724. භාවනාවෙනුත් ලෙඩ හැදෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සමාදිය පිණිස ආනාපනසති භාවනාව මාස කිහිපයක් කිරිම තුල, නාසය අග හා තොල් මත බර ගතියක් ප්‍රකට වීමක් පවතිනවා, භාවනාව නිවැරදි දිසාවට යොමුකරවා ගැනිමට ඒ හා සම්බන්ද තොරතුරක් දැනගැනිමට කැමැති, තෙරුවන් සරණයි!

A. “සමථ භාවනාවෝ වඩාත් ලෙඩ රෝග වලට හේතු වෙති. දියවැඩියාවත් සමහර විට යෝගාවචරයනට වැළඳිය හැකි රෝගයකි. මේවා යෝගාවචරයනට තේරුම් ගත නොහෙන සියුම් කරුණු ය. යෝගාවචරයකුට මුත්‍ර යෑම අධික වුව හොත් ඒ ගැන විශේෂයෙන් කල්පනා කර ප්‍රතිකාර ගත යුතුය. රෝගය පවතිද්දී භාවනා කරන්නට නොයනු.”

“යෝගාවචරයන් විසින් විශේෂයෙන් ම හිස පරෙස්සම් කැර-ගත යුතුයි. හිසේ බර ගතිය, හිසරදය, ක්ලාන්තය ආදි හිසේ ආබාධ ඇති වුවහොත් තාවකාලික වශයෙන් භාවනාව නවත්වා ඒවා සුව වූ පසු නැවත භාවනාව පටන් ගත යුතුයි. යෝගාවචරයන්ට සමහර විට බඩේ පපුවේ වාත වේදනා ඇති විය හැකිය. එසේ ඇති වී නම් ඒවාට වැඩි වෙදකම් කරන්නට නොයා යුතුයි. භාවනාව නවත්වා දින කීපයක් විසූ කල්හි ඒවා ඉබේම සුව වනු ඇත. නො නවත්වාම කලක් භාවනා කළ හැකි වන්නේ ඉතා ටික දෙනකුටය. ඇති වන ආබාධ නිසා සෙස්සන්ට නොයෙක් විට භාවනාව නවත්වන්නට සිදුවේ. අසනීපයක් ඇති වුවහොත් එය සුව වනතෙක් භාවනාව නැවැත්විය යුතුය. රෝගයන් ගැන නො සලකා ඒවා තිබියදී ම නොනවත්වා ම භාවනා කරන්නට ගියහොත් ඒවා උත්සන්න වී අන්තිමේදී කිසිවක් කර කියා ගත නොහෙන තත්ත්වයට පැමිණිය හැකි ය.”

https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/4-1.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll