364. අෂ්ට සංවේග වස්තු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අෂ්ඨ සංවේග වස්තු දැන ගැනීමට අවශ්‍ය යි.

A / R. "ජාති,
ජරා,
ව්‍යාධි,
මරණ,
අපා දුක,
අතීත සංසාර දුක,
අනාගත සංසාර දුක,
වර්තමාන ආහාර ගවේෂණ දුක."

A. "සංවෙග ඉපදවියයුතුවූ කරුණු අටෙහි සංවෙග ඉපදවීමෙන්ද ..."

එම සූත්‍ර අටුවාව - "සංවෙජනීයෙසු ඨානෙසූති සංවෙගජනකෙසු ජාතිආදීසු සංවෙගවත්‌ථූසු. ජාති, ජරා, බ්‍යාධි, මරණං, අපායදුක්‌ඛං, අතීතෙ වට්‌ටමූලකං දුක්‌ඛං, අනාගතෙ වට්‌ටමූලකං දුක්‌ඛං , පච්‌චුප්‌පන්‌නෙ ආහාරපරියෙට්‌ඨිමූලකං දුක්‌ඛන්‌ති ඉමානි හි සංවෙගවත්‌ථූනි සංවෙජනීයට්‌ඨානානි නාම." 

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll