800. බිරිඳ / සැමියා දරුවන් හැර දා, ධර්මයේ හැසිරෙමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මන් අහන්න යන ගැටලුව මගේ ප්‍රශ්නයක් නොවේ.නමුත් මෙය මට එකතරා ගැහැනු කෙනෙක් ඉතා දුක් බරව මගේ මවට කියනවා මන් අසන් සිටියා.. ඒ ගැහැනු කෙනා කිව්වේ ,එයාගේ ස්වාමියා ඇයවත් දරුවන් දෙදෙනා ගැන නොසොයා පින් දහම් වල පමනක් යෙදී සිටින බවයි..ඇයගේ ස්වාමියා මහත් වූ ධන සම්භාරයක් ඇති කෙනෙක් ඒ සියලු ධනය ඔහු වෙහෙර විහාර වලට හා දාන මාන පින්කම් වලට වියදම් කරන බව ඇය කියයි..ගෙදර කෑමට බීමටටවත් දරුවන්ගේ අවශ්‍යතාද ඉටු නොකරන බව ඇය දුක් මුසුව කියනවා මට ඇසුනා.එමෙන්ම ඇයගේ ලගටවත් දරුවන්ගේ ලගටවත් ඔහු නොපැමිනෙන බවද ඇය කිව්වා. මෙය ඇසුන මට මහත් වූ ගැටලුවක් ගොඩ නැගුනා.. පින් කිරීම ඉතා හොද දෙයක් මමත් ඉතා කැමති පින් කිරීමට නමුත් මෙවැනි සිද්දියකදී මට අර දරුවන් හා අර ගැහැනිය පිලිබඳව දුකක් ඇති උනා .. ඇයි ඔහු එසේ කරන්නේ කියා ප්‍රශ්නයක් ගොඩ නැගුනා.. එහෙම කරන එක, ලව්කික ජීවතයේ වගකීම පැහැර හරින එක හරිද . මට පහදා දෙන්න.

A. මෙය ද "ධර්මය වැරදි කොණෙන් අල්ලා ගැනීම" නිසා ඇති වූ තවත් එක් තත්ත්වයක් වන අතර, ලෞකික සබඳතා මැනවින් (සොඳුරු ලෙස) පවත්වමින් ම "නුවණින් / ප්‍රඥාවෙන්" ගිහි ජීවිතය තුළ ද මැනවින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට, "ධර්මය හරි කොණෙන් අල්ලා ගත්" නියම ප්‍රඥාවන්තයෙකු හට ලෙහෙසියෙන් ම පුළුවන.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll