947. පිනක් / කුසලයක් කියලා හිතාගෙන පවක් / අකුසලයක් කරොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පිනක් / කුසලයක් කියලා හිතාගෙන පවක් / අකුසලයක් කරොත්?
[If someone did a demeritorious deed / unwholesome act thinking that s/he was doing a meritorious deed / wholesome act, what would be the true outcome? (Will s/he gain merits or demerits?). Please kindly advise with dhamma sources. Thank you very much. Theruwan saranayi!]

A. “කුඩා දරුවෝ මාපියන්ට අත්පාවලින් පහරදෙත්, භික්ෂූන්ට තර්ජනය කරත්, ගල් විසිකරත්, බැණවදිත්, දෙන්නු භික්ෂු සංඝයා ලුහුබඳිත්, බල්ලෝ ලුහුබඳිත්, සපාකත්, සිංහව්‍යාඝ්‍රාදීහු ලුහුබඳිත්, දිවිතොර කරත්, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට අකුසල කර්‍මයක් වේයයි දතයුතුය.”

[“කුඩාදරුවෝ මාපියන් කළ දෙය කරමැයි චෛත්‍ය වඳිත්, මල් පුදත්, භික්ෂු සංඝයා වඳිත්, කුසලයයි නොදන්නාවූ ද ඔවුනට එය කුසලයක්ම වෙයි, එසේම මෘගපක්‍ෂි ආදී තිරිසන්නු ධර්‍මය අසති, සංඝයා වඳිති, සෑ වඳිති, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට එය කුසලයක්ම වෙයි, කුඩා දරුවෝ මාපියන්ට අත්පාවලින් පහරදෙත්, භික්ෂූන්ට තර්ජනය කරත්, ගල් විසිකරත්, බැණවදිත්, දෙන්නු භික්ෂු සංඝයා ලුහුබඳිත්, බල්ලෝ ලුහුබඳිත්, සපාකත්, සිංහව්‍යාඝ්‍රාදීහු ලුහුබඳිත්, දිවිතොර කරත්, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට අකුසල කර්‍මයක් වේයයි දතයුතුය.”]


"තත්‍ථ අසම‍්පජානකම‍්මං එවං වෙදිතබ‍්බං – දහරදාරකා “මාතාපිතූහි කතං කරොමා”ති චෙතියං වන්‍දන‍්ති, පුප‍්ඵපූජං කරොන‍්ති, භික‍්ඛුසඞ‍්ඝං වන්‍දන‍්ති, තෙසං කුසලන‍්ති අජානන‍්තානම‍්පි තං කුසලමෙව හොති. තථා මිගපක‍්ඛිආදයො තිරච‍්ඡානා ධම‍්මං සුණන‍්ති, සඞ‍්ඝං වන්‍දන‍්ති, චෙතියං වන්‍දන‍්ති, තෙසං ජානන‍්තානම‍්පි අජානන‍්තානම‍්පි තං කුසලමෙව හොති. දහරදාරකා පන මාතාපිතරො හත්‍ථපාදෙහි පහරන‍්ති, භික‍්ඛූනං තලසත‍්තිකං උග‍්ගිරන‍්ති, දණ‍්ඩං ඛිපන‍්ති, අක‍්කොසන‍්ති. ගාවියො භික‍්ඛුසඞ‍්ඝං අනුබන්‍ධන‍්ති, සුනඛා අනුබන්‍ධන‍්ති, ඩංසන‍්ති, සීහබ්‍යග‍්ඝාදයො අනුබන්‍ධන‍්ති, ජීවිතා වොරොපෙන‍්ති. තෙසං ජානන‍්තානම‍්පි අජානන‍්තානම‍්පි අකුසලකම‍්මං හොතීති වෙදිතබ‍්බං."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll