824. මෛත්‍රී භාවනාව කරන්ඩ එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෛතී භාවනාව කරද්දි

"මම නිදුක් වෙත්වා
මම නීරෝගී වෙත්වා
මම සුවපත් වෙත්වා"

කියල කියනව ... මෙහෙම "මම" කියල කියද්දි මමත්ව ඉස්මතුවෙනව නේද? එහෙම ප්රාර්ථනා කරන එක අපේ අවසාන අරමුණට යන එක බදාවක්ද? .. නැත්තම් මෙක මගේ වැරදි වටහා ගැනීමක්ද? නැත්තම් මීටත් වඩා මෛතීය වඩන ක්රමයක් තියෙනවද?

A. සමථ, විදර්ශනා භාවනා දෙකෙහි මූලික හරය වටහා ගන්න. ඕනෑම සමථ භාවනාවක ඵලය වේගයෙන් විසිරෙන සිත භාවනා අරමුණෙ පමණක් රඳවා චිත්ත සමාධිය ඇති කිරීමයි. එහි උපරිම මට්ටම ධ්‍යාන මට්ටමයි. මෙහිදී මමත්වය නැති වීමක් සිදු නොවේ. මෛත්‍රී භාවනවටද එය එලෙසමයි.
මමත්වය දුර්වල වීමට නම් විදර්ශනා භාවනාවක් වැඩිය යුතුය.

A. සමාධිභාවනාමයඤාණනිද්දෙසො.
https://pitaka.lk/main?n=541013

උදයබ්බයඤාණනිද්දෙසො.
https://pitaka.lk/main?n=541016

A. 2. සමථවිපස්සනාසුත්තං  2. සමථ විපස්සනා සූත්‍රය.
367 ‘‘අසඞ්ඛතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අසඞ්ඛතං? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඉදං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතං. කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? සමථො ච විපස්සනා ච. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ..... දුතියං.
367 “මහණෙනි, අසංඛතගාමි මාර්ගය කවරේද? මහණෙනි, (සමථ) සිත එකඟකිරීමද, (විපස්සනා) සිත පිරිසිදු කිරීමද අසංඛතගාමි මාර්ගයයි.
https://pitaka.lk/main/?n=24184



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll