Q. වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි දක්ෂනොවූ ආර්ය ධර්මයෙහි නොහික්මුනාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ,
1. රූපය ආත්මය වශයෙන් දකියිද
2. ආත්මය රූපවත්යයි හෝ දකියිද
3. රූපය ආත්මය කෙරෙහි හෝ ඇතැයි දකියිද
4. ආත්මය රූපය කෙරෙහි පිහිටියේයයි දකියිද,
මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපබන්ධනයෙන් බැඳුණාවූ ඇතුළත පිටත බන්ධනයෙන් බැඳුණාවූ එතෙර නොදක්නාවූ පරතෙර නොදක්නාවූ පුද්ගලයායයි කියනු ලැබේ. ක්ලෙශයන්ගෙන් බැඳුණෙක්ව උපදියි. බැඳුණෙක්ව මැරෙයි. බැඳුණෙක්ව මෙලොවින් පරලොව යයි.
බන්ධ සූත්‍රය යෙන් උපුටා ගත් කොටසකි. ඉහට 1,2,3 සහ 4 වෙන වෙනම පැහැදිලි කර දිය හැකිද?
A / R. 1. කෙසේ රූපය ආත්මය වශයෙන් දකියිද? …. යම්සේ දල්වන ලද තෙල් පහනේ යමක් සිළුවද එය වර්ණය වෙයි. යමක් වර්ණයද එය සිළුව වේයයි, සිළුවද වර්ණයද එක්කොට දකියිද එසේම මේ ලොකයෙහි ඇතමෙක් (රූපය ද) වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
2. කෙසේ රූපය ඇතියකු ආත්මය වශයෙන් දක්නේද? යම්සේ ඡායාවෙන් යුත් රුකක් වෙයිද, ඊට එක් පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය මේ ඡායාවය රුක අනිකකි, ඡායාව අනිකකි. ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායා සහිතයයි ඡායාව ඇති රුකක් දක්නේද. එසේම ලොව ඇතමෙක් (රූපය ද) වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
3. කෙසේ නම් ආත්මය කෙරෙහි රූපය ඇත්තේයයි දක්නේද? යම්සේ සුවඳ ඇති මලක් වන්නේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මලය මේ සුවඳය මල අනිකකි, සුවඳ අනිකකි. ඒ සුවඳ මේ මලෙහි වන්නේයයි මලෙහි සුවඳ ඇතැයි දකියිද එමෙන් ලොකයෙහි ඇතමෙක් (රූපය ද) වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
4. කෙසේ රූපය කෙරෙහි ආත්මය ඇත්තේයයි දක්නේද? යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයිද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ මැණිකය’ මේ කරඬුවය. මැණික අනිකකි. කරඬුව අනිකකි. ඒ මේ මැණික වනාහි මේ කරඬුවෙහි ඇතැයි කරඬුවෙහි මැණික දක්නේද, එමෙන් මේ ලොකයෙහි ඇතැමෙක් (රූපය ද) වේදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.”