556. භාග්‍යවතුන්වහන්සේ මෙසේ ද වදාළ සේක ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මේ වගේ දෙයක් බුදුරජානන්වහන්සෙ දේශනා කරලා තියෙනවද? ඒ කෙසේ ද යත්:

A / R. “… පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. …”

{“මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලොකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll