983. “කර්ම” සහ “කර්ම පථ” සමානයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. 1. කර්මපථ, ප්‍රතිසන්ධි කර්ම අනිවාර්‍යෙන් එක් වරක් හෝ ප්‍රතිසන්ධිය ලබා දෙනවද? 
2. ඒ කිවුවෙ අකුසල ප්‍රතිසන්ධි කර්මයක් කරපු කෙනෙක් ඒ නිසා අනිවාර්යෙන්ම දුගතියක උපදිනවද?

A. 1. (කුසල හෝ අකුසල) එක කර්ම පථයකින් ප්‍රතිසන්ධි 6ක් දෙන්න ඉඩකඩ හදනවා - ඒ හයෙන් එකක් ඊළඟ භවයේ දී, ප්‍රතිසන්ධි නොදුන්නොත් අය විපාක දෙන්නේ ම නෑ; අනිත් පහ නිවන් දකින තෙක් විපාක දෙන්න ඉඩ තියෙනවා.

2. නෑ - එත් අකුසල කර්ම පථයක් හෝ අකුසල කර්ම පථයක් කරන්න උපයෝගී කරගත්ත දෙයක් වගේ මැරෙන වෙලාවේ දී මතක් වුණොත් දුගතියේ යනවා. ඒ විතරක් නොවේ, අකුසල “කර්මයක්” හෝ ඒ කර්මය කරන්න උපයෝගී කරගත්ත දෙයක් වගේ මැරෙන වෙලාවේ දී මතක් වුණොත්, මැරෙන වේලාවේදී ඒක “කර්ම පථයක්” වෙලා දුගතියේ යනවා.

Q. බොහොම ස්තූතියි. මොන කර්මය උනත් මැරෙන වෙලාවෙදි මතක් උනොත් ඊට අනුව ප්‍රතිසන්ධිය දෙනවනෙ. එතකොට මට තේරෙන් නෑ මේ ප්‍රතිසන්ධි කර්ම වල විශේෂතාව මොකක්ද කියල. දෙකෙන්ම ප්‍රතිසන්ධි ඇති කරන්න පුලුවන්නෙ?

A. “ප්‍රතිසන්ධි කර්ම”වල බර වැඩියි; “අනික් කර්ම” විපාක නොදී තියෙන්නත් පුළුවන්.

අකුසල කර්ම - කර්ම නිමිති - ගති නිමිතිවලට අමතරව, මැරෙන වේලාවේදී “අනික් කර්ම”යක් “ප්‍රතිසන්ධි කර්ම”යක් (“අකුසල කර්ම පථයක්”) බවට පත් වුණොත් විතරයි එහෙම වෙන්නේ.
උදාහරණයක් විදිහට - “තව කෙනෙක්” ගැන හිතාගෙන ඉන්න එක “කර්ම පථයක්” නොවුණාට, මැරෙන වේලාවේදී “ඒ කෙනා” හෝ එයාගේ අඟ-පසඟ / උපකරණ මතක් වුණොත්, දැඩි ඇලීමක් (අභිද්‍යාව) හෝ “එයා”/ඒවා නැතිවෙන නිසා දැඩි තරහක් (ව්‍යාපාදය) හෝ “මම මැරිලා අය ඉපදෙන්නේ නෑ” වගේ දැඩි දෘෂ්ටියක් (මිථ්‍යාදෘෂ්ටිය) ආවොත් හරි, (ලෝභ-ද්වේෂ-මෝහ නිසා / ඇලීම්-ගැටීම්-මුලාවීම් නිසා,) දුගතියේ යන්න වෙනවා පිළිවෙළින් (දස අකුසල්වලින්) 8-9-10 “අකුසල කර්ම පථයක්” එවලේ දී (ඒ මැරෙන මොහොතේ දී) සිද්ධ වෙලා.

[කර්ම-කර්මපථය වගේම, කුසල-අකුසල, සුගති-දුගති වගේ වෙනත් පැතිත්, ඉහත පිළිතුරු අනුසාරයෙන් තව දුරටත් ගැඹුරින් විස්තරාත්මකව හිතා බලන්න!]

Q.  සාමාන්‍යෙන් ප්‍රතිසන්ධි කර්ම වලට ඇතුලත් වෙන්නෙ මොන වගේ කර්මද?

A. “කර්ම පථ” කියලා කියන්නේ ඔබ ඔය කියන “ප්‍රතිසන්ධි කර්ම” තමයි - දස කුසල්; දස අකුසල්; දස පුණ්‍යක්‍රියා.

[“අනික් කර්ම” = “කර්ම” 
“ප්‍රතිසන්ධි කර්ම” = “කර්ම පථ”]


T. "විපාක දීමේදී අදත්තාදානාදි අකුශල කර්ම පථ සත සිදු කිරීම් වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ. අඹු-දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුබල ය. ඒවායේ විපාක දීම ද අනියත ය. දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අකුසල සිත බලවත් ය. සසංඛාරික සිතට වඩා අසංඛාරික සිත බලවත් ය. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් ය."


T. "අනුන්ගේ වස්තුව කෙරෙහි පවත්නා තෘෂ්ණාව ආදිය වනාහී, චේතනාවේ උත්සාහ කිරීම් වශයෙන් සුචරිත දුෂ්චරිත ස්වභාවයෙන් යුක්ත වේ. චේතනාවෙන් හටගන්නා, එය සම්බන්ධ කරන ස්වභාවයෙන්, සුගති දුගතීන්හි හට ගන්නා සුඛදුක්ඛයෝ කර්ම පථයට පැමිණේ යැයි; එහිදී කර්ම පථ ස්වභාවයට පැමිණීම ප්‍රකට නො වේ. ඔවුහූම කර්ම පථ සමූහ භාවයෙන් කියන ලදී. නිත්‍ය ගමනයෙහි ඔවුන් සමග චේතනාවේ හටගැනීම නොකියන ලදී."

[T. අභිජ්ඣාදීනං - අනුන්ගේ වස්තුව කෙරෙහි පවත්නා තෘෂ්ණාව ආදිය, 
පන - වනාහී,
චෙතනාසමීහනභාවෙන - චේතනාවේ උත්සාහ කිරීම් වශයෙන්,
සුචරිතදුච්චරිතභාවො, -  සුචරිත දුෂ්චරිත ස්වභාවයෙන් යුක්ත වේ.
චෙතනාජනිත -  චේතනාවෙන් හටගන්නා,
තංබන්ධතිභාවෙන - එය සම්බන්ධ කරන ස්වභාවයෙන්,
සුගතිදුග්ගතිතදුප්පජ්ජනසුඛදුක්ඛානං - සුගති දුගතීන්හි හට ගන්නා සුඛදුක්ඛයෝ,
පථභාවො චාති - කර්ම පථයට පැමිණේ යැයි,
න තථා පාකටො කම්මපථභාවොති - එහිදී කර්ම පථ ස්වභාවයට පැමිණීම ප්‍රකට නො වේ.
තෙ එව කම්මපථරාසිභාවෙන වුත්තා. - ඔවුහූම කර්ම පථ සමූහ භාවයෙන් කියන ලදී.
අතථාජාතියත්තා වා චෙතනා තෙහි සද්ධිං න වුත්තා සියා. නිත්‍ය ගමනයෙහි ඔවුන් සමග චේතනාවේ හටගැනීම නොකියන ලදී.
Thanks to Subodha Himi.

“අභිජ්ඣාදීනං පන චෙතනාසමීහනභාවෙන සුචරිතදුච්චරිතභාවො, චෙතනාජනිතතංබන්ධතිභාවෙන සුගතිදුග්ගතිතදුප්පජ්ජනසුඛදුක්ඛානං පථභාවො චාති න තථා පාකටො කම්මපථභාවොති තෙ එව කම්මපථරාසිභාවෙන වුත්තා. අතථාජාතියත්තා වා චෙතනා තෙහි සද්ධිං න වුත්තා සියා.”


{"හෙට්ඨාහි කුසලෙසු කම්මත්තිකවසෙනෙව වඩ්ඪනං වුත්තං. නපන විසුං කම්මද්වාරවසෙන. කම්මත්තිකඤ්චනාම තිවිධ කම්මද්වාර වසෙනෙව සිද්ධන්ති. නනු අට්ඨකථායං යොහි කාමාවචරකුසලෙසු කම්මද්වාර කම්මපථ පුඤ්ඤක්‍රියාවත්ථුභෙදො වුත්තො. සො ඉධ නත්ථි. කස්මා. අවිඤ්ඤත්තිජනකතො අවිපාක ධම්මතො තථා අප්පවත්තියාචාති වුත්තන්ති. සච්චං. තත්ථ පන අවිඤ්ඤත්තිජනකතො කම්මද්වාර භෙදො ඉධ නත්ථීති එතෙන කායකම්මං වචීකම්මං මනොකම්මන්ති එවං භෙදස්ස අභාවං වදති. අවිපාකධම්මතො කම්මපථභෙදො ඉධ නත්ථීති එතෙන දසවිධස්ස කම්මපථභෙදස්ස අභාවං වදති. ඉධපන කුසලෙසුපි කම්මපථභෙදං අග්ගහෙත්වා තිවිධකම්මද්වාර භෙදභින්නං කම්මත්තිකමෙව ගහිතං. තඤ්ච විඤ්ඤත්ති සමුට්ඨාපනා භාවතො තිවිධකම්මද්වාරවසෙන නපවත්තන්තීති ඉමිනාව සිද්ධං. යදිච හෙට්ඨා කුසලෙසුපි දසවිධකම්මපථභෙදවසෙන විසුං වඩ්ඪනං වුත්තං සියා. එවංසති ඉධපි අවිපාකසභාවතො කම්මපථවසෙන නපවත්තන්තීති ඉදං වත්තබ්බමෙවාති.


අභිජ්ඣාදීනං පන චෙතනාසමීහනභාවෙන සුචරිතදුච්චරිතභාවො චෙතනාජනිතපිට්ඨිවට්ටකභාවෙන සුගතිදුග්ගතිතදුප්පජ්ජනකසුඛදුක්ඛානං පථභාවො චාති න තථා පාකටො කම්මපථභාවොති තෙයෙව තෙන සභාවෙන දස්සෙතුං අභිධම්මෙ චෙතනා කම්මපථරාසිභාවෙන න වුත්තා ¶, අතථාජාතියකත්තා වා චෙතනා තෙහි සද්ධිං න වුත්තාති දට්ඨබ්බං. මූලං පත්වාති මූලදෙසනං පත්වා, මූලසභාවෙසු ධම්මෙසු වුච්චමානෙසූති අත්ථො.

ථා ච පාතිමොක්ඛසංවරො සද්ධාය, එවං සතියා ඉන්ද්‍රියසංවරො සම්පාදෙතබ්බො. සතිසාධනො හි සො, සතියා අධිට්ඨිතානං ඉන්ද්‍රියානං අභිජ්ඣාදීහි අනන්වාස්සවනීයතො. තස්මා “වරං, භික්ඛවෙ, තත්තාය අයොසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය චක්ඛුන්ද්‍රියං සම්පලිමට්ඨං, න ත්වෙව චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු අනුබ්‍යඤ්ජනසො නිමිත්තග්ගාහො”ති (සං• නි• 4.235) ආදිනා නයෙන ආදිත්තපරියායං සමනුස්සරිත්වා රූපාදීසු විසයෙසු චක්ඛුද්වාරාදිපවත්තස්ස විඤ්ඤාණස්ස අභිජ්ඣාදීහි අන්වාස්සවනීයං නිමිත්තාදිග්ගාහං අසම්මුට්ඨාය සතියා නිසෙධෙන්තෙන එස සාධුකං සම්පාදෙතබ්බො. එවං අසම්පාදිතෙ හි එතස්මිං පාතිමොක්ඛසංවරසීලම්පි අනද්ධනියං හොති අචිරට්ඨිතිකං, අසංවිහිතසාඛාපරිවාරමිව සස්සං. හඤ්ඤතෙ චායං කිලෙසචොරෙහි, විවටද්වාරො විය ගාමො පරස්ස හාරීහි. චිත්තඤ්චස්ස රාගො සමතිවිජ්ඣති, දුච්ඡන්නමගාරං වුට්ඨි විය. වුත්තම්පි හෙතං –

යදි චෙතනාය සබ්බදා කම්මපථභාවාභාවතො අනියතො කම්මපථභාවොති කම්මපථරාසිම්හි අවචනං, නනු අභිජ්ඣාදීනම්පි කම්මපථං අප්පත්තානං අත්ථිතාය අනියතො කම්මපථභාවොති තෙසම්පි කම්මපථරාසියං අවචනං ආපජ්ජතීති? නාපජ්ජති, කම්මපථතාතංසභාගතාහි තෙසං තත්ථ වුත්තත්තා. යදි එවං චෙතනාපි තත්ථ වත්තබ්බා සියාති? සච්චමෙතං, සා පන පාණාතිපාතාදිකාති පාකටො තස්සා ¶ කම්මපථභාවොති න වුත්තං සියා. චෙතනාය හි “චෙතනාහං, භික්ඛවෙ, කම්මං වදාමි,”“තිවිධා, භික්ඛවෙ, කායසඤ්චෙතනා අකුසලං කායකම්ම”න්තිආදිවචනෙහි කම්මභාවො දීපිතො. කම්මංයෙව ච සුගතිදුග්ගතීනං තදුප්පජ්ජනසුඛදුක්ඛානඤ්ච පථභාවෙන පවත්තං කම්මපථොති වුච්චතීති පාකටො තස්සා කම්මපථභාවො. අභිජ්ඣාදීනං පන චෙතනාසමීහනභාවෙන සුචරිතදුච්චරිතභාවො, චෙතනාජනිතතංබන්ධතිභාවෙන සුගතිදුග්ගතිතදුප්පජ්ජනසුඛදුක්ඛානං පථභාවො චාති න තථා පාකටො කම්මපථභාවොති තෙ එව කම්මපථරාසිභාවෙන වුත්තා. අතථාජාතියත්තා වා චෙතනා තෙහි සද්ධිං න වුත්තා සියා. විචාරෙත්වා ගහෙතබ්බං."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll