Q. නාම රූප පිලිබදව කනත් (අස් නොපෙනෙන මිනිසා) පිලත් (පාද නොමැති මිනිසා) නිදර්ශනයක් ලෙස යොදා දේශනා කල සුත්‍රය කුමක්ද?
A. විශුද්ධි මාර්ගය > දිට්ඨි විශුද්ධි නිර්දේශය >
R. "මේ අර්‍ථය ප්‍රකට කිරීමට මේ උපමාවක් එළවත්:- ජාත්‍යන්‍ධයෙක් ද, පිළෙක් ද ගමනක් යනු කැමැත්තාහු ජාත්‍යාන්‍ධයා යහළුව! ‘මට පයින් යා හැකි යැ. එහෙත් මාර්‍ගයෙහි සම විෂම බව් බැලීමට ඇස් නැත්තේයැ’ යි පිළාට කීයේ ය. පිළා ද යහළුව! ‘මම ඇසින් බැලිය හැක්කෙමි. එහෙත් යාමට හා ඊමට පා නැත්තෙමි වෙමි’ යි අන්‍ධයාට කීය. ජාත්‍යන්‍ධයා තුටු පහටුවැ පිළා දසරුවෙහි තබා ගත. පිළා ද අන්‍ධයා ගේ උරහිස හිඳ වම හරුව, දකුණට යව, දකුණ හරුව, වමට යව’ යි කියයි. මෙහි ජාත්‍යන්‍ධයාද තෙද නැත්තේ යැ. දුබල යැ. තමා තෙදින් ද බලයෙන් ද නො යේ. පිළි ද තෙද නැත්තේ ද. දුබල ය. තමා තෙදින් ද, බෙලෙන් ද යා නො හැක්ක. ඔහු දෙදෙන උනුන් නිසා ගමන කෙරෙත්මැ යි.
එමෙන් ම නාමය ද තෙද නැත්තේ තමා තෙදින් නූපදී. ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී. රූපය ද තෙද නැත්තේ තමා තෙදින් නූපදී. තමා අයත් ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී.
එතෙකුදු වුවත් ඔවුන් උනුන් කියා උපැත්ම හෝ පැවැත්ම නො වන්නේ නො වේ. උපදනේ ද පවත්නේ ද වේ."