Q. “… මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ හික්මෙන ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැලැස්ම දිහා බලපුවාම අපට ඉස්සෙල්ලාම පේන්නේ ප්‍රඥාව ඉස්සෙල්ලා තියෙනවා වගේ. ඇයි, සම්මා දිට්ඨියෙන්නේ පටන්ගන්නේ.
A / R. "සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක තමයි ප්‍රඥා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන තමයි සීල. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුන තමයි සමාධි. එතකොට බැලූ බැල්මට පේන්නේ සීල, සමාධි, ප්‍රඥා වගේ නෙවෙයි, ප්‍රඥා, සීල, සමාධි වගේ. සමහරු මේකට රැවටෙනවා. රැවටිලා ‘සීල, සමාධි, ප්‍රඥා නෙවෙයි ඔතැන තියෙන්නේ. ඔතැන තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි’ කියනවා. නමුත් විය යුත්තේ ප්‍රඥා, සීල, සමාධි නෙවෙයි, සීල, සමාධි, ප්‍රඥා.
සම්මා දිට්ඨිය ඉස්සරහට අරන් තියෙන්නේ මේකයි. ශ‍්‍රාවකයාට අවබෝධයෙන් යුක්ත සීලයක් පිණිසත්, අවබෝධයෙන් යුක්ත සමාධියක් පිණිසත්, අවබෝධයෙන් යුක්ත ප්‍රඥාවක් පිණිසත් මූලික පදනම සකස් කරන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ‍්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට වුවමනා කරන සීලය සම්පූර්ණ කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ‍්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට වුවමනා කරන්නා වූ සමාධිය සම්පූර්ණ කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ‍්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූ ප්‍රඥාව සම්පූර්ණ කරන්නේ ….
අපි මේක ඒ විදිහට පැහැදිලි කර ගන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා දිට්ඨිය හරියට තිබුණේ නැත්නම් සීලය කියලා එයා එක එක දේවල් කරනවා. පංච සීලයත් වැරදි විදිහට විස්තර කරයි. ඊළඟට සිල් නොවන දේවල් සීලය කියලා පටලවා ගන්නවා. සීලයට අයිති දේ හරියට හඳුනගන්නේ නෑ. ඊළඟට සම්මා සමාධියට එන්න බැරිව යනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග එකක්වත් හරියට ඇති කරගන්න හම්බවෙන්නේ නෑ. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, සම්මා දිට්ඨිය ඉදිරියටම අරගෙන තියෙන්නේ …”
Q / R. “ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දාහුද? නැතහොත් සීලාදී ස්කන්ධ තුණෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලද්දේද?”
A / R. “ඇවැත් විසාඛයෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරණ ලද්දේ නොවේ. ඇවැත්නි විසාඛයෙනි, ස්කන්ධ තුනෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරණලදී. ඇවැත්නි, විසාඛයෙනි, යම් නිවැරදි වචනයක් වේද, යම් නිවැරදි කර්මාන්තයක් වේද, යම් නිවැරදි ජීවිකාවක් වේද, මේ ධර්මයෝ ශීල ස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි උත්සාහයක් වේද, යම් නිවැරදි සිහියක් වේද, යම් නිවැරදි සමාධියක් වේද, මේ ධර්මයෝ සමාධිස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි දැනීමක් වේද, යම් නිවැරදි කල්පනාවක් වේද, මේ ධර්මයෝ ප්‍රඥා ස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ.”