කිරිබත් පලතුරු ආදි මිනිස් ආහාර ඔවුන්ගේ ආහාර නොවේ. එබැවින් ඒවා පිදීමෙන් ඔවුනට සතුටක් නො ලැබෙනු ඇත. එහෙත් ඒවා පුදන්නවුන්ට ද තමන්ට ගෞරවයක් කරන නිසා ඒ පුද ලබන දෙවියන් අනුකම්පා කරනු ඇත. දෙවියෝ පිනට කැමැත්තෝ ය. පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ දේව සම්පත්තිය දියුණු වේ. එබැවින් දෙවියෝ පින් දෙන මිනිසුන්ට විශේෂයෙන් අනුකම්පාව දක්වති. කළ හැකි උපකාර කරති.
“තතෝ නං අනුකම්පන්ති මාතා පුත්තංව ඕරසං
දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති.”
ඒ පින්දීම හේතු කොට මවක් සිය කුසයෙන් උපන් දරුවකුට අනුකම්පා කරන්නා සේ පින් දුන්නවුන්ට දෙවියන් අනුකම්පා කරන බවත් දේවතානුකම්පාව ලබන්නහුට සෑම කල්හි යහපත වන බවත් තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. දෙවියන්ට සැම දෙයක් ම කළ හැකි බලයක් ඇති ය යි නො සිතිය යුතු ය. ඔවුන්ගෙන් උපකාර ලැබෙන්නේ ඔවුනට කළ හැකි පමණට ය. පින් අනුමෝදන් වූ දෙවියන් මිනිසුන්ට කළ උපකාර දැක්වෙන බෞද්ධ කථා ඇත්තේ ය. ජාතක පොතේ එන මච්ඡද්වාර ජාතකය ඉන් එකකි. දම්පියාටුවාවේ එන කුමුදුප්පලානීත දුග්ගතවත්ථු යන කථාව ද ඉන් එකකි. ඒවා වුවමනා නම් ඒ පොත් වලින් බලා ගන්න."
"... මිය ගිය තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින් මිය යන සෑම දෙනා ම උදෙසා පින් කොට බෞද්ධයෝ පින් දෙති. කවරකු උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නො ලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මිය ගිය කවරෙකු උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නො වේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළා ද වන්නේ ය."