45. ‘යම රජු’ හා ‘යම දේව නිකාය’?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ‘යම රජු’ හා ‘යම දේව නිකාය’?

A. ධම්මානන්ද/ධම්ම්නන්දෝ භික්ෂූන් වහන්සේගේ ඉංග්‍රීසි ලිපියකට අනුව ‘යම රජු’ හා ‘යම දේව නිකාය’ අතර කිසිදු සම්බන්ධයක් නැත; එනම් ඒ මාතෘකා දෙකකි.

උන් වහන්සේට අනුව ‘යම රජු’ යනු ‘විමාන ප්‍රේත' (වේමාණික පේත) යන්ගේ රජුය; ‘විමාන ප්‍රේත’ යනු කුසලාකුසල කර්ම මත වැඩෙන, කුප්පිපාසික ප්‍රේතයන්ගේම අනු කාණ්ඩයකි.

ඒ විමාන ප්‍රේතයෝ, කුසල කර්ම හේතුවන් (විපාක වශයෙන්) දවසේ අඩක් දේව විමාන වල දිව්‍ය සැප විඳින අතර අකුසල කර්ම නිසාවෙන් (විපාක වශයෙන්) දවසේ අනෙක් අඩ ප්‍රේතයන් වශයෙන් දුක් විඳිනු ලබයි.

එසේ දවසේ දුක් විදින අර්ධය තුළ ‘යම රජු’ විසින්, අපායට පැමිණෙන නවක සත්ත්වයන්ගෙන් ප්‍රශ්න කිරීම හා ඔවුන්ට නිසි දඩුවම් නියම කිරීම ද සිදු කරයි; දවසේ දුක් විදින අර්ධය තුළ ‘යම රජු’ ට එය ඔහු විසින්ම සිදුකළ යුතු රාජකාරියකි. (අනෙක් අර්ධය තුළ දිව්‍ය සැප විඳී.)

එබැවින් ‘යම රජු’ එක අතකින් ප්‍රේතයෙකි (‘ප්‍රේත රජෙකි’); අනෙක් අතට දෙවියෙකි.

[‘යම රජු’ - දේවදූත සූත්‍රය හා ‘යම දේව නිකාය’ - මහා සමය සූත්‍රය.]

{ධම්ම්නන්දෝ භික්ෂූන් වහන්සේගේ හා සමාන ගෙනහැර දක්වීමක්ම, බුද්ධගෝෂ අටුවාචාරීන් වහන්සේ විසින් මඣිම නිකායට ලියන ලද අටුවාවේ සඳහන් වන බව විකිපීඩියා විශ්වකෝෂය තුළ දක්නට ලැබේ.}

“Lord Yama has nothing to do with the class of gods called the Yama devas (note the different spelling of their names). Lord Yama is also known as Vemanikapetaraja, King of the Vaimanika petas. Vemanika petas ("celestial mansion ghosts") are a sub-class of hungry ghosts who are experiencing the ripening of mixed dark and bright kammas. Owing to their bright kammas they get to spend half the day enjoying deva pleasures in a celestial mansion; owing to their dark kammas they spend the other half of the day undergoing the suffering of a peta. In Lord Yama's case, during the dark half of his daily cycle he has to carry out the duty of interrogating newcomers to the hell realms and assigning appropriate punishments for them.” - Please note that this (above) paragraph is sited out from the Internet.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll