Q. නිදිමත වීම, නිදා ගැනීම යන ක්‍රියාව බුදු දහමේ විශ්තර කර තිබේද. එසේනම් කරුණාවෙන් පැහැදිලි කල හැකිද?
A / R. "1162. එහි මිද්ධය කවරේ යත්:
කයෙහි යම් ගිලන් බවෙක් අකර්මණ්‍යභාවයෙක් බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්මණ්‍යභාවයෙක්) පෙළීමෙක් නිද්‍රායෙක් (ඇස් පිය සැලීම් ආදී) සල බවෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් ඇද්ද, මේ මිද්ධ යයි කියනු ලැබේ. ..."
http://thripitakaya.org/tipitakaya/Index/723?s=21907
{https://pitaka.lk/.../rc/Sathipattana_Bhawana_Kramaya.htm...
https://pitaka.lk/.../rc/Sathipattana_Bhawana_Kramaya.htm...}
{"නිර්‍ය්‍යාණාවරණය
ආලොකසඤ්ඤා අරියානං නිය්‍යානං. තාය ච ආලොකසඤ්ඤාය අරිය නිය්‍යන්ති. ථීනමිද්ධං අරියානං නිය්‍යානාවරණං. තෙන ච ථීනමිද්ධෙන නිවුතත්තා ආලොකසඤ්ඤං අරියානං නිය්‍යානං නප්පජානාතීති ථීනමිද්ධං නිය්‍යානාවරණං.
තේරුම :-
ආලෝක සංඥා ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙකි. (ආර්‍ය්‍යයන් සංසාර දුඃඛයෙන් නික්මයාමට උපකාර කරගන්නා වූ යානයෙකි.) ඒ ආලෝක සංඥාව කරණකොට ආර්‍ය්‍යයෝ සංසාරයෙන් නික්මෙති. ථීනමිද්ධය ආර්‍ය්‍යයන්ගේ නික්මීමට ආවරණයකි. ඒ ථීනමිද්ධයෙන් ආර්‍ය්‍යයන් ගේ නිර්‍ය්‍යාණය වූ ආලෝක සංඥාව නො ලබති. එබැවින් ථීනමිද්ධය නිර්‍ය්‍යාණාවරණයෙකි.
ආලෝකය සිත ප්‍රබෝධ කරන්නකි. ක්‍රියා කිරීමේ උත්සාහය ඇති කරන්නකි. අඳුර සිතේ ප්‍රබෝධය නැති කරන වීර්‍ය්‍යය නැති කරන සිත හකුළුවන අලස බවට පමුණුවන දෙයකි. එබැවින් මනුෂ්‍යයෝ ආලෝකය ඇති කල්හි ඒ ඒ ක්‍රියා කරමින් කල් යවති. අඳුර ඇති කල්හි වැඩ නවත්වා නිදති. ආලෝකය ඇති කල්හි වුව ද ආලෝකය ඇති බව පිළිබඳව හැඟීම නැතිවී ගියහොත් සිත හැකිළී බරවී දුර්‍වල වී නින්දට වැටෙති. අඳුරෙහි වුව ද ආලෝකය ගැන හැඟීම ඇති ආලෝකවත් සිතක් ඇති තැනැත්තාට නො නිදා ක්‍රියා කළ හැකිය. මේ කරුණුවලින් ආලෝක සංඥා නම් වූ ආලෝකය පිළිබඳ හැඟීම ඇති බව සත්ත්වයා ගේ සිත ප්‍රබෝධ වීමටත් ඒ හැඟීම නැති බව සිත හැකිළීමට බරවීමට චිත්තවේගය හීන වීමටත් කරුණු වන බව දත හැකිය.
විවේකස්ථානයක නිශ්චලව හිඳ උදරයේ පිම්බීම් හැකිළීම් ආදි යම් කිසිවක් සිහිකිරීම් වශයෙන් භාවනාවෙහි යෙදෙන පින්වතාට ආලෝක සංඥාවත් ආලෝකවත් සිතත් ඉතා උපකාරකය. ආලෝකවත් සිතය යනු ආලෝකය ඇති කල්හි යම් දෙයක් ඇසට පෙනෙන්නාක් මෙන් තමා සිහිකරන දෙය පැහැදිලි ලෙස දක්නා සිත ය. එක් ඉරියව්වකින් හිඳ එක දෙයකට ම සිත යොමු කරගෙන ඉන්නාන කල්හි යෝගාවචරයා ගේ සිත වෙහෙසට පත් වේ. ආලෝක සංඥාව නො තිබුණ හොත් ඒ අවස්ථාවේදී සිත දුබල කරන, සිත හකුළවන සිතෙහි බර බව අකර්මණ්‍ය බව ගිලන් බව ඇති කරන ථීනමිද්ධනම් වූ නීවරණය පහසුවෙන් ම යෝගාවචරයා ගේ සිතට පැමිණේ. එයින් දුබල කරනු ලැබූ සිත් ඇති යෝගාවචරයාට සිත යම්කිසි එක් අරමුණකට නැවත නැවත යැවීම මහ බරක් ඔසවා ගෙන ඇවිදීමක් වැනි වෙයි. ඔහුට පෙර සේ ඉක්මනින් භාවනාරම්මණයට යැවිය නො හැකි වෙයි.
ඉතා සෙමින් ඉතා අමාරුවෙන් ඔහු භාවනා සිත පවත්වයි. එසේ පවත්වන භාවනාව දුබල බැවින් එයින් යෝගාවචරයා ගේ සමාධි ප්‍රඥාවෝ නො වැඩෙති. ඔහු විසින් ආලෝක සංඥාව උපදවා ඒ ථීනමිද්ධය දුරුකර නො ගත හොත් ඇසිල්ලකින් නින්දට වැටී ඔහුගේ භාවනාව ඇසිල්ලකින් නවතී. ඵලදායක වන පරිදි භාවනාව පැවැත්වීමට ආලෝක සංඥාව වුවමනා ම ය. එබැවින් ඒ ආලෝක සංඥාව ආර්‍ය්‍යයන් ගේ නිර්‍ය්‍යාණයකැයි කියනු ලැබේ.
හොඳට ම ආලේකය ඇති දවල් කාලයේ වුව ද ථීනමිද්ධය පැමිණියහොත් යෝගාවචරයා හට ආලෝක සංඥාව නැතිවී අන්ධකාර සංඥාවක් ඇතිවී නිදිමත ඇති වේ. එබැවින්න ථීනමිද්ධය ආලෝක සංඥා සංඛ්‍යාත නිර්‍ය්‍යාණය නැති කරන ආවරණය කරන නිර්‍ය්‍යාණා-වරණයකැයි කියනු ලැබේ.
නිදිමත නැති කිරීමේ ක්‍රම සතක් :-
එක් සමයෙක්හි මුගලන් මහතෙරුන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත නම් ගම සමීපයේ මහ වනයෙහි මහණදම් පුරන සේක්; සක්මන් කරමින් භාවනා කිරීමෙන් වෙහෙසට පත් ව සක්මන කෙළවර හිඳ නිදා වැටෙමින් හුන් සේක. මුගලන් මහතෙරුන් වහන්සේ එසේ නිදා වැටෙමින් වැඩ ඉන්නා බව තථාගතයන් වහන්සේ දිවැසින් දැක එතැනට වැඩ වදාරා පනවන ලද අසුනෙහි වැඩ හිඳ “මොග්ගල්ලානය, නිදා වැටෙන්නෙහි දැ”යි වදාළ සේක. “එසේය, ස්වාමීනි” යි මුගලන් මහතෙරුන් වහන්සේ පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහතෙරුන් වහන්සේට මතු දැක්වෙන කරුණු සත වදාළ සේක.
1. මොග්ගල්ලානය! යමක් සිහිකරමින් වෙසෙන කල්හි තට නිදිමත ආවහොත් එය සිහි නො කර හරුව. එසේ කළ කල්හි තට එයින් නිදිමත දුරුවිය හැකිය.
2. එසේ කිරීමෙන් ද ඒ නිදිමත නො දුරු වුව හොත් අසා ඇති දැන ගෙන ඇති ධර්ම සිහිකරන්නට ඒවා ගැන කල්පනා කරන්නට විමසන්නට පටන් ගනුව. මොග්ගල්ලානය! එසේ කරමින් වෙසෙන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.
3. මොග්ගල්ලානය! එසේ කරන කල්හි දු තාගේ නිදිමත නො දුරු වී නම් අසා ඇති පුහුණුකර ඇති බණ දහම් විස්තර වශයෙන් සජ්ඣායනා කරව. එසේ කරමින් වෙසෙන කල්හි තාගේ නිදිත දුරුවිය හැකිය.
4. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවේ නම් කන් දෙක අල්ලා ඒ මේ අතට ඇදීම කරව. අත්වලින් තදින් ඇඟ පිරිමැදීම කරව. එසේ කරන කල්හි තාගේ නිදිමත දුරුවිය හැකිය.
5. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත නො දුරුවෙතොත් ඇල් දියෙන් ඇස් තෙමා පිරිමැද වටපිට ලෝකය දෙස බලව. අහසේ තරු දෙස බලව. සමහරවිට එයින් තාගේ නිදිමත දුරුවිය හැකිය.
6. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවී නම් ආලෝක සංඥාව සිත්හි ඇතිකර ගනුව. දවල් යන හැඟීම ඇතිකර ගනුව. දවාලෙහි මෙන් රාත්‍රියෙහිත් ආලෝක සංඥාව ඇති කර ගනුව. රාත්‍රියෙහි මෙන් දවාලෙහිත් ආලෝක සංඥා ඇතිකර ගනුව. සිත ආලෝකවත් කර ගනුව. එසේ වාසය කරන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.
7. මොග්ගල්ලානය! එසේ කිරීමෙන් ද තාගේ නිදිමත දුරු නොවේ නම්, ඇතුළත ම තබා ගන්නා ලද චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ඇතුව පිටතට නො යැවූ සිත් ඇතුව සක්මන් කරව. එසේ කරන කල්හි තට නිදිමත දුරු කළ හැකිය.
මොග්ගල්ලානය, එයින් ද තට නිදිමත දුරු නොවේ නම්, දකුණු ඇලයට හැරී එක් පයක් මත අන්පය මඳක් ඉදිරියෙන් තබා නැගිටින වේලාව සිහිකොට සිංහ ශෙය්‍යාවෙන් සයනය කරව. නින්දෙන් අවදි වූ වහා නැගිටිය යුතුය. මෙසේ තථාගතයන් වහන්සේ වදාළ සේක. (මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සූත්‍රයකින් ගන්නා ලදි.)"}