05. පව් පිං විපාක දෙන්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q / R. "සත්ත්වයන් විසින් කරන කර්‍ම යම් කිසි තැනක රැස්වී පවතිනවා ද? එසේ නො පවතිනවා නම්, නැත්තා වූ අතීත කර්‍මවලින් විපාකයක් ඇති කරන්නේ කෙසේ ද?"

A / R. "සත්ත්වයන් කරන කුශලාකුශල කර්ම සංඛ්‍යාත චේතනාදි ධර්‍ම සිත හා ඉපද සිත සමග ම නිරුද්ධ වෙනවා මිස, යම් කිසි තැනක රැස් නො වේ. ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කල්හි මිස ගිනි නිවුන පසු ඇති නො වේ. එමෙන් ඇතැම් හේතූන් ගේ ඵලය හේතුව විද්‍යමාන කාලයෙහි ම මිස හේතුව නැති වූ පසු ඇති නො වේ. ඒ න්‍යාය අනුව නම් “නිරුද්ධ වූ කර්මයෙන් ඵලයක් ඇති වන්නේ කෙසේ ද?” යන ප්‍ර‍ශ්නය නැගිය යුතු ය. අඹ ඇටයක් රෝපණය කළ කල්හි අඹ ඵල ඇති වන්නේ රෝපණය කළ අඹ ඇටය දිරා විනාශ වී ගොස් බොහෝ කලක් ගත වූ පසුව ය. විද්‍යමාන අඹ ඇටයකින් කිසි කලෙක අඹ ඵලයක් හට නො ගනී. එමෙන් ඇතැම් හේතූන්ගෙන් ඵලය ඇති වන්නේ හේතුව නිරුද්ධ වී බොහෝ කලක් ගත වූ පසු ය. කර්මයත් ඒ ගණයට අයත් හේතුවකි. සියලු ම කර්මයන් තම තමන් ගේ විපාකය ඇති කරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුව ය. විද්‍යමාන කර්මයකින් කවර කලෙක වත් ඵලයක් ඇති නො වේ. විද්‍යමාන ක්ෂණයෙහි ඵලය ඇති නො කිරීම කර්මවල ස්වභාවය ය. ..."

A / R. "කුශල වූ අකුශල වූ හෝ ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් සත්ත්ව සන්තානයෙහි ඇතිවන්නා වූ එක් එක් චිත්ත වීථියක ජවන නම් වූ බලවත් සිත් සත බැගින් ඇති වේ. ඒවායින් පළමුවන ජවන චිත්තය දෘෂ්ට ධර්මවේද්‍ය කර්ම වේ. සත්වන ජවනය උපපද්‍ය වේද්‍ය කර්මය නම් වේ. මධ්‍යයේ ජවන පස අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්ම නම් වේ. එක් ජාතියක දී එක් පුද්ගලයකුගේ සන්තානයෙහි එබඳු කුශලාකුශල චිත්ත වීථි ගණනක් ඇති වේ. ඒවායේ ඇති ඒ ජාතියේ දී විපාක නුදුන් ප්‍ර‍ථම ජවන චේතනා සියල්ල ම මරණින් පසු අහෝසි කර්ම භාවයට පැමිණේ. එක් ජාතියක දී ඇති වන්නා වූ ඒ වීථිවල ඇති වූ සප්තම ජවන චේතනාවින් දෙවන ජාතියේ දී විපාක දීමට අවකාශය නො ලබන සියල්ල ම ද අහෝසි කර්ම වේ. ඉතිරි චේතනාවෝ නිවනට පැමිණෙන තුරු අහෝසි කර්ම නො වෙති. කල්ප ලක්ෂ ගණනක් ගත වූවාට පසු ව වුව ද අවකාශයක් පැමිණිය හොත් ඒවා විපාක දෙන්නේ ය."

Q. Api karana paw, pin kauruwath bala idala apita phala laba denawada, ehema nathnam ewa ape sithe sadahan wela ewata anuwa phala laba denawada?

A. Saralawama kiwwoth, api paw pin karana hema sithakatama adalawa, chethanawa anuwa "jawan sith" kiyala shakthi wisheshayak upadinawa, e shakthiya thamayi eka eka widihata morala apita "karma wipaka" labala denneth. Nethuwa kawuruth balagena indala karana deyak neweyi eka. "Chiththa Niyamaya" ha "Karma Niyamaya" anuwa siduwana swabhawika siddhi damayak.

A. "..., එකුන්‌ තිස්‌ (29) කාමාවචර කුසලාකුසල ක්‍රියා ජවන චිත්තයන්‌ අතුරෙන්‌ එක්‌ සිතක්‌ ජවන කෘත්‍ය සිද්ධ කරමින්‌, පිළිවෙලින්‌ සත්‌ වරක්‌ ඉපිද, ඒ අරමුණු රසය ආශ්වාදනයකොට, නිරුද්ධ වන්නේය.

චක්ඛු විඤ්ඤාණයෙන්‌ දක්නාලද රූපාරම්මණය ප්‍රිය මනාප වී නම්‌, වොට්ඨපන සිතින්‌ එම අරමුණ ඇලුම්‌ කටයුතු යයි නුනුවණින්‌ හෙවත්‌ අයොනිසො මනසිකාරයෙන්‌ නිශ්චය කළ කල්හි, ලෝභ මූල අකුසල ජවන්‌ අටෙන්‌ එකක්‌ උපදනේය.

අනිෂ්ටාරම්මණයක්‌ දැක, නුනුවණින්‌ යුක්කවැ, වොට්ඨපන සිතින්‌ කිපියයුතු යයි නිශ්චය කෙළේ වී නම්‌, දෝසමුල අකුසල ජවන්‌ දෙකෙන්‌ එකක්‌ උපදී.

ඉෂ්ට හෝ අනිෂ්ට හෝ අරමුණක්‌ දැක වොටඨපන සිතින්‌ මුළාවී නම්‌, මෝහමුල අකුසල ජවන්‌ දෙකෙන්‌ එකක්‌ උපදනේය.

වොට්ඨපන සිතින්‌, නුවණින්‌ යුක්තව, ඇතිසැටියෙන්‌ ආරම්මණය නිශ්චය කෙළේ වී නම්‌ හෝ, බුද්ධ දර්ශනාදී අති ඉෂ්ටාරම්මණයක්‌ හමුවී වොට්ඨපන චිත්තය කරණකොට ගෙණ පැහැදුණේ වී නම්‌ හෝ කාමාවචර කුසල්‌ ජවන්‌ අටෙන්‌ එකක්‌ හෝ රහතන්‌ වහන්සේ නම්‌ කාමාවචර ක්‍රියා ජවන්‌ නවයෙන්‌ (මහා ක්‍රියා අටත්‌ (8) හසිතුප්පාදයත්‌ යන නවය) එක්‌ සිතක්‌ හො ජවන්‌ වශයෙන්‌ උපදින්නේය. ජවනක්‌ෂණයෙහි ඇතිවන රඤ්ජන, දුස්සන, මුය්හන, පසාදන, විරමණ, උක්කණ්ඨන ආදිය කරණකොට ගෙන කුසලාකුසල භාවය හා ක්‍රියා භාවය ද සිදුවන බව දතයුතුයි.

මෙකී ජවන්‌ සිත්හි යෙදෙන චේතනා චෛතසිකය කර්ම යන නාමය ලබන්නේය. පඤ්චද්වාරික චිත්ත වීථින්හි ඇතිවන ජවන්‌ සිත්හි යෙදෙන චෙතනා චෛතසිකය කර්මපථ භාවයට නොපැමිණේ. එබැවින්‌ එයින්‌ ප්‍රවෘත්ති විපාක මිස පටිසන්ධි විපාක නොලබන්නේය. මෙම චක්ඛුද්වාරික චිත්ත වීථියේ අරමුණ අතීත වශයෙන්‌ එල්බ ගෙන මනොද්වාර චිත්තවීථි සතරක්‌ උපදිත්‌. ඔවුන්‌ අතුරෙන්‌ පළමුවෙනි, දෙවෙනි, තුන්වන මනොද්චාරික චිත්ත වීථීන්හි ලැබෙන ජවන්‌ එක්‌ විස්සෙහි (21) සම්ප්‍රයුක්ත චෙතනා එක්විස්ස ද (21) පෙර කී චෙතනා මෙන්ම ප්‍රවෘත්ති විපාක මිස, පටිසන්ධි විපාක ගෙන නොදෙන්නේය. අවසානයෙහි හටගන්නා අර්ථසාධක වූ, සතරවන මනොද්වාරික චිත්ත වීථියෙහි සම්ප්‍රයෝග වන චෙතනා කර්මපථ භාවය සිද්ධ කිරීමට සමත්‌ වේ. ඒ චෙතනා සතෙන්‌, පළමුවන ජවන්‌ සිතෙහි චෙතනාව දිට්ඨධම්ම වෙදනීය වශයෙන්‌ මෙලොවෙහි ද, සත්වන ජවනය හා යෙදුන චෙතනාව උපපද්‍යවේදනීය වශයෙන්‌ දෙවන ආත්ම භාවයෙහිද, මැද ජවන්‌ පස හා යෙදුන චෙතනා පස, ස්කන්ධ පරිනිර්වාණය දක්වා සසරදී අවකාශ ලත්‌ විටෙක, අපරාපර්ය වශයෙන්ද ප්‍රතිසන්ධි පසක්‌ හා ප්‍රවෘත්ති විපාක ද දෙන්නාහු වෙත්‌. එබැවින්‌ එක්‌ අරමුණක්‌ නිසා, ප්‍රත්‍යුත්පන්න අතීතාරම්මණ වශයෙන්‌ පඤ්චද්වාර, මනොද්වාරයන්හි හටගන්නා චිත්ත වීථි පසෙහි ජවන්‌ පන්තිසක්‌ (35) ඇතිවන බවත්‌, එයින්‌ එකුන්‌ තිසක්‌ (29) සමග යෙදෙන චෙතනා විසි නවය ප්‍රවෘත්ති විපාක පමණක්‌ දෙන බවත්‌, අවසාන අර්ථසාධක චිත්ත වීථියේ වූ අවසාන ජවන්‌ සයෙහි යෙදෙන චෙතනා සය ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක දෙකම ගෙනදෙන බවත්‌ දතයුතුයි. ජවන්‌ සිත්‌ නිරුද්ධ වූ පසු මේ චිත්තවීථීයෙහි දක්වන ලද තදාලම්බන කෘත්‍ය කරන්නාවූ සිත්‌ එකොළොසින්‌ එක්‌ සිතක්‌, ජවනයෙන්‌ අනුභවකොට ශෙෂවූ අරමුණු රසය විඳින්නාක්මෙන්‌ දෙවරක්‌ ඉපිද නිරුද්ධ වේ. මෙයින්‌ මේ සප්තරසායුෂ්ක හෙවක්‌ සතළොස්‌ චිත්තක්ෂණයෙකින්‌ යුක්ත චක්ඛුද්වාර චිත්ත වීථිය අවසන්‌ වේ. අති ඉෂ්ටාරම්මණයක්‌ ලැබුනේ වීනම්‌ සොම්නස්‌ තදාලම්බන පසෙන්‌ එකක්‌ ලැබෙන්නේය. ඉෂ්ට‌ මධ්‍යස්ථ අරමුණක්‌ නම්‌ කුසල විපාක උපෙක්ඛා සහගත තදාලම්බන පසෙන්‌ එකක්‌ ලැබෙන්නේය. අනිෂ්ට අරමුණක්‌ නම්‌ අකුසල විපාක තදාලම්බණය ඇති වන්නේය."

R. http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=1

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll