[Watch in 4K — Recommended Resolution.]


519. ආශ්‍රව සහිත ද? ආශ්‍රවයන්ට හිත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ප්‍රෙතිසන්දි විඤ්ඤාණය සමග පහල වෙන නාම රූපය ආශ්‍රව සහිත එකක්ද? නැත්නම් ආශ්‍රව වලට හිත එකක්ද?

T / Q. කරුණාකර, “පාළි” වචන දෙක වෙන වෙන ම කියන්න පුළුවන් ද?
{(ආශ්‍රව සහිත (ධර්මයෝ) = “සාසවා” නම්, ආශ්‍රවයන්ට හිත = ???)
[“සාසවනියා” වගේ වචනයක් මට නම් මතක නැත.]}

A / T. “සාසවනියා” ලෙස වචනයක් තිබිය නොහැකි බවයි මාගේ කල්පනාව; එසේ නම් “ආශ්‍රව සහිත” හෝ “සාස්‍රව” හෝ (“ආශ්‍රවයන්ට හිත” හෝ) ඇත්තේ එකම ධර්මයන් කොටසක් බැවින්, ඔබේ ප්‍රශ්නයට (පහත ධර්මයන් විමසා - ඒවා ගැන මනා අවබෝධයක් ලබා ගැනීමෙන්,) පිළිතුරු ලැබෙනු ඇත.

1107. කවර ධර්මයෝ සාස්‍රව වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්මයෝ ය, රූපස්කන්ධ ය ... විඥානස්කන්ධ ය, යන මේ ධර්මයෝ සාස්‍රවයෝ යි.
https://www.thripitakaya.org/tipitakaya/Index/723?s=21902

1108.කතමෙ ධම්මා සාසවා? කුසලාකුසලාබ්‍යාකතා ධම්මා කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා; රූපක්ඛන්ධො…පෙ… විඤ්ඤාණක්ඛන්ධො – ඉමෙ ධම්මා සාසවා.
https://tipitaka.app/?a=2a4-135-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll