904. දානදාස ද? දානසහාය ද? දානපති ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දානසහාය, දානදාස, දානපති යන දායකයින් තිදෙනා ගැන සඳහන් වන්නේ ත්‍රිපිටකයේ / අටුවාවේ කොතනද...?

A. ටීකාවල තමා මට නම් හමුවුණේ.

“අථ වා යො දානසීලතාය දායකො පුග්ගලො, සො දානෙ පවත්තිභෙදෙන දානදාසො දානසහායො දානපතීති තිප්පකාරො හොතීති දස්සෙති. තදස්ස තිප්පකාරතං විභජිත්වා දස්සෙතුං “යො හී”තිආදි වුත්තං. දාතබ්බට්ඨෙන දානං, අන්නපානාදි. තත්ථ යං අත්තනා පරිභුඤ්ජති තණ්හාධිපන්නතාය, තස්ස වසෙ වත්තනතො දාසො විය හොති. යං පරෙසං දීයති, තත්ථපි අන්නපානසාමඤ්ඤෙන ඉදං වුත්තං “දානසඞ්ඛාතස්ස දෙය්‍යධම්මස්ස දාසො හුත්වා දෙතී”ති. සහායො හුත්වා දෙති අත්තනා පරිභුඤ්ජිතබ්බස්ස පරෙසං දාතබ්බස්ස ච සමසමට්ඨපනෙන. පති හුත්වා දෙති සයං දෙය්‍යධම්මස්ස වසෙ අවත්තිත්වා තස්ස අත්තනො වසෙ වත්තාපනතො.
අපරො නයො – යො අත්තනා පණීතං පරිභුඤ්ජිත්වා පරෙසං නිහීනං දෙති, සො දානදාසො නාම තන්නිමිත්තනිහීනභාවාපත්තිතො. යො යාදිසං අත්තනා පරිභුඤ්ජති, තාදිසමෙව පරෙසං දෙති, සො දානසහායො නාම තන්නිමිත්තනිහීනාධිකභාවවිස්සජ්ජනෙන සදිසභාවාපත්තිතො. යො අත්තනා නිහීනං පරිභුඤ්ජිත්වා පරෙසං පණීතං දෙති, සො දානපති නාම තන්නිමිත්තසෙට්ඨභාවප්පත්තිතො. කම්මසරික්ඛකො හි විපාකො, තස්මා දෙවපුත්තො “දානපතී”ති වදන්තො “අහං තාදිසො අහොසි”න්ති දස්සෙති.”

Q. ටීකාව සිංහලෙන් නැද්ද යුනිකෝඩ් වලින් (ඔන්ලයින්).

A. මං දන්නා තරමින් නං - නෑ.

{“දානදාස ය, දානසහාය ය, දානපතිය යි දායකයෝ තිදෙනෙක් වෙති. තමා රසවත් ඕජාවත් ආහාරයන් වළඳමින් දන් දෙන කල්හි නො මනා නො වටනා ආහාරයන් දෙන්නේ දානදාස නමි. තමා වළඳන සැටියට දන් දෙන්නේ දානසහාය නමි. තමා වළඳන ආහාරයට වඩා යහපත් ආහාර දන් දෙන්නේ දානපති නමි.

තමා වටනා වස්ත්‍ර‍ හඳිමින් නො මනා නො වටනා වස්ත්‍ර‍ දෙන්නේ දානදාස ය. තමා හඳන වස්ත්‍ර‍ වැනි ඒවා දෙන්නේ දාන සහාය ය. තමා හඳින වස්ත්‍ර‍යන්ට වඩා සුන්දර වස්ත්‍ර‍ දෙන්නේ දානපති ය. මේ නියායෙන් අන්‍ය දාන වස්තු සම්බන්ධයෙන් ද දායක භේදය කිය යුතුය. විපාක ලැබෙන කල්හි දාන දාසයාට හීන විපාක ද දාන සහායයාට මධ්‍යම විපාක ද දානපතිට ශ්‍රේෂ්ඨ විපාක ද ලැබෙන්නේ ය.

තව ද අවර්ෂී ය, ප්‍රදේශ වර්ෂී ය, සර්වත්‍ර‍ වර්ෂීය යි දායකයෝ තිදෙනෙකි. වස්නට මෙන් ගර්ජනා කර නො වස්නා වලාවක් සේ දෙන්නට කථා කිරීමෙන් ම නවත්නා තැනැත්තේ අවර්ෂි නමි. සමහර තැනකට පමණක් වස්නා වළාවක් මෙන් එක් තැනකට දෙතැනකට පමණක් දෙන තැනැත්තේ ප්‍රදේශ වර්ෂි නමි. මුළු රටට ම වස්නා මහ වලාවක් මෙන් නිකාය භේද කුල භේද රට භේද නෑ කම් මිතුරුකම් නො සලකා සැමට ම දෙන තැනැත්තේ සර්වත්‍ර‍ වර්ෂි නමි.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll