269. ඔක්කොට ම පිස්සු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සබ්බේ පෘතජනා උන්මත්තකා ලෙසින් බුදුරජාණන් වහන්සේ වදාළේ කුමන කරුණක් පාදක කරගෙනද?

A. කොතනද උන්වහන්සේ එහෙම්ම ම (“සබ්බේ පෘතග්ජනා උම්මත්තකා” / “සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා විය දිස්සන්ති” කියලා) දේශනා කරලා තියෙන්නේ?

A / R. 6. “යං යස්ස පච්චයො හොති චෙව” යි යම් උපාදානයෙක් යම් භවයකට ප්‍ර‍ත්‍යය වේ නම් එයනුදු විනිශ්චය දතයුතු.

ප්‍ර‍ශ්න:- කවර උපාදානයෙක් කවර භවයකට ප්‍ර‍ත්‍යය වේ ද

පිළිතුරු:- යම්කිසි උපාදානයක් යම්කිසි කුශලයනට හෝ අකුශලයකට හෝ ප්‍ර‍ත්‍යය වේ මැයි.

ඒ මෙසේ යි:- පුහුදුන් තෙමේ උමතුවකු මෙනි. හෙතෙමේ මේ යුතු යැ. මේ අයුතුයැ යි නො විචාරා යම්කිසි උපාදානයක ගේ වශයෙන් යම්කිසි භවයක් පතා කාමාවචරාදි යම්කිසි කර්‍මයක් කෙරේ මැයි."

A / R. "යං යස්ස පච්චයො චෙවාති යඤ්චෙත්ථ උපාදානං යස්ස පච්චයො හොති, තතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයොති අත්ථො. කිං පනෙත්ථ කස්ස පච්චයො හොති? යංකිඤ්චි යස්ස කස්සචි පච්චයො හොතියෙව. උම්මත්තකො විය හි පුථුජ්ජනො. සො ඉදං යුත්තං ඉදං අයුත්තන්ති අවිචාරෙත්වා යස්ස කස්සචි උපාදානස්ස වසෙන යංකිඤ්චි භවං පත්ථෙත්වා යංකිඤ්චි කම්මං කරොතියෙව."

A.  "සියළු පෘතක්ජනයෝ උම්මත්තකයෝ" කියා කව්ද ඔබලාට මුසා දෙසුවේ....???

උම්‌මත්‌තකො විය හි පුථුජ්‌ජනො. සො ‘ඉදං යුත්‌තං, ඉදං අයුත්‌ත’න්‌ති අවිචාරෙත්‌වා යස්‌ස කස්‌සචි උපාදානස්‌ස වසෙන යං කිඤ්‌චි භවං පත්‌ථෙත්‌වා යං කිඤ්‌චි කම්‌මං කරොතියෙව
- සම්මොහවිනොදනී අට්ඨකථා PA46 139 පිටුව

පෘථග්ජනයා උන්මත්තකයෙක් මෙනි. ඔහු, මෙය යුතු ය, මේ යුතු නො වේ, යැයි නො විචාරා යම් කිසිවක් සම්බන්ධයෙන් උපාදාන වශයෙන් යම් කිසි භවයක් ප්‍රාර්ථනා කර යම් කිසි කර්මයක් කරයි' මෙනි. (කිරීම මෙනි)

‘‘දුවෙ පුථුජ්‌ජනා වුත්‌තා"
පෘථග්ජනයන් දෙදෙනෙක් ( ඇති බව ) ප්‍රකාශ කරන ලදී
"බුද්‌ධෙනාදිච්‌චබන්‌ධුනා"
ආදිච්ච බන්ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් ( සූර්ය දිව්‍ය රාජයාණන් වහන්සේ ගේ ඥාතියෙකු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් )
"අන්‌ධො පුථුජ්‌ජනො එකො"
එකෙක් අන්ධ පෘථග්ජනයා ය.
" කල්‍යාණෙකො පුථුජ්‌ජනො"
එකෙක් කල්‍යාන පෘථග්ජනයා ය
- සීලක්ඛන්ධවග්ග අට්ඨකථා
PA06 46 පිටුව...

" සියලු පෘතග්ජනයෝ උන්මත්තකයෝ ය " යනුවෙන් ප්‍රකාශයක් ත්‍රිපිටකයෙහි හෝ අට්ඨකතාවෙහි හමු නොවේ.
එසේ තිබුණා නම් එය " අන්ධ බාල සහ කල්‍යාණ වශයෙන් පෘතග්ජනයන් කොටස් දෙකකි " යන අට්ඨකථා පාඨයට වෙනස් අර්ථයක් ගෙන දෙයි. ත්‍රිපිටකයෙහි හෝ අට්ඨකථාවෙහි අර්ථ පටලවා නැත.
"සියලු පෘථග්ජනයෝ උන්මත්තකයෝ ය" යැයි සඳහන් වෙනවා නම් ;
මාර්ගඵල නො ලබපු සියලු බෞද්ධයෝ ද උන්මත්තකයෝ විය යුතුයි.
සියලු මහාබෝධිසත්වයෝද උන්මත්තකයෝ විය යුතුයි.
සියලු චූල බෝධිසත්වයෝද උන්මත්තකයෝ විය යුතුයි.
ඔවුන් තවම ආර්ය භාවයට පත්වී නැති බැවිනි.
මෙවැනි වැරදි ප්‍රකාශ බොහොමයක් සමාජ ගත වී තිබෙනවා. මූලාශ්‍රයක් නොමැතිවම.
" බුද්ධො විය මාතා" (මව බුදු රජාණන් වහන්සේ මෙනි)
" සියලු පෘතග්ජනයෝ උන්මත්තකයෝ ය "
" බුදු රජාණන් වහන්සේ දේශනා කළත් තමන් ට තේරෙන්නෙ නැත්නම් පිලිගන්න එපා "
" පසේ බුදුරජාණන් වහන්සේලාට ධර්මය දේශනා කරන්නට බැහැ "
" දෙවියන්ට පින් කරන්න බැහැ "
මෙවැනි ප්‍රකාශන වැරදිය.
ධර්මය කියාදුන් කල්‍යාණ මිත්‍රයානන්ගේ ප්‍රාර්ථනීය බෝධියට මේ පින අජානේය යානාවක් වේවා...!!!"

(https://pitaka.lk/?node=29257&coll=cs,aps)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll